නිදහස් අධ්‍යාපනයේ ඉරණම ඉදිරිය පිළිබඳ අනතුරු ඇඟවීමