පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ:කුමන අරමුණක් සඳහාද? රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රකාශය

රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ප්‍රතිසංස්කරණය කිරීම, ජාතික ජන බලවේගය ආණ්ඩුවේ එක් මූලික ප්‍රයත්නයකි. බලයට පැමිණි විගසම රජය, පාසල් අධ්‍යාපනයට වඩාත් පරිවර්තනීය වෙනස්කම් සිදු කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළේය. අධ්‍යාපනය සඳහා වෙන්කරන අරමුදල් ප්‍රමාණය දළ දේශයී නිෂ්පාදිතයෙන් 2% දක්වා වැඩි කර ඇත (2023 වර්ෂයේදී මෙය 1.8% ක්ව පැවතියේය). මෙම වැඩිකිරීම් ප්‍රමාණවත් නොවුණත්, රජය, යටිතල පහසුකම් ගොඩනැඟීමට, වැඩිපුර ගුරුවරුන් බඳවා ගැනීමට, පාසල්වල පහසුකම් වැඩි කිරීමට සහතික වී ඇති අතර, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදිසි අවශ්‍යතාවයක් ලෙස හඳුනා ගන්නා ලදි. මේවා සාධනීය පියවර වෙයි. ඒ කෙසේ වෙතත්, දැනට ක්‍රියාත්මක වෙමින් පවතින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ දැඩි අවධානයක් යොමුවිය යුතු බව අපගේ අදහසයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා රජයේ ඉක්මන් ප්‍රවේශය විනිවිදභාවයේ තොර අතර, මහජන ප්‍රවිචාරණයෙන් තොරය. 2026 ජනවාරි වෙනුවෙන් සැලසුම්ගත කරන ලද ප්‍රතිසංස්කරණ, 2025 ජුලි මස ප්‍රකාශයට පත් වෙයි. 2025 අගෝස්තු මස, නිලනොවන මුලාශ්‍ර සහිත පවර්පොයින්ට් ස්ලයිඩ් කිහිපයක් සංසරණය වීම ඇරඹිණි. “ලංකාවේ පාසල් අධ්‍යාපනය පරිණාමය කිරීම 2025”‍ නමින්, මේ පිළිබඳ නිල ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් වන්නේ, මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට මාස තුනකට පෙර, එනම් 2025 නොවැම්බර් මාසයේදීය. අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රතිසංස්කරණ පිළිබඳව රැස්වීම් මාලාවක් පැවැත්වූවත්, ඒ වන විට මොඩියුල ලියා, ප්‍රකාශයට පත් කර, ගුරු පුහුණුව ද ආරම්භ කොට හමාරය.

නව පාසල් අධ්‍යාපන ප්‍රතිපත්තියේ සංකල්පීමය ප්‍රවේශය සහ අන්තර්ගතය එකිනෙකට ගැළපෙන්නේ නැත . විෂය නිර්දේශ ප්‍රතිසංස්කරණ වලින්, “විචාරාත්මක චින්තනය,”‍ “බහුවිධ බුද්ධීන්,”‍ “මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාවන්හි සමාජ හා දේශපාලනකි වටිනාකම පිළිබඳ ගැඹුරු අවබෝධය,”‍ ප්‍රවර්ධනය කිරීම සහ “සමානාත්මතාවය, ඇතුළත් කිරීම සහ සමාජ යුක්තියේ වටිනාකම්,‘ ප්‍රවර්ධනය කිරීම අරමුණු කරන බව පැවසෙයි (9 පිටුව). එහෙත් නව විෂය නිර්දේශය සමාජ විද්‍යා සහ මානව ශාස්ත්‍ර කෙරෙහි අවම අවධානයක් යොමු කරන අතර, විචාරාත්මක චින්තනයට අඩු කාලයක් වෙන් කරන අතර, සමාජ යුක්තියට නැඹුරු පුරවැසියන් බිහි කිරීමට අඩු ප්‍රයත්නයක් දරයි. පරිසරය, ඉතිහාසය සහ පුරවැසි අධ්‍යයනය වැනි විෂයයන් ප්‍රාථමික මට්ටමින් බැහැර කර ඇති අතර, කනිෂ්ඨ ද්විතීයික මට්ටමේදී පුරවැසි අධ්‍යයනය සහ ඉතිහාසය සඳහා වෙන් කර ඇත්තේ වාරයකට පැය 10 සහ 20 කාලයක් පමණි. ”‍අත්‍යවශ්‍ය විෂය”‍ සංඛ්‍යාව 15 දක්වා වැඩි කිරීම මගින් ගණිතය සහ භාෂාව වැනි මූලික විෂය ඉගෙන ගැනීම සඳහා වෙන් කෙරෙන පැය ගණන සීමා වේ; එම මට්ටමේදී ගණිතය සහ මව් භාෂාව සඳහා වාරයකට වෙන්කොට ඇති පැය ගණන 30 ක් පමණි. ජනවාර්ගික සහජීවනය ආමන්ත්‍රණය කිරීමට රජය පොරොන්දු වී තිබියදීත්, දෙවන ජාතික භාෂාව සහ රටේ ගැටුම් වලින් පිරුණු ඉතිහාසය ඉගෙනීමට තවමත් ප්‍රමුඛතාවයක් බවට පත්ව නොමැත. දැන් අත්‍යවශ්‍ය විෂයයක් වන ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය සඳහා වෙන්කොට ඇති කාලය දෙවන ජාතික භාෂාව, භූගෝල විද්‍යාව සහ පුරවැසි අධ්‍යයනය කාලය සමඟ සමපාත වේ. ජ්‍යෙෂඨ් ද්විතීයික මට්ටමේදී (සා/පෙළ), සමාජ විද්‍යාවන් සහ මානව ශාස්ත්‍ර යනු වරණාත්මක විෂයයන් පමණි. සිය අරමුණු ලෙස දක්වා ඇති දේ සාධනය කරගැනීම සඳහා රජය අවංකවම කැපවී සිටින්නේ නම්, එක් එක් ශ්‍රේණියේ උගන්වනු ලබන විෂයන් එක් එක් ශ්‍රේණියට වෙන් කරන කාලය, විවිධ මට්ටම් හරහා ඒවායේ ප්‍රගතිය සහ සමස්ත විෂය මාලාවේ ඒවායේ බර පිළිබඳව බැරෑරුම් ලෙස නැවත සිතා බැලිය යුතුය.

ප්‍රතිසංස්කරණවල ධනාත්මක අංගයක් වන්නේ වෘත්තීය පුහුණුවට ලබා දී ඇති වැදගත්කමයි. විෂය කරුණු කෙරෙහි ඇති උනන්දුව, ඉගෙනුම් විලාස හෝ ඔවුන්ගේ අදාළ අවශ්‍යතා අනුව සිසුන් තුළ ඇති වෙනස්කම් හඳුනාගෙන එම විවිධ අවශ්‍යතා සපුරාලන විෂය නිර්දේශයක් මගින් අධ්‍යාපනය වඩාත් බහුත්වවාදී වී, ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී වනු ඇත. කෙසේ වෙතත්, මෙම සිසුන්ගේ මෙම වෙනස්කම් ආමන්ත්‍රණය කිරීම, පරිස්සමෙන් සිදුකළ යුතු අතර, එය වෘත්තීය පුහුණුව පමණක් නොව, විෂය මාලාවේ සියලු‍ අංශවලින් පිළිබිඹු විය යුතුය. නිදසුනක් වශයෙන්, ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසය සහ සුළුතර සහ ආන්තික ප්‍රජාවන්ගේ ඉතිහාස ඇතුළුව ඉතිහාසයේ විවිධ ආඛ්‍යාන ඉතිහාස විෂය නිර්දේශයෙන් පිළිබිඹු කෙරෙයිද? පෙළපොත්වල නිරූපණය කර ඇති පවුල් ව්‍යුහයන්, න්‍යෂ්ටික පවුල පිළිබඳ සාම්ප්‍රදායික සංකල්පවලින් ඔබ්බට යයිද? මෙම කරුණු ආමන්ත්‍රණය කිරීම තුළින් සිසුන්ට විෂය නිර්දේශ තමාව නියෝජනය වන බව දැනෙන අතර, ඒකාකෘති සහ අසාධාරණ බාධකවලින් සීමා නොවූ ආකාරයෙන් ඔවුන්ගේ පාසල් කාලය ගත කිරීමට හැකි වෙයි.

ජාතික අධ්‍යාපන ආයතනයේ වෙබ් අඩවියේ 6 ශ්‍රේණියේ මොඩියුල සඳහා වන පෙළපොත් බරපතළ විමර්ශනයකට භාජනය වී ඇතිබවක් පෙනෙන්නේ නැත. ඒවායේ මුද්‍රණ දෝෂ බහුල අතර, කෘතීම බුද්ධියෙන් නිර්මාණය කරන ලද (ඒ බව දක්වා නොමැත) අන්තර්ගතයන්ගෙන් සමන්විතය. මේවා සිසුන්ගේ එදිනෙදා අත්දැකීම් වලින් දුරස්ථ බව පෙනී යයි. සමහර පෙළපොත්වල සදොස් හෝ නොමඟ යවන තොරතුරු අඩංගු වේ. ගෝලීය අධ්‍යයන පෙළපොත තුළ සමහර මුහුණේ ලක්ෂණ, හිස කෙස් වර්ණ සහ සමේ පැහැයන් යම් යම් රටවල් සහ කලාප සමඟ සම්බන්ධ කරන අතර, ආදිවාසී ජන කණ්ඩායම් හැඳින්වීමේදී, ඔවුන් විසින් බොහෝ කලකට පෙර විරෝධය දැක්වූ භාෂා භාවිත දැකිය හැකිය (උදා: “පිග්මි,”‍ “එස්කිමෝ”‍). නයිජීරියානුවන් දුප්පත්/කෘෂිකාර්මික සහ විදුලිය නොමැති ප්‍රජාවක් ලෙස නිරුපණය කොට ඇත. ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතා පෙළපොත සිසුන්ට හඳුන්වා දෙන “ලෝක ප්‍රසිද්ධ ව්‍යවසායකයින්”‍ අතර බොහෝ කොටම සිටින්නේ පුරුෂයින්ය. එමෙන්ම මේ පාඩම්, සාර්ථකවීම සහ ව්‍යාපාරික ඥානය එකක් ලෙස අරුත් ගන්වයි. මෙම අන්තර්ගතය තුළින් සමානතාව, සියලු‍ දෙනා නියෝජනය කිරීම සහ සමාජ සාධාරණත්වය (9 පිටුව) වෙනුවෙන් කැපවන බවට වන ප්‍රතිපත්තිය උල්ලංඝණය වෙයි. අපේ පෙළ පොත්වලින් අප බලාපොරොත්තු වන්නේ මෙවන්නක්ද?

9 ශ්‍රේණිය අවසානයේ යෝජනා කර ඇති “වෘත්තීය අභිලාශ පරීක්ෂණය”‍ ඉතා ප්‍රශ්නකාරීය. ද්විතීයික අධ්‍යාපනයෙන් ඔබ්බට ඇති වෘත්තීය මාර්ග, නිසි ලෙස සංවර්ධනය වී නොපවතින තත්වයක් තුළ, වයස අවුරුදු දාහතරේදී දරුවන්ව ඔවුන්ගේ වෘත්තීය මාර්ග තෝරා ගැනීමට යොමු කිරීම නුසුදුසු ය. ශ්‍රී ලංකාවේ වෘත්තීන් අතර ඇති ධූරාවලිගත ස්වභාවය සලකා බලන විට, වෘත්තීය මාර්ග තෝරාගැනීමට බලපාන අධ්‍යාපනික තේරීම් කිරීමට ඉල්ලා සිටීමට පෙර, ඔවුන් කැමති දේ ගවේෂණය කිරීමට ප්‍රමාණවත් කාලයක් සිසුන්ට ලබා දිය යුතුය. තවද, සිසුන් ඔවුන්ගේ දෙමව්පියන්ගේ වෘත්තීන් හෝ ආර්ථික තත්ව හේතුවෙන් යම් යම් අධ්‍යයන මාර්ගවල ස්ථානගත නොකිරීම සහතික කිරීමට අවශ්‍ය පරිදි වෘත්තී ඒකාකෘතිකරණයට එරෙහිව විෂය නිර්දේශ සකස්කළ යුතුය; සිසුන් වෘත්තීන් පිළිබඳ ස්ත්‍රී පුරුෂ භාවීමය කියවීම් වලින් සීමා නොවීමද වැදගත් වේ.

මොඩියුල තුළ ඩිජිටල් සාක්ෂරතාවය සහ නව සන්නිවේදන තාක්ෂණයන්ට නිරාවරණය වීම දිරිමත් කරයි. මතුපිටින් බැලූවිට මෙම මුලපිරීම ප්‍රගතිශීලී හා කාලෝචිත බව පෙනේ. කෙසේ වෙතත්, ඩිජිටල් තාක්ෂණය විචාරයකින් තොරව වැළඳ ගැනීමට ප්‍රථම, ඒ හා බැඳුනු විවිධ කරුණු සළකා බැලිය යුතුය: එනම්, ප්‍රවේශය, අන්තර්ගතයෙහි ප්‍රමිතිය, සහ එක් එක් වයස් කාණ්ඩ වලට සුදුසු බව ඒ අතර ප්‍රධාන වේ. සන්නිවේදන තාක්ෂණයන් සදාචාරාත්මකව සහ වගකීමෙන් යුතුව භාවිතා කරන්නේ කෙසේදැයි සැම ගුරුවරයෙකුටම අවබෝධයක් නොමැත. බොහෝ පාසල්වල මූලික යටිතල පහසුකම් පවා නොමැති බැවින්, ඩිජිටල් තාක්‍ෂණය මඟින් ඇතිකරන පරතරය තීව්‍ර විය හැකිය. සියලු‍ම සිසුන්ට ඩිජිටල් උපාංග ලබා දෙන්නේ කෙසේද යන ප්‍රශ්නය පැන නඟින අතර, එය නිසැකවම දෙමාපියන්ගේ කර මත පැටවෙනු ඇත. පහසුකම් අඩු හා වැඩි පාසල් අතර ඩිජිටල් සාක්ෂරතාවයට මෙන්ම අධ්‍යාපනයට ප්‍රවේශ වීමේ පරතරය මෙම ගැටළු විසින් පුළුල් කරනු ඇත.

පාසල් විෂය නිර්දේශ සංකල්පීකරණය, සංවර්ධනය, ලේඛනගත කිරීම සහ විමර්ශනය කිරීම ජාතික අධ්‍යාපන ආයතනයේ වගකීමකි. රටේ සාමාන්‍ය අධ්‍යාපන පද්ධතියට සහාය වීම සඳහා මෙම ආයතනය පිහිටුවන ලද නමුත්, වර්තමානයේ එය අඩු පහසුකම් සහ අඩු කාර්ය මණ්ඩලයක් සහිත ආයතනයක් බවට පත්ව තිබේ. විෂයමාලා සහ පෙළපොත් ලිවීම, සංවර්ධනය කිරීම සහ විමර්ශනය කිරීම සඳහා අවශ්‍ය අත්දැකීම් සහ ප්‍රවීණත්වය ආයතනයට නොමැති වීමද ගැටළුවකි. ජාතික අධ්‍යාපන ආයතනයේ ව්‍යුහය සහ කාර්ය වපසරිය නැවත විමර්ශනය කොට සවිබල ගැන්වීම අවශ්‍ය බව දැන් වනවිට පැහැදිලිව තිබේ.

