මාධ්‍ය නිවේදනයයි: ප්‍රතිසංස්කරණක්‍රියාත්මකයි! ඔවුන්කම්කරුහිතකාමීනොවේ!

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළියේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් දැනට පවතින කම්කරු නීති රෙජීමය ප්‍රතිසංස්කරණය කිරීමේ කරුණු 11කින් යුතු න්‍යාය පත්‍රයක් ඉදිරිපත් කර ඇති අතර එමඟින් බල තුලනය තවදුරටත් සේවා යෝජකයන්ට වාසිදායක ලෙස නැඹුරු කිරීමට යෝජනා කරයි. නානායක්‍කාරගේ යෝජනා වලින් මෙතෙක් විස්තීරණව ඉදිරිපත් කල ඒවා ද දනාත්මකව බලන කල අවිනිශ්චිත හා නොසැලකිය හැකි දල සටහන් වන අතර, එසේ නැතහොත්, විධිමත් අංශයේ වැඩකරන ජනතාවගේ සාමූහික ශක්තිය දුබල කිරීමට හිතාමතා ගත් පියවරක් පෙන්වයි. “අපට තවමත් තිබෙන්නේ පෞරාණික කම්කරු නීති, ආයෝජකයින් ඉවතට හරවන කම්කරු නීතියක්” යනුවෙන් නානායක්කාර ඉදිරිපත් කරමින් ලබා දෙන පෙරවදනින් එම පණිවිඩය පැහැදිලිය.

විශේෂයෙන්ම ශ්‍රම බලකාය බෙදීම්කරණය කිරීම, විධිමත් කොන්ත්‍රාත් ශ්‍රමය බාහිරින් ලබා දීම සහ අනියම්කරණය කිරීම සහ වෙනත් බල රහිත කිරීමේ ක්‍රියාමාර්.ග  හරහා මෙම ආන්ඩුව පෙර රජය මෙන් කම්කරු අයිතීන් හෑල්ලුවට ලක් කරන ආකාරය කරුණු 11කින් සමන්විත වැඩසටහන මගින් අවධාරණය කෙරේ. මෙම භාවිතයන් දැන් ක්‍රියාත්මක වේ, නමුත් විධිමත් නොවේ. කොවිඩ් අර්බුදය තුළ කම්කරුවන් දැඩි ලෙස පීඩාවට පත් වූ ආකාරය අපි දුටුවෙමු. ඔවුන්ගේ රැකියා අහිමි වී, අතරමං වූ අතර අනාරක්ෂිත වටපිටාවන්හී වැඩ කිරීමට ඔවුන්ට සිදු විය. ශ්‍රමය අනියම් කිරීම දිගු කලක් තිස්සේ ක්‍රියාත්මකව පැවතුනි. යෝජිත ප්‍රතිසංස්කරණ හරහා මෙම තත්ත්වය විධිමත් වනු ඇත. ආයෝජකයින්ට පක්ෂ පෞරාණික කම්කරු නීති වලින් අදහස් කරන්නේ එක් දෙයක් පමණි. ආරක්ශිත සේවාස්තානයක් සඳහා සේවකයාට ඇති අයිතිය සහ, වැදගත් ලෙස, රැකියා සුරක්ෂිතතාවයට ඇයට තරමක්වත් තිබූ අයිතිය බිඳ දැමීමයි. එසේම, මෙම ප්‍රතිසංස්කරණවලින් අදහස් වන්නේ, මේ වන විටත් ආරක්ෂාව අඩු සහ අඩු රැකියා සුරක්ෂිතභාවයක් ඇති අවිධිමත් අංශයේ අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ගේ ශ්‍රමය විශාල ලෙස සූරාකෑමයි. ඔවුන්ගේ සාමූහික ශක්තිය විශාල ලෙස ඛාදනය වනු ඇත. ඇත්ත වශයෙන්ම, සාමූහික ශක්තියක් නොපවතිනු ඇත. නානායක්කාර විසින් යෝජනා කරන ලද නව නීති සහ ක්‍රියාමාර්.ග තුලින් මෙය විසඳීමට නොහැකි වනු ඇත.

කම්කරු නීති හෑල්ලුවට ලක් කිරීමෙන් රජය බලාපොරොත්තු වන්නේ අයෝජකයින් ආකර්ෂණය කර ආර්ථිකය නැංවීමයි. එය අනාගත ආයෝජකයින් වෙනුවෙන් කරන ලද මාර්ග සංදර්ශනයකි. එහෙත් කනගාටුදායක ලෙස පාලන තන්ත්‍රයට ආර්ථික යථාර්ථයන් පිලිබඳ අවබෝධයක් නැත. ගෝලීය වශයෙන් ආර්ථික අවපාතයක් පවතී. 2022 සහ 2023 වසර තුළ අපේ ආර්ථිකය අටෙන් එකකින් හැකිලී ගියේය. ආර්ථික අර්බුදයට හේතුව කම්කරු නීති නොවන අතර ඒවා ප්‍රතිසංස්කරණය කිරීම විසඳුම නොවේ. ආර්ථිකය අඛණ්ඩව කඩා වැටීමේ තත්වයක පවතිනුයේ දුෂ්කරතා, රැකියා උත්පාදන ප්‍රතිපත්ති නොමැතිකම සහ වැඩකරන ජනතාවට ප්‍රමාණවත් සමාජ ආරක්ෂණය සහ සහන නොලැබීම නිසාය. අවසානයේදී අපට ඉතිරි වනු ඇත්තේ සේවක අයිතීන් ආපසු හැරවිය නොහැකි ලෙස හෑල්ලුවට ලක් කිරීමකි.

කම්කරුවන්ගේ අයිතිවාසිකම්වලට තර්ජනයක්! ආණ්ඩුවේ මේ ක්‍රියාමාර්ගවලට අපි රටක් විදියට විරෝධය පළ කරනවා. අද කම්කරු නීති ප්‍රතිසංස්කරණ එපා!

රැස්වීම් තොරතුරු:

2023 ජුනි 17 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී

කථිකයන්: මහාචාර්ය ශාමලා කුමාර් (පේරාදෙණිය විශ්වවිද්‍යාලය)

ස්වස්තිකා ආරුලිංගම් (සභාපති, වාණිජ හා කම්කරු සංගමය, සහ නීතිඥ)

බී. ස්ඛණ්දකුමාර් (සමාජ විද්‍යාඥයින්ගේ සංගමය)

සංවිධායකයින්: කුප්පි සාමූහිකය, නීතිය සහ සමාජ භාරය, සමාජ විද්‍යාඥයින්ගේ සංගමය, තරුණ පර්යේෂකයන්ගේ ජාලය