අපගේ පශ්චාත් යටත් විජිත ඉතිහාසය තුළ මෙතෙක් සිදු නොවූ සිදුවීම් අපි අද අත්විඳිමින් සිටිමු. ප්රජාතන්ත්රවාදී උද්යෝගයේ අපූර්වත්වය පෙන්වමින් සිය දහස් ගණන් ජනයා විදී බැස ඇත. වෙනසක් සඳහා වන මේ ඉල්ලීම වඩාත් ප්‍රබල සහ දර්ශනීය වෙයි. ඔවුන් මෙහෙයවනු ලබන්නේ කුඩා ප්‍රභූ කන්ඩායමක් කෙරෙහි වන කෝපයයි – ඒ රාජපක්ෂවරුන්ය. රාජපක්ෂවරුන්, පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත තම සහචරයින් සහ ගජ මිතුරන් මෙන්ම ව්‍යාපාරික ප්‍රභූ පැලැන්තිය සමඟ එක්වී දේශපාලන අධිරාජ්‍යයක් ගොඩනගා ඇත. රටේ ජනාධිපතිවරයාට “ගෙදර යන” ලෙස ඉල්ලීම් කරමින් ජනතාව පාරට බැස ඇත්තේ, පසුගිය දශක කිහිපය තුළ රට අත්විඳි දරුණුතම ආර්ථික දුෂ්කරතාවලින් එකක් මේ මොහොතේ දිගහැරී ඇති බැවිනි.
මෙම වෙනස සඳහා වන ඉල්ලීම් බලයේ සිටින ආණ්ඩුවට පමණක් නොව, ආණ්ඩුකරණයේ ස්වරූපයන් කෙරෙහිද වෙයි. විරෝධතාකරුවන් විසින් දුෂ්කර ප්‍රශ්න අසනු ලබයි: ආර්ථික ප්‍රතිපත්ති, අධිකරණයේ ක්‍රියාකාරිත්වය, විවිධ ප්‍රජාවන් අතර සබඳතා ආදිය ප්‍රධාන වෙයි. ජනතාවට අවශ්‍ය වන්නේ මිල අඩුකිරීම් සහ තම පවුලට ප්‍රමාණවත් පරිදි ආහාර, ඖෂධ, කිරිපිටි, විදුලිය, ගෑස් සහ ලිපි ද්‍රව්‍ය වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමේ හැකියාවයි. පර්යන්තයේ ප්‍රජාවන්ට අවශ්‍ය රටේ සොරකම් කළ ධනය ඔවුන් වෙත ආපසු ලබා දී බෙදා හැරීමය; බෙදුම්වාදී ජනවාර්ගික හා ආගම් පදනම් කරගත් දේශපාලනය අවසන් කිරීමට සහ අතීත උල්ලංඝනය කිරීම් පිළිගෙන ඒවා පිලිබඳ වගවීම බොහෝ දෙනෙකුගේ ඉල්ලීමයි. ඒකාධිපතිවාදයෙන් තොර රටක් වෙනුවෙන් ජනතාව එකමුතු වී සිටිති. ආර්ථික, දේශපාලන සමාජීය සහ ස්ත්‍රී පුරුෂ සමාජීය සාධාරණත්වය ඉල්ලා සිටින සටන් පාඨවල විවිධත්වයට සවන්දී ඒවාට ආමන්ත්‍රණය කළ යුතුය.
දැඩි ලෙස ණයගැති ආන්ඩුවට අත්‍යාවශ්‍ය ආනයනයන් ජනතාවට සහතික කිරීමට නොහැකි වීම නිසා ආර්ථික අර්බුදය උග්‍ර වූයේ විරෝධතා අවුලුමිනි. ආහාර, ඖෂධ, ඉන්ධන සහ විදුලිය කෙරෙහි බලපෑ හිඟය සහ අධික මිල ඉහළ යෑම් මගින් මහත් දුක් ගැහැට ඇතිවිය. බලපෑම වඩාත් දරුණු වන්නේ කම්කරු පන්තියට, විශේෂයෙන්ම පීඩිත පංතියට, අඩු වරප්‍රසාද ලත්, සහ ආන්තික පුද්ගලයන්ට සහ ප්රජාවන්ටයි; වසංගතය මගින් ඔවුන්ගේ තත්වය වෙන කවරදාකටත් වඩා අස්ථිර කර ඇත.
අනුප්‍රාප්තික ආණ්ඩුවල අධිපතිවාදී ප්‍රතිපත්ති විසින් ඇතිකරනලද වත්මන් අර්බුධයේ මුලාරම්භය දේශපාලනික වෙයි. එවන් අධිපතිවාදී පාලනයක් දශක ගණනාවක් තිස්සේ සිංහල බෞද්ධ බහුතර බලමුලු ගැන්වීම් හරහා තහවුරු කර ඇති අතර, එය ඉතා මෑතක දී මුස්ලිම්වරුන්ට ආදාහනය කිරීම අනිවාර්ය කිරීම හරහා පිළිබිඹු විය. මෙම මතය ගොඩ නඟා ඇත්තේ, මහජනතාවගේ අවශ්‍යතා වලින් හුදකළා වූ ප්‍රබල, වෘත්තික සහ මිලිටරි පිරිමින් විසින් මග පෙන්විය යුතු බව කියන යාන්ත්‍රණ හරහාය. බහුත්වවාදය සඳහා කුඩා ඉඩක් පමණක් ඇති එවැනි මතවාද, පර්යන්තවල සිටින මිනිසුන්ට වෙනස් කොට සලකයි. එහි ප්‍රතිඵලයක් ලෙස මිලිටරිකරණය, අසමානතාවය සහ අයුක්තිය ඉහළ ගොස් ඇත. එය සාමූහික ප්රජාතන්ත්රවාදී ක්‍රියාකාරිත්වය සඳහා ඇති අවකාශ පටු කර ඇති අතර, ඒ වෙනුවට අනුග්‍රාහක සහ මධ්‍යගත අධිකාරියේ සංස්කෘතියක් වලංගු කර ඇත.
දුක්ඛිතභාවය සමනය කිරීම සඳහා හදිසි සහන අවශ්‍ය වෙයි. ඒ සඳහා මේ මොහොතේ යෝජනා කරන විසඳුම් විසින් අර්බුධය තවත් උඝ්ර නොකළ යුතුය. විසඳුම ලෙස බොහෝ දුරට ඉදිරිපත් වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීමයි: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පරමාදර්ශී විසඳුම ලෙස දකින නව ලිබරල් ආර්ථික සම්මුතිය දේශපාලන වර්ණාවලිය පුරා විහිද ඇත. කෙසේ වෙතත්, මෙම අර්බුදය කරා අපව තල්ලු කරනු ලැබුවේ දශක ගණනාවක නව ලිබරල් ප්‍රතිපත්ති විසිනි. නව ලිබරල්වාදය, සමාජ අවශ්‍යතා අභිබවා ගිය පුද්ගලික දේපල අයිතීන් සහ නිදහස් වෙළඳපොල ආරක්ෂා කරන ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කරයි. ගෝලීය වශයෙන්, ප්‍රවාහනය, සෞඛ්‍ය සහ අධ්‍යාපනය වැනි සමාජ සේවා ජාවාරම් සහ පුද්ගලික ලාභ සඳහා අවකාශයන් බවට පත් වී ඇති අතර රජයන් මෙම නව ලිබරල් ක්‍රියාවලියේ පහසුකම් සපයන්නන් බවට පරිවර්තනය කර ඇත. රාජ්‍ය තවදුරටත් මහජනතාවට සේවා සැපයීම අපේක්ෂා නොකරන අතර තවදුරටත් එවැනි සේවා මහජනතාවට අයත් නොවේ. එහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය භූමිකාව දුර්වල වී ඇති අතර අප වෙළෙඳ පොළේ වෙනස්වීම්වල වින්දිතයින් බවට පත්ව ඇත. සමාජ සුබසාධනය සඳහා වන වියදම් කප්පාදු කිරීම සහ සමාජ ආරක්ෂණ ජාල ඛාදනය වීම අප විසින් දැක ඇත. නියාමනය ඉවත් කිරීම සහ පෞද්ගලීකරණය සාමාන්‍ය ධර්මතාව බවට පත්ව ඇත. අද අපි දේශීය නිෂ්පාදනය සහ ස්වයංපෝෂිතභාවය වර්ධනය කිරීම වෙනුවට සූරාකෑමට ලක්වන විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සහ අධික ජාත්‍යන්තර ණය මත විශ්වාසය තබමු. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීමකදී අප ඉහත කරුණු මතක තබා ගත යුතුය.
ආර්ථික අර්බුදය කෙටිකාලීනව විසඳීමේ ආකාරයක් ලෙස දුක් විඳින ජනතාවට කඩිනම් සහන සැලසීමට ප්‍රතිපාදන සලසා දිය යුතුය. නැවත බෙදාහැරීම සහ වැඩි සමානාත්මතාව සඳහා යොමු වූ දේපල සහ වාහන සඳහා ධන බද්දක් ඇතුළුව අනුක්‍රම අයබදුකරණයක් අප ඉල්ලා සිටිය යුතුය. ආරක්ෂක අංශය වෙනුවෙන් වෙන්කර ඇති අරමුදල් සැලකිය යුතු ලෙස අඩු කළ යුතු අතර සෞඛ්‍ය, අධ්‍යාපනය, විදුලිය, ජලය සහ ප්‍රවාහනය ඇතුළු මූලික මහජන සේවාවන් ශක්තිමත් කිරීම සඳහා රජය විසින් අරමුදල් සැපයිය යුතු බව අපි අවධාරණය කරමු. ඉඩම් නොමැති අයට නිවාස, කෘෂිකර්මය සහ අනෙකුත් ආර්ථික කටයුතු සඳහා ඉඩම් ලබාදිය යුතුයි.
දිගු කාලීනව ව්‍යුහාත්මක වෙනස්කම් සඳහා බල කරමින් තිරසාර දේශපාලන ක්‍රියාමාර්ගයක් බවට අප මෙම ප්රජාතන්ත්රවාදී මොහොත පුළුල් කර සංයුක්ත කළ යුතුය. මහජන ආරක්ෂක ආඥාපනත, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඇතුළු දරුණු නීති අහෝසි කළ යුතුය. මිලිටරි වියදම් කපා හැරීම, හමුදාව සතු ඉඩම් නිදහස් කිරීම සහ හමුදාව බැරැක්කවලට සීමා කිරීම මගින් නිර්-මිලිටරිකරණය සිදුකළ යුතුය. කේන්ද්‍රයේ සිට පරිධිය දක්වා බලය බෙදා හැරීම අවශ්‍ය වේ. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ගෙන එනලද, කේන්ද්‍රය තුළ බලය සංකේන්ද්‍රණය කරන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු ය. ඒ වෙනුවට අපි, විනිශ්චය සභා, ස්වාධීන කොමිෂන් සභා සහ ස්වාධීන අධිකරණ වැනි යාන්ත්‍රණ හරහා විනිවිදභාවය සහ බහුත්වවාදය පෝෂණය කළ යුතුය .
ජනතාවක් වශයෙන් අපි මේ ඓතිහාසික මොහොතේ සහයෝගීතාව ඉල්ලා සිටිමු! අප සියලු දෙනාගේ යුක්ති සහගත සහ ප්රජාතන්ත්රවාදී අනාගතය උදෙසා කම්කරුවන්, වෘත්තීය සමිති, කාන්තා කණ්ඩායම්, සියලුම ආන්තික සහ වරප්‍රසාද අහිමි වූ ප්රජාවන්ගෙන් යුක්ත ජන ව්‍යාපාරයක් අපි විසින් පණගන්වන්නෙමු.
අත්සන් කළේ:
1. Ruchini Abayakoon, McMaster University, Ontario, Canada
2. Udari Abeyasinghe, University of Peradeniya
3. Asha L. Abeyasekera, Royal Holloway, University of London
4. Asanka Abeyratne, Social Activist
5. Sachini Abeysekara, Brock University
6. Mohamed Adamaly, Attorney at Law
7. S.L. Usman Akeel, Daily Ceylon
8. Indi Akurugoda, University of Ruhuna
9. Ashwini Amarasinghe , University of Peradeniya
10. M. A. M. S. Anaf, Kalmunai
11. Shani Anuradha, University of Peradeniya
12. Nalin Galkanda Arachchi, University of Vocational Technology, Ratmalana
13. S. Arivalzahan, University of Jaffna
14. Swasthika Arulingam, Attorney at Law
15. Odayan Arumugam, Trainer/Community Activist, Colombo
16. Mohamed Ashfaque, Akkaraipattu
17. A. N. Ashiq, Karaithivu
18. Dhilma Atapattu, University of Peradeniya
19. Fazeeha Azmi, University Of Peradeniya
20. Crystal Baines, Ph.D. Candidate, Kandy
21. Dhanuka Bandara, Miami University of Ohio
22. Sumudu Bandara, University of Peradeniya
23. Bisliya Bhutto, Human Rights Activist
24. Rudhramoorthy Cheran, University of Windsor
25. A.S.Chandrabose, Open University of Sri Lanka
26. Sasindi Chandrasekara
27. Visakesa Chandrasekaram, University of Colombo
28. Kaveesha Coswatte, APIIT Law School
29. Chamalee Ahangama Dayarathna, Counselor
30. Ruwanthie de Chickera, Playwright
31. Jan Ramesh de Saram, Colomboscope
32. Erandika de Silva, University of Jaffna
33. Marisa de Silva, Colombo
34. Mithma De Silva, University of Peradeniya
35. Priyanka de Silva, University of Peradeniya
36. Sulari de Silva, University of Moratuwa
37. Hiranyada Dewasiri; Uva Wellassa University of Sri Lanka
38. Nirmal Ranjith Dewasiri, University of Colombo
39. Janaranga Wijaindu Dewasurandra, The Family Planning Association of Sri Lanka
40. Kaushini Dammalage, Independent Researcher
41. Kanchuka Dharmasiri, University of Peradeniya
42. Chirath Dharmasena
43. Visakha Dharmadasa, AWAW
44. Shanka Dharmapala, independent researcher
45. Malaka Dewapriya, Filmmaker and Visual Artist
46. Priyan Dias, University of Moratuwa
47. Migara Doss, Attorney at Law
48. Ruwanthi Edirisinghe, City University of New York
49. Sarala Emmanuel Feminist Activist Batticaloa
50. Sandya Ekneligoda, Social Activist
51. Diroshan Fernando
52. Sasindi Fernando, student
53. Amal Fernando, Kandy
54. Avanka Fernando, University of Colombo
55. Corita Fernando, Washington State University
56. Bhavani Fonseka, Attorney-at-Law
57. Gnanabalan Gnanalosan, Point Pedro, Jaffna
58. Mario Gomez, International Centre for Ethnic Studies
59. Thilanka Gunaratne, University of Peradeniya
60. Lesley Gunasekara, Independent Researcher
61. Ranmini Gunawardena, University of the Visual and Performing Arts
62. Dileni Gunewardena, University of Peradeniya
63. Camena Guneratne, Open University of Sri Lanka
64. Ashika Gunasena, Independent practitioner
65. Tasneem Hamead, Colombo
66. Azkha Hassen, Al Gazzaly NS
67. Farzana Haniffa, University of Colombo
68. Hasna Hasbullah, undergraduate, University of Jaffna
69. Jafar Hasbullah, University of British Columbia
70. Samal Hemachandra, University of Colombo
71. Dhammika Herath, University of Peradeniya
72. Himansa Herath
73. Siri Hettige, University of Colombo
74. Rajan Hoole, Jaffna
75. J. S. Ishie, Ministry of Health
76. J. Prince Jeyadevan, University of Jaffna
77. K.W. Janaranjana, editor, Anidda newspaper
78. Velayudan Jayachithra, Senior Project Officer, Women and Media Collective
79. Sumedha Jayakody, Independent Researcher
80. Pamoda Jayasundara, University of Peradeniya
81. Gehan Jayasuriya, University of Peradeniya
82. Shakila Jayathilaka
83. Barana Jayawardana, University of Peradeniya
84. Chulantha Jayawardena, Univ. Of Moratuwa
85. Janaki Jayawardena, University of Colombo
86. Uthpala Jayawardena, The Open University of Sri Lanka
87. Pavithra Jayawardena, University of Colombo
88. Ahilan Kadirgamar, University of Jaffna
89. Sakuntala Kadirgamar, Law and Society Trust
90. Akhila Kahandagama, Concerned citizen
91. Anushka Kahandagamage, University of Otago
92. Pavithra Kailasapathy, University of Colombo
93. Saman M Kariyakarawana, University of The Visual and Performing Arts
94. Thisal Kaluarachchi, University of Moratuwa
95. Maduranga Kalugampitiya, University of Peradeniya
96. Anuruddha Karunarathna, University of Peradeniya
97. Ransi Karunarathna, Sri Lanka Press Institute
98. Inoka Karunaratne, University of Peradeniya
99. Amal Karunaratna, Retired from the University of Adelaide
100. Apsara Karunaratne, independent researcher
101. Charuka Karunarathne
102. Inoka Karunaratne, University of Peradeniya
103. Ransi Karunarathna, Sri Lanka Press Institute
104. Portia Kemps, University of Peradeniya
105. Thamali Kithsiri, University of Peradeniya
106. Chulani Kodikara, University of Edinburgh
107. Manikya Kodithuwakku, Open University of Sri Lanka
108. Sandamali Kottachchi, Attorney-at-law
109. Mahaluxmy Kurushanthan, Mannar Women’s Development Federation.
110. Pradeepa Korale Gedara, University of Peradeniya
111. Chamali S. Kulathunga, University of Peradeniya
112. Ramya Kumar, University of Jaffna
113. Shamala Kumar, University of Peradeniya
114. Vijaya Kumar, University of Peradeniya
115. Amal Kumarage, University of Moratuwa
116. Radha Kuruwitabandara, Attorney-at-Law
117. A.H. Lareena, Lecturer
118. Hasini Lecamwasam, University of Peradeniya
119. Menaka Lecamwasam, Independent researcher
120. C. Liyanage, Attorney-at-law
121. Saumya Liyanage, University of the Visual and Performing Arts
122. Mary Caroline Lurthunayaham, Wellawatta
123. Gunasingarajah Maheshwaralingam, University of Jaffna
124. Sudesh Mantillake, University of Peradeniya
125. Prabha Manuratne, University of Kelaniya
126. Ruvinie Machado, Colombo
127. Dulanjaya Mahagamage, Kandy
128. Tharinda Mallawaarachchi – University of Colombo
129. Anton Marcus, Joint Secretary, Free Trade Zones and General Services Employees’ Union
130. Kalindu Matharage, Independent
131. Sumudu Himesha Medawela, University of Peradeniya
132. Mahim Mendis, The Open University of Sri Lanka
133. Navindu Mendis, National Christian Evangelical Alliance of Sri Lanka
134. Juweriya Mohideen, Muslim Women’s Development Trust, Puttalam
135. Alikhan Mohideen, University of Peradeniya
136. Sakina Moinudeen, Colombo
137. S.P.Mohan, Heart’s Organisation Upcot
138. Rumala Morel, University of Peradeniya
139. Chathurika Munasinghe, University of Peradeniya
140. Thaha Muzammil, Free Media Movement
141. Kethakie Nagahawatte, University of Colombo
142. Amizhthini Nakkeeran, Aze IT Consultancy (pvt) Ltd, Jaffna
143. S. Narththanah, Rajarata University of Sri Lanka
144. Pavithra Navarathne, Attorney-at-Law
145. Pamod Nayanapiya
146. Ammaarah Nilafdeen, Independent Researcher
147. Abeysinghe Navaratne-Bandara, Retd. University of Peradeniya
148. Sabreena Niles, University of Kelaniya
149. Hasanthi Niriella
150. M. A. Nuhman, Retd. Univ. Of Peradeniya
151. Ranjini Obeyesekere Formerly Princeton University and University of Peradeniya
152. Upali Pannilage, University of Ruhuna
153. Sasinindu Patabendige, University of Jaffna
154. Muditha Pathirana, Independent Researcher
155. Nirmala Perera
156. Oshada Perera, Kandy
157. Paba Piyarathne
158. Srinagaruban Pathujan, University of Jaffna
159. Eshantha Peiris, University of Peradeniya
160. Pradeep Peiris, University of Colombo
161. Sanjeeva Pieris
162. Kaushalya Perera, University of Colombo
163. Kusal Perera, Political commentator, Journalist
164. Nicola Perera, University of Colombo
165. Nirmala Perera
166. Tania Perera, Colombo
167. Amalka Pinidiyaarachchi, University of Peradeniya
168. Dimagi Pitawala, University of Peradeniya
169. Ven. Fr. Samuel Ponniah, Church of Ceylon
170. Padma Poshpakanthi, Savisthri National Women’s Movement/ Women Acton for Social Justice
171. N. W. Prins, University of Ruhuna
172. Angel Queentus, Jaffna Transgender Network
173. Mirak Raheem, Independent Researcher
174. S. Rajadurai, University of Colombo
175. Chandi Rajapaksha, University of Peradeniya
176. Maheema Rajapakse, APIIT
177. Selvaraja Rajasegar, editor, maatram.org
178. Shafiya Rafaithu, Independent Researcher
179. Rupika Rajakaruna, University of Peradeniya
180. Vasuki Rajasingam, Jaffna
181. Sampath Rajapakshe, Lecturer
182. Tharsiga Ramanaaharan, Jaffna
183. Ramesh Ramasamy, University of Peradeniya
184. Harshana Rambukwella, Open University of Sri Lanka
185. Kanchana Virajani Ranaraja, Kandy
186. Piyumani Ranasinghe, Attorney-at-Law
187. Rajitha Ranasinghe, University of Peradeniya
188. Menaka Rathnayaka, University of Peradeniya
189. Sriyani Ranatunga, Research Assistant, University of Peradeniya
190. Dilini Ratnayaka, University of Peradeniya
191. Rev. M. V. E. Ravichandran, University of Jaffna
192. Ramzy Razeek, Social Activist
193. Rasma Razmi, University of Peradeniya
194. Stephini Sahid, Secondary School Teacher, Kandy
195. T. H. Rasika Samanmalee, University of Colombo
196. Aruni Samarakoon, University of Ruhuna
197. Dinesha Samararatne, University of Colombo
198. Gameela Samarasinghe, University of Colombo
199. Ganganee Samaraweera, University of Ruhuna
200. Unnathi Samaraweera, University of Colombo
201. Shreen Abdul Saroor, Women’s Action Network
202. Kalana Senaratne – University of Peradeniya
203. Hiniduma Sunil Senevi, Sabaragamuwa University of Sri Lanka, Belihuloya
204. Sharmila Seyyid, Author and Researcher
205. Tudor Silva, University of Peradeniya
206. Shashik Silva, Independent Researcher
207. Vanie Simon, Affected Women’s Forum, Akkaraipattu
208. Krishan Siriwardhana , University of Colombo
209. Dr. K. Sivaji, University of Jaffna
210. Ratnasingam Sharveswara, University of Jaffna
211. S. Sivagurunathan, Interpreter and translator
212. N. Sivakaran, University of Jaffna
213. Gopikha Sivakumar, Undergraduate, University of Jaffna
214. Sumathy Sivamohan, University of Peradeniya
215. Taniya Silvapulle, Social Scientists’ Association
216. S. Sivasegaram, retired University of Peradeniya
217. Gnani Somasundaram, Lanka Hospitals
218. M. Sooriasegaram, Jaffna
219. H. Sriyananda, The Open University of Sri Lanka
220. Ermiza Tegal, Attorney-at-Law
221. Dayapala Thiranagama, formerly University of Kelaniya
222. Mahendran Thiruvarangan, University of Jaffna
223. Darshi Thoradeniya, University of Colombo
224. Yathursha Ulakentheran, Independent Researcher
225. Ramila Usoof, University of Peradeniya
226. Nimali Vineeshiya, PGIHS, University of Peradeniya
227. Chethiya Waththuhewa, University of Peradeniya
228. Manisha Weeraddana , University of Peradeniya
229. Ishan Weerapura, Social Scientists’ Association
230. Dasuni Weerasinghe, Attorney-at-law
231. Devaka Weerasinghe, Colombo
232. Ruvan Weerasinghe, University of Colombo
233. Shiran Harsha Widanapathirana, APIIT
234. Amali Wedagedera, University of Hawaii
235. Poornima Weerasinghe
236. John Wesley, University of Peradeniya
237. Carmen S. Wickramagamage, University of Peradeniya
238. W. Namal M. Wickramasekera, University of Colombo
239. Maithree Wickramasinghe, University of Kelaniya
240. Upul Wickramasinghe, University of Durham
241. Priyan R. Wijebandara, Journalist
242. Gayatri Wijekoon, University Lecturer
243. Ranjit Wijekoon, Colombo
244. Asanka Wijesinghe, Economics researcher
245. Maneesha Wijesundara, University of Peradeniya (former student)
246. Dinuka Wijetunga, University of Colombo
247. Roshani Wijewardene
248. Shermal Wijewardene, University of Colombo
249. Apsara Wimalasiri, Colombo
250. Lareef Zubair, Independent Researcher