මෙම ගැටළු හමුවේ, 6 ශ්‍රේණිය සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම 2027 දක්වා කල් දැමීමට මෑතකදී ගත් කැබිනට් තීරණය සාදරයෙන් පිළිගනිමු. යෝජිත සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරුද්ධව, දේශපාලන පක්ෂ සහ ගුරු සහ ශිෂ්‍ය සංගම්වල ප්‍රතිචාර බොහෝ කොටම සෘණාත්මක ය. ඉන් සමහරක් ක්‍රියාවලියේ විනිවිදභාවය සහ උපදේශනය නොමැතිකම ටත්, තවත් සමහරක් අන්තර්ගතයේ ගුණාත්මකභාවය සහ සාරය පිළිබඳ ගැටළු වලටත් අවධානය යොමුකොට තිබීම තේරුම්ගත හැකිය. එහෙත් මේ සමහරක් ප්‍රතිචාර තුළම අධ්‍යාපන ඇමැතිවරියට එරෙහිව ඉතා ගැටළු සහගත ස්ත්‍රී විරෝධී ප්‍රහාර ද ඇතුළත් වේ. කෙසේ වෙතත්, නව විෂය නිර්දේශයේ ගැටළු අප දකින්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහ රාජ්‍ය යාන්ත්‍රණය පීඩාවට පත් කරන දිගුකාලීන සහ පද්ධතිමය ගැටළු වල පිළිබිඹුවක් වශයෙනි. ඒවා පැරණි විෂය නිර්දේශයේ ඇති දෝෂ සහ බෙහෙවින් සැක සහිත අන්තර්ගතයෙන් වෙන්ව දැකිය නොහැක; එසේම එම පැරණි විෂය නිර්දේශයද වසර ගණනාවක් අධ්‍යාපනයට අරමුදල් අඩු කිරීමේ, බාහිර අරමුදල් සපයන ආයතන වල කොන්දේසි වලට යටත් වීමේ සහ එම නිසාම රාජ්‍ය ආයතන ඛාදනය වීමේ ප්‍රතිඵලයකි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ භාරව සිටින ජාතික ජන බලවේග රජය අධ්‍යාපනය සඳහා ප්‍රතිසංස්කරණ සඳහා ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් අනුගමනය කරනු ඇති බවටත්, පෙර ප්‍රතිසංස්කරණ වලදී නොසලකා හරින ලද ගැටළු කෙරෙහි අවධානය යොමු කරනු ඇති බවටත් අපේක්ෂාවක් අපට තිබුණි.

මෙම සලකා බැලීම් මනසේ තබාගෙන පහත අත්සන් කර ඇති අපි රජයෙන් වහාම ඉල්ලා සිටින්නේ:

  1. ප්‍රාථමික මට්ටම ඇතුළු නව විෂය නිර්දේශය ක්‍රියාත්මක කිරීම කල් දමා සමස්තයක් ලෙස විෂය නිර්දේශ විමර්ශනය කිරීම.
  2. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රට පුරා රැස්වීම් පැවැත්වීමට සහ මෙතැන් සිට විනිවිද භාවයෙන් යුතු ප්‍රවිචාරණ ක්‍රියාවලියක් අනුගමනය කිරීම.
  3. රාජ්‍යයේ වඩා පුළුල් අධ්‍යාපන ආයතනික ව්‍යුහයට සාපේක්ෂව ජාතික අධ්‍යාපන ආයතනයේ කාර්ය වපසරිය විමර්ශනය කිරීමට යාන්ත්‍රණයක් සකස් කිරීම සහ එහි විවිධ කොටස් අතර සම්බන්ධීකරණය ඉහළ නැංවීම.
  4. ජාතික අධ්‍යාපන ආයතනයේ කාර්ය වපසරිය විමර්ශනය කිරීම සහ විෂය නිර්දේශ සකස් කිරීමෙහිලා එහි ධාරිතාව වර්ධනය කිරීමග ඒ සඳහා විවෘත හා විනිවිද පෙනෙන ක්‍රියාවලියක් හරහා බාහිර විද්වතුන් පත් කිරීම වැනි ක්‍රියාවලීන් තුළින් ජාතික අධ්‍යාපන ආයතනයේ ධාරිතාවය ශක්තිමත් කිරීම සඳහා යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම වැනි ක්‍රියාමාර්ග ගත හැකිය.
  5. නව ප්‍රතිපත්තිය සහ විෂයමාලාව සජීවී ලේඛන ලෙස සලකා ප්‍රතිපත්ති සම්පාදනයේ සහ විෂයමාලා සංවර්ධනයේ දී එකඟතාවයක් ගොඩනැගීම සඳහා අවකාශයක් නිර්මාණය කිරීම මඟින් ඒ විෂයමාලාව ප්‍රතිපත්ති සමඟ පෙළගැස්වීම සහතික කිරීම.
  6. සියලුම ප්‍රජාවන්ට අයත් ලේඛක සහ විමර්ශකයින් ආරම්භයේ සිටම පරීක්ෂා කිරීමේ සහ සංශෝධන කිරීමේ ක්‍රියාවලියට සහභාගී විය හැකි වන පරිදි, භාෂා විෂයයන් හැර අනෙකුත් සියලුම පෙළපොත් මුල් අවධියේදී සිංහල සහ දෙමළ යන භාෂා දෙකෙන්ම කෙටුම්පත් ආකාරයෙන් පළ වන බව සහතික කිරීම.
  7. සම්පත් විෂමතා, ගුරු පුහුණු අවශ්‍යතා සහ ශිෂ්‍ය අවශ්‍යතා වැනි ක්‍ෂේත්‍ර ක්‍රියාත්මක කිරීමේදී සහ අනාගත සංවර්ධනයේදී ඇතිවන දුෂක්රතා ආමන්ත්‍රණය කිරීම සඳහා සැළැස්මක් සකස් කිරීම.

A.M. Navaratna Bandara, formerly, University of Peradeniya

Ahilan Kadirgamar, University of Jaffna

Ahilan Packiyanathan, University of Jaffna

Arumugam Saravanabawan, University of Jaffna

Aruni Samarakoon, University of Ruhuna

Ayomi Irugalbandara, The Open University of Sri Lanka.

