වත්මන් ප්‍රජාතන්ත්‍රවාදී මොහොත: එක්සත්ව සිතා බැලීම සහ නැඟී සිටීම සඳහා කෙරෙන ඉල්ලීමයි

අපගේ පශ්චාත් යටත් විජිත ඉතිහාසය තුළ මෙතෙක් සිදු නොවූ සිදුවීම් අපි අද අත්විඳිමින් සිටිමු. ප්‍රජාතන්ත්‍රවාදී උද්යෝගයේ අපූර්වත්වය පෙන්වමින් සිය දහස් ගණන් ජනයා විදී බැස ඇත.  වෙනසක් සඳහා වන මේ ඉල්ලීම වඩාත් ප්‍රබල සහ දර්ශනීය වෙයි. ඔවුන් මෙහෙයවනු ලබන්නේ කුඩා ප්‍රභූ කන්ඩායමක් කෙරෙහි වන කෝපයයි – ඒ රාජපක්ෂවරුන්ය. රාජපක්ෂවරුන්, පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත තම සහචරයින් සහ ගජ මිතුරන් මෙන්ම ව්‍යාපාරික ප්‍රභූ පැලැන්තිය  සමඟ එක්වී දේශපාලන අධිරාජ්‍යයක් ගොඩනගා ඇත. රටේ ජනාධිපතිවරයාට “ගෙදර යන” ලෙස ඉල්ලීම් කරමින් ජනතාව පාරට බැස ඇත්තේ, පසුගිය දශක කිහිපය තුළ රට අත්විඳි දරුණුතම ආර්ථික දුෂ්කරතාවලින් එකක් මේ මොහොතේ දිගහැරී ඇති බැවිනි.

මෙම වෙනස සඳහා වන ඉල්ලීම් බලයේ සිටින ආණ්ඩුවට පමණක් නොව, ආණ්ඩුකරණයේ ස්වරූපයන් කෙරෙහිද වෙයි. විරෝධතාකරුවන් විසින් දුෂ්කර ප්‍රශ්න අසනු ලබයි: ආර්ථික ප්‍රතිපත්ති, අධිකරණයේ ක්‍රියාකාරිත්වය, විවිධ ප්‍රජාවන් අතර සබඳතා ආදිය ප්‍රධාන වෙයි. ජනතාවට අවශ්‍ය වන්නේ මිල අඩුකිරීම් සහ තම පවුලට ප්‍රමාණවත් පරිදි ආහාර, ඖෂධ, කිරිපිටි, විදුලිය, ගෑස් සහ ලිපි ද්‍රව්‍ය වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමේ හැකියාවයි. පර්යන්තයේ ප්‍රජාවන්ට අවශ්‍ය රටේ සොරකම් කළ ධනය ඔවුන් වෙත ආපසු ලබා දී බෙදා හැරීමය; බෙදුම්වාදී ජනවාර්ගික හා ආගම් පදනම් කරගත් දේශපාලනය අවසන් කිරීමට සහ අතීත උල්ලංඝනය කිරීම් පිළිගෙන ඒවා පිලිබඳ වගවීම බොහෝ දෙනෙකුගේ ඉල්ලීමයි. ඒකාධිපතිවාදයෙන් තොර රටක් වෙනුවෙන් ජනතාව එකමුතු වී සිටිති. ආර්ථික, දේශපාලන සමාජීය සහ ස්ත්‍රී පුරුෂ සමාජීය සාධාරණත්වය ඉල්ලා සිටින සටන් පාඨවල විවිධත්වයට සවන්දී ඒවාට ආමන්ත්‍රණය කළ යුතුය.

දැඩි ලෙස ණයගැති ආන්ඩුවට අත්‍යාවශ්‍ය ආනයනයන් ජනතාවට සහතික කිරීමට නොහැකි වීම නිසා ආර්ථික අර්බුදය උග්‍ර වූයේ විරෝධතා අවුලුමිනි. ආහාර, ඖෂධ, ඉන්ධන සහ විදුලිය කෙරෙහි බලපෑ හිඟය සහ අධික මිල ඉහළ යෑම් මගින් මහත් දුක් ගැහැට ඇතිවිය. බලපෑම වඩාත් දරුණු වන්නේ කම්කරු පන්තියට, විශේෂයෙන්ම පීඩිත පංතියට, අඩු වරප්‍රසාද ලත්, සහ ආන්තික පුද්ගලයන්ට සහ ප්‍රජාවන්ටයි; වසංගතය මගින් ඔවුන්ගේ තත්වය වෙන කවරදාකටත් වඩා අස්ථිර කර ඇත.

අනුප්‍රාප්තික ආණ්ඩුවල අධිපතිවාදී ප්‍රතිපත්ති විසින් ඇතිකරනලද වත්මන් අර්බුධයේ මුලාරම්භය දේශපාලනික වෙයි.  එවන් අධිපතිවාදී පාලනයක් දශක ගණනාවක් තිස්සේ සිංහල බෞද්ධ බහුතර බලමුලු ගැන්වීම් හරහා තහවුරු කර ඇති අතර, එය ඉතා මෑතක දී මුස්ලිම්වරුන්ට ආදාහනය කිරීම අනිවාර්ය කිරීම හරහා පිළිබිඹු විය. මෙම මතය ගොඩ නඟා ඇත්තේ, මහජනතාවගේ අවශ්‍යතා වලින් හුදකළා වූ ප්‍රබල, වෘත්තික සහ මිලිටරි පිරිමින් විසින් මග පෙන්විය යුතු බව කියන යාන්ත්‍රණ හරහාය.  බහුත්වවාදය සඳහා කුඩා ඉඩක් පමණක් ඇති එවැනි මතවාද, පර්යන්තවල සිටින මිනිසුන්ට වෙනස් කොට සලකයි. එහි ප්‍රතිඵලයක් ලෙස මිලිටරිකරණය, අසමානතාවය සහ අයුක්තිය ඉහළ ගොස් ඇත. එය සාමූහික ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිත්වය සඳහා ඇති අවකාශ පටු කර ඇති අතර, ඒ වෙනුවට අනුග්‍රාහක සහ මධ්‍යගත අධිකාරියේ සංස්කෘතියක් වලංගු කර ඇත.

දුක්ඛිතභාවය සමනය කිරීම සඳහා හදිසි සහන අවශ්‍ය වෙයි. ඒ සඳහා මේ මොහොතේ යෝජනා කරන විසඳුම් විසින් අර්බුධය තවත් උඝ්‍ර නොකළ යුතුය. විසඳුම ලෙස බොහෝ දුරට ඉදිරිපත් වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීමයි: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පරමාදර්ශී විසඳුම ලෙස දකින නව ලිබරල් ආර්ථික සම්මුතිය දේශපාලන වර්ණාවලිය පුරා විහිද ඇත. කෙසේ වෙතත්, මෙම අර්බුදය කරා අපව  තල්ලු කරනු ලැබුවේ දශක ගණනාවක නව ලිබරල් ප්‍රතිපත්ති විසිනි. නව ලිබරල්වාදය, සමාජ අවශ්‍යතා අභිබවා ගිය පුද්ගලික දේපල අයිතීන් සහ නිදහස් වෙළඳපොල ආරක්ෂා කරන ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කරයි. ගෝලීය වශයෙන්, ප්‍රවාහනය, සෞඛ්‍ය සහ අධ්‍යාපනය වැනි සමාජ සේවා ජාවාරම් සහ පුද්ගලික ලාභ සඳහා අවකාශයන් බවට පත් වී ඇති අතර රජයන් මෙම නව ලිබරල් ක්‍රියාවලියේ පහසුකම් සපයන්නන් බවට පරිවර්තනය කර ඇත. රාජ්‍ය තවදුරටත් මහජනතාවට සේවා සැපයීම අපේක්ෂා නොකරන අතර තවදුරටත් එවැනි සේවා මහජනතාවට අයත් නොවේ. එහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය භූමිකාව දුර්වල වී ඇති අතර අප වෙළෙඳ පොළේ වෙනස්වීම්වල වින්දිතයින් බවට පත්ව ඇත. සමාජ සුබසාධනය සඳහා වන වියදම් කප්පාදු කිරීම සහ සමාජ ආරක්ෂණ ජාල ඛාදනය වීම අප විසින් දැක ඇත. නියාමනය ඉවත් කිරීම සහ පෞද්ගලීකරණය සාමාන්‍ය ධර්මතාව බවට පත්ව ඇත. අද අපි දේශීය නිෂ්පාදනය සහ ස්වයංපෝෂිතභාවය වර්ධනය කිරීම වෙනුවට සූරාකෑමට ලක්වන විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සහ අධික ජාත්‍යන්තර ණය මත විශ්වාසය තබමු. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීමකදී අප ඉහත කරුණු මතක තබා ගත යුතුය.

ආර්ථික අර්බුදය කෙටිකාලීනව විසඳීමේ ආකාරයක් ලෙස දුක් විඳින ජනතාවට කඩිනම් සහන සැලසීමට ප්‍රතිපාදන සලසා දිය යුතුය. නැවත බෙදාහැරීම සහ වැඩි සමානාත්මතාව සඳහා යොමු වූ දේපල සහ වාහන සඳහා ධන බද්දක් ඇතුළුව අනුක්‍රම අයබදුකරණයක් අප ඉල්ලා සිටිය යුතුය. ආරක්ෂක අංශය වෙනුවෙන් වෙන්කර ඇති අරමුදල් සැලකිය යුතු ලෙස අඩු කළ යුතු අතර සෞඛ්‍ය, අධ්‍යාපනය, විදුලිය, ජලය සහ ප්‍රවාහනය ඇතුළු මූලික මහජන සේවාවන් ශක්තිමත් කිරීම සඳහා රජය විසින් අරමුදල් සැපයිය යුතු බව අපි අවධාරණය කරමු. ඉඩම් නොමැති අයට නිවාස, කෘෂිකර්මය සහ අනෙකුත් ආර්ථික කටයුතු සඳහා ඉඩම් ලබාදිය යුතුයි. 

දිගු කාලීනව ව්‍යුහාත්මක වෙනස්කම් සඳහා බල කරමින් තිරසාර දේශපාලන ක්‍රියාමාර්ගයක් බවට අප මෙම ප්‍රජාතන්ත්‍රවාදී මොහොත පුළුල් කර සංයුක්ත කළ යුතුය. මහජන ආරක්ෂක ආඥාපනත, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඇතුළු දරුණු නීති අහෝසි කළ යුතුය. මිලිටරි වියදම් කපා හැරීම, හමුදාව සතු ඉඩම් නිදහස් කිරීම සහ හමුදාව බැරැක්කවලට සීමා කිරීම මගින් නිර්-මිලිටරිකරණය සිදුකළ යුතුය. කේන්ද්‍රයේ සිට පරිධිය දක්වා බලය බෙදා හැරීම අවශ්‍ය වේ. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ගෙන එනලද, කේන්ද්‍රය තුළ බලය සංකේන්ද්‍රණය කරන  විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු ය. ඒ වෙනුවට අපි, විනිශ්චය සභා, ස්වාධීන කොමිෂන් සභා සහ ස්වාධීන අධිකරණ වැනි යාන්ත්‍රණ හරහා විනිවිදභාවය සහ බහුත්වවාදය පෝෂණය කළ යුතුය .

ජනතාවක් වශයෙන් අපි මේ ඓතිහාසික මොහොතේ සහයෝගීතාව ඉල්ලා සිටිමු! අප සියලු දෙනාගේ යුක්ති සහගත සහ ප්‍රජාතන්ත්‍රවාදී අනාගතය උදෙසා කම්කරුවන්, වෘත්තීය සමිති, කාන්තා කණ්ඩායම්, සියලුම ආන්තික සහ වරප්‍රසාද අහිමි වූ ප්‍රජාවන්ගෙන් යුක්ත ජන ව්‍යාපාරයක් අපි විසින් පණගන්වන්නෙමු.

අත්සන් කළේ:

1.      Ruchini Abayakoon, McMaster University, Ontario, Canada 

2.      Udari Abeyasinghe, University of Peradeniya  

3.      Asha L. Abeyasekera, Royal Holloway, University of London 

4.      Asanka Abeyratne, Social Activist 

5.      Sachini Abeysekara, Brock University 

6.      Mohamed Adamaly, Attorney at Law 

7.      S.L. Usman Akeel, Daily Ceylon 

8.      Indi Akurugoda, University of Ruhuna  

9.      Ashwini Amarasinghe , University of Peradeniya 

10.  M. A. M. S. Anaf, Kalmunai  

11.  Shani Anuradha, University of Peradeniya  

12.  Nalin Galkanda Arachchi, University of Vocational Technology, Ratmalana  

13.  S. Arivalzahan, University of Jaffna 

14.  Swasthika Arulingam, Attorney at Law 

15.  Odayan Arumugam, Trainer/Community Activist, Colombo 

16.  Mohamed Ashfaque, Akkaraipattu 

17.  A. N. Ashiq, Karaithivu 

18.  Dhilma Atapattu, University of Peradeniya 

19.  Fazeeha Azmi, University Of Peradeniya 

20.  Crystal Baines, Ph.D. Candidate, Kandy 

21.  Dhanuka Bandara, Miami University of Ohio 

22.  Sumudu Bandara, University of Peradeniya 

23.  Bisliya Bhutto, Human Rights Activist 

24.  Rudhramoorthy Cheran, University of Windsor 

25.  A.S.Chandrabose, Open University of Sri Lanka 

26.  Sasindi Chandrasekara 

27.  Visakesa Chandrasekaram, University of Colombo  

28.  Kaveesha Coswatte, APIIT Law School 

29.  Chamalee Ahangama Dayarathna, Counselor 

30.  Ruwanthie de Chickera, Playwright 

31.  Jan Ramesh de Saram, Colomboscope 

32.  Erandika de Silva, University of Jaffna  

33.  Marisa de Silva, Colombo  

34.  Mithma De Silva, University of Peradeniya 

35.  Priyanka de Silva, University of Peradeniya 

36.  Sulari de Silva, University of Moratuwa 

37.  Hiranyada Dewasiri; Uva Wellassa University of Sri Lanka 

38.  Nirmal Ranjith Dewasiri, University of Colombo 

39.  Janaranga Wijaindu Dewasurandra, The Family Planning Association of Sri Lanka 

40.  Kaushini Dammalage, Independent Researcher  

41.  Kanchuka Dharmasiri, University of Peradeniya 

42.  Chirath Dharmasena 

43.  Visakha Dharmadasa, AWAW 

44.  Shanka Dharmapala, independent researcher 

45.  Malaka Dewapriya, Filmmaker and Visual Artist 

46.  Priyan Dias, University of Moratuwa  

47.  Migara Doss, Attorney at Law 

48.  Ruwanthi Edirisinghe, City University of New York 

49.  Sarala Emmanuel Feminist Activist Batticaloa 

50.  Sandya Ekneligoda, Social Activist 

51.  Diroshan Fernando 

52.  Sasindi Fernando, student 

53.  Amal Fernando, Kandy 

54.  Avanka Fernando, University of Colombo 

55.  Corita Fernando, Washington State University 

56.  Bhavani Fonseka, Attorney-at-Law  

57.  Gnanabalan Gnanalosan, Point Pedro, Jaffna 

58.  Mario Gomez, International Centre for Ethnic Studies  

59.  Thilanka Gunaratne, University of Peradeniya 

60.  Lesley Gunasekara, Independent Researcher   

61.  Ranmini Gunawardena, University of the Visual and Performing Arts 

62.  Dileni Gunewardena, University of Peradeniya 

63.  Camena Guneratne, Open University of Sri Lanka 

64.  Ashika Gunasena, Independent practitioner 

65.  Tasneem Hamead, Colombo  

66.  Azkha Hassen, Al Gazzaly NS 

67.  Farzana Haniffa, University of Colombo  

68.  Hasna Hasbullah, undergraduate, University of Jaffna 

69.  Jafar Hasbullah, University of British Columbia  

70.  Samal Hemachandra, University of Colombo 

71.  Dhammika Herath, University of Peradeniya 

72.  Himansa Herath 

73.  Siri Hettige, University of Colombo  

74.  Rajan Hoole, Jaffna 

75.  J. S. Ishie, Ministry of Health 

76.  J. Prince Jeyadevan, University of Jaffna 

77.  K.W. Janaranjana, editor, Anidda newspaper 

78.  Velayudan Jayachithra, Senior Project Officer, Women and Media Collective 

79.  Sumedha Jayakody, Independent Researcher 

80.  Pamoda Jayasundara, University of Peradeniya 

81.  Gehan Jayasuriya, University of Peradeniya 

82.  Shakila Jayathilaka 

83.  Barana Jayawardana, University of Peradeniya 

84.  Chulantha Jayawardena, Univ. Of Moratuwa 

85.  Janaki Jayawardena, University of Colombo  

86.  Uthpala Jayawardena, The Open University of Sri Lanka 

87.  Pavithra Jayawardena, University of Colombo 

88.  Ahilan Kadirgamar, University of Jaffna  

89.  Sakuntala Kadirgamar, Law and Society Trust 

90.  Akhila Kahandagama, Concerned citizen 

91.  Anushka Kahandagamage, University of Otago 

92.  Pavithra Kailasapathy, University of Colombo  

93.  Saman M Kariyakarawana, University of The Visual and Performing Arts 

94.  Thisal Kaluarachchi, University of Moratuwa 

95.  Maduranga Kalugampitiya, University of Peradeniya  

96.  Anuruddha Karunarathna, University of Peradeniya 

97.  Ransi Karunarathna, Sri Lanka Press Institute 

98.  Inoka Karunaratne, University of Peradeniya 

99.  Amal Karunaratna, Retired from the University of Adelaide 

100.  Apsara Karunaratne, independent researcher 

101.  Charuka Karunarathne 

102.  Inoka Karunaratne, University of Peradeniya 

103.  Ransi Karunarathna, Sri Lanka Press Institute 

104.  Portia Kemps, University of Peradeniya 

105.  Thamali Kithsiri, University of Peradeniya  

106.  Chulani Kodikara, University of Edinburgh  

107.  Manikya Kodithuwakku, Open University of Sri Lanka 

108.  Sandamali Kottachchi, Attorney-at-law 

109.  Mahaluxmy Kurushanthan, Mannar Women’s Development Federation.  

110.  Pradeepa Korale Gedara, University of Peradeniya  

111.  Chamali S. Kulathunga, University of Peradeniya 

112.  Ramya Kumar, University of Jaffna 

113.  Shamala Kumar, University of Peradeniya  

114.  Vijaya Kumar, University of Peradeniya 

115.  Amal Kumarage, University of Moratuwa  

116.  Radha Kuruwitabandara, Attorney-at-Law  

117.  A.H. Lareena, Lecturer 

118.  Hasini Lecamwasam, University of Peradeniya  

119.  Menaka Lecamwasam, Independent researcher 

120.  C. Liyanage, Attorney-at-law 

121.  Saumya Liyanage, University of the Visual and Performing Arts 

122.  Mary Caroline Lurthunayaham, Wellawatta 

123.  Gunasingarajah Maheshwaralingam, University of Jaffna 

124.  Sudesh Mantillake, University of Peradeniya  

125.  Prabha Manuratne, University of Kelaniya  

126.  Ruvinie Machado, Colombo 

127.  Dulanjaya Mahagamage, Kandy 

128.  Tharinda Mallawaarachchi – University of Colombo 

129.  Anton Marcus, Joint Secretary, Free Trade Zones and General Services Employees’ Union 

130.  Kalindu Matharage, Independent 

131.  Sumudu Himesha Medawela, University of Peradeniya 

132.  Mahim Mendis, The Open University of Sri Lanka 

133.  Navindu Mendis, National Christian Evangelical Alliance of Sri Lanka 

134.  Juweriya Mohideen, Muslim Women’s Development Trust, Puttalam 

135.  Alikhan Mohideen, University of Peradeniya 

136.  Sakina Moinudeen, Colombo 

137.  S.P.Mohan, Heart’s Organisation Upcot 

138.  Rumala Morel, University of Peradeniya 

139.  Chathurika Munasinghe, University of Peradeniya 

140.  Thaha Muzammil, Free Media Movement 

141.  Kethakie Nagahawatte, University of Colombo 

142.  Amizhthini Nakkeeran, Aze IT Consultancy (pvt) Ltd, Jaffna 

143.  S. Narththanah, Rajarata University of Sri Lanka 

144.  Pavithra Navarathne, Attorney-at-Law 

145.  Pamod Nayanapiya 

146.  Ammaarah Nilafdeen, Independent Researcher  

147.  Abeysinghe Navaratne-Bandara, Retd. University of Peradeniya 

148.  Sabreena Niles, University of Kelaniya 

149.  Hasanthi Niriella 

150.  M. A. Nuhman, Retd. Univ. Of Peradeniya 

151.  Ranjini Obeyesekere  Formerly Princeton University and University of Peradeniya 

152.  Upali Pannilage, University of Ruhuna 

153.  Sasinindu Patabendige, University of Jaffna  

154.  Muditha Pathirana, Independent Researcher 

155.  Nirmala Perera 

156.  Oshada Perera, Kandy 

157.  Paba Piyarathne 

158.  Srinagaruban Pathujan, University of Jaffna 

159.  Eshantha Peiris, University of Peradeniya  

160.  Pradeep Peiris, University of Colombo 

161.  Sanjeeva Pieris 

162.  Kaushalya Perera, University of Colombo  

163.  Kusal Perera, Political commentator, Journalist 

164.  Nicola Perera, University of Colombo  

165.  Nirmala Perera 

166.  Tania Perera, Colombo 

167.  Amalka Pinidiyaarachchi, University of Peradeniya 

168.  Dimagi Pitawala, University of Peradeniya 

169.  Ven. Fr. Samuel Ponniah, Church of Ceylon 

170.  Padma Poshpakanthi, Savisthri National Women’s Movement/ Women Acton for Social Justice 

171.  N. W. Prins, University of Ruhuna 

172.  Angel Queentus, Jaffna Transgender Network 

173.  Mirak Raheem, Independent Researcher 

174.  S. Rajadurai, University of Colombo  

175.  Chandi Rajapaksha, University of Peradeniya 

176.  Maheema Rajapakse, APIIT 

177.  Selvaraja Rajasegar, editor, maatram.org  

178.  Shafiya Rafaithu, Independent Researcher  

179.  Rupika Rajakaruna, University of Peradeniya 

180.  Vasuki Rajasingam, Jaffna  

181.  Sampath Rajapakshe, Lecturer 

182.  Tharsiga Ramanaaharan, Jaffna 

183.  Ramesh Ramasamy, University of Peradeniya 

184.  Harshana Rambukwella, Open University of Sri Lanka  

185.  Kanchana Virajani Ranaraja, Kandy 

186.  Piyumani Ranasinghe, Attorney-at-Law 

187.  Rajitha Ranasinghe, University of Peradeniya 

188.  Menaka Rathnayaka, University of Peradeniya 

189.  Sriyani Ranatunga, Research Assistant, University of Peradeniya 

190.  Dilini Ratnayaka, University of Peradeniya 

191.  Rev. M. V. E. Ravichandran, University of Jaffna 

192.  Ramzy Razeek, Social Activist 

193.  Rasma Razmi, University of Peradeniya 

194.  Stephini Sahid, Secondary School Teacher, Kandy 

195.  T. H. Rasika Samanmalee, University of Colombo 

196.  Aruni Samarakoon, University of Ruhuna  

197.  Dinesha Samararatne, University of Colombo  

198.  Gameela Samarasinghe, University of Colombo 

199.  Ganganee Samaraweera, University of Ruhuna 

200.  Unnathi Samaraweera, University of Colombo 

201.  Shreen Abdul Saroor, Women’s Action Network 

202.  Kalana Senaratne – University of Peradeniya  

203.  Hiniduma Sunil Senevi, Sabaragamuwa University of Sri Lanka, Belihuloya 

204.  Sharmila Seyyid, Author and Researcher  

205.  Tudor Silva, University of Peradeniya  

206.  Shashik Silva, Independent Researcher 

207.  Vanie Simon, Affected Women’s Forum, Akkaraipattu 

208.  Krishan Siriwardhana , University of Colombo 

209.  Dr. K. Sivaji, University of Jaffna 

210.  Ratnasingam Sharveswara, University of Jaffna 

211.  S. Sivagurunathan, Interpreter and translator 

212.  N. Sivakaran, University of Jaffna  

213.  Gopikha Sivakumar, Undergraduate, University of Jaffna 

214.  Sumathy Sivamohan, University of Peradeniya 

215.  Taniya Silvapulle, Social Scientists’ Association 

216.  S. Sivasegaram, retired University of Peradeniya 

217.  Gnani Somasundaram, Lanka Hospitals 

218.  M. Sooriasegaram, Jaffna 

219.  H. Sriyananda, The Open University of Sri Lanka 

220.  Ermiza Tegal, Attorney-at-Law 

221.  Dayapala Thiranagama, formerly University of Kelaniya 

222.  Mahendran Thiruvarangan, University of Jaffna 

223.  Darshi Thoradeniya, University of Colombo 

224.  Yathursha Ulakentheran, Independent Researcher 

225.  Ramila Usoof, University of Peradeniya  

226.  Nimali Vineeshiya, PGIHS, University of Peradeniya 

227.  Chethiya Waththuhewa, University of Peradeniya 

228.  Manisha Weeraddana , University of Peradeniya 

229.  Ishan Weerapura, Social Scientists’ Association 

230.  Dasuni Weerasinghe, Attorney-at-law 

231.  Devaka Weerasinghe, Colombo  

232.  Ruvan Weerasinghe, University of Colombo  

233.  Shiran Harsha Widanapathirana, APIIT 

234.  Amali Wedagedera, University of Hawaii 

235.  Poornima Weerasinghe 

236.  John Wesley, University of Peradeniya 

237.  Carmen S. Wickramagamage, University of Peradeniya 

238.  W. Namal M. Wickramasekera, University of Colombo 

239.  Maithree Wickramasinghe, University of Kelaniya 

240.  Upul Wickramasinghe, University of Durham 

241.  Priyan R. Wijebandara, Journalist 

242.  Gayatri Wijekoon, University Lecturer 

243.  Ranjit Wijekoon, Colombo 

244.  Asanka Wijesinghe, Economics researcher 

245.  Maneesha Wijesundara, University of Peradeniya (former student) 

246.  Dinuka Wijetunga, University of Colombo 

247.  Roshani Wijewardene 

248.  Shermal Wijewardene, University of Colombo 

249.  Apsara Wimalasiri, Colombo 

250.  Lareef Zubair, Independent Researcher