Buddhima Padmasiri, The Open University of Sri Lanka

Camena Guneratne, The Open University of Sri Lanka

Charudaththe B.Illangasinghe, University of the Visual & Performing Arts

Chulani Kodikara, formerly, University of Colombo

Chulantha Jayawardena, University of Moratuwa

Dayani Gunathilaka, formerly, Uva Wellassa University of Sri Lanka

Dayapala Thiranagama, formerly, University of Kelaniya

Dhanuka Bandara, University of Jaffna

Dinali Fernando, University of Kelaniya

Erandika de Silva, formerly, University of Jaffna

G.Thirukkumaran, University of Jaffna

Gameela Samarasinghe, University of Colombo

Gayathri M. Hewagama, University of Peradeniya

Geethika Dharmasinghe, University of Colombo 

F. H. Abdul Rauf, South Eastern University of Sri Lanka

H. Sriyananda, Emeritus Professor, The Open University of Sri Lanka

Hasini Lecamwasam, University of Peradeniya

(Rev.) J.C. Paul Rohan, University of Jaffna

James Robinson, University of Jaffna

Kanapathy Gajapathy, University of Jaffna

Kanishka Werawella, University of Colombo

Kasun Gajasinghe, formerly, University of Peradeniya

Kaushalya Herath, formerly, University of Moratuwa

Kaushalya Perera, University of Colombo

Kethakie Nagahawatte, formerly, University of Colombo

Krishan Siriwardhana, University of Colombo

Krishmi Abesinghe Mallawa Arachchige, formerly, University of Peradeniya

L. Raguram, University of Jaffna

Liyanage Amarakeerthi, University of Peradeniya

Madhara Karunarathne, University of Peradeniya

Madushani Randeniya, University of Peradeniya

Mahendran Thiruvarangan, University of Jaffna

Manikya Kodithuwakku, The Open University of Sri Lanka

Muttukrishna Sarvananthan, University of Jaffna

Nadeesh de Silva, The Open University of Sri Lanka

Nath Gunawardena, University of Colombo

Nicola Perera, University of Colombo

Nimal Savitri Kumar, Emeritus Professor, University of Peradeniya

Nira Wickramasinghe, formerly, University of Colombo

Nirmal Ranjith Dewasiri, University of Colombo

P. Iyngaran, University of Jaffna

Pathujan Srinagaruban, University of Jaffna

Pavithra Ekanayake, University of Peradeniya

Piyanjali de Zoysa, University of Colombo

Prabha Manuratne, University of Kelaniya

Pradeep Peiris, University of Colombo

Pradeepa Korale-Gedara, formerly, University of Peradeniya

Prageeth R. Weerathunga, Rajarata University of Sri Lanka

Priyantha Fonseka, University of Peradeniya

Rajendra Surenthirakumaran, University of Jaffna

Ramesh Ramasamy, University of Peradeniya

Ramila Usoof, University of Peradeniya

Ramya Kumar, University of Jaffna

Rivindu de Zoysa, University of Colombo

Rukshaan Ibrahim, formerly, University of Jaffna 

Rumala Morel,  University of Peradeniya

Rupika S. Rajakaruna, University of Peradeniya

S. Jeevasuthan, University of Jaffna

S. Rajashanthan, University of Jaffna 

S. Vijayakumar, University of Jaffna

Sabreena Niles, University of Kelaniya

Sanjayan Rajasingham, University of Jaffna

Sarala Emmanuel, The Open University of Sri Lanka

Sasinindu Patabendige, formerly, University of Jaffna

Savitri Goonesekere, Emeritus Professor, University of Colombo

Selvaraj Vishvika, University of Peradeniya

Shamala Kumar, University of Peradeniya

Sivamohan Sumathy, formerly, University of Peradeniya

Sivagnanam Jeyasankar, Eastern University Sri Lanka

Sivanandam Sivasegaram, formerly, University of Peradeniya

Sudesh Mantillake, University of Peradeniya

Suhanya Aravinthon, University of Jaffna

Sumedha Madawala, University of Peradeniya

Tasneem Hamead, formerly, University of Colombo.

Thamotharampillai Sanathanan, University of Jaffna

Tharakabhanu de Alwis, University of Peradeniya 

Tharmarajah Manoranjan, University of Jaffna 

Thavachchelvi Rasan, University of Jaffna

Thirunavukkarasu Vigneswaran, University of Jaffna

Timaandra Wijesuriya, University of Jaffna

Udari Abeyasinghe, University of Peradeniya

Unnathi Samaraweera, University of Colombo

Vasanthi Thevanesam, Professor Emeritus, University of Peradeniya

Vathilingam Vijayabaskar, University of Jaffna

Vihanga Perera, University of Sri Jayewardenepura

Vijaya Kumar, Emeritus Professor, University of Peradeniya

Viraji Jayaweera, University of Peradeniya Yathursha Ulakentheran, formerly, University of Jaffna

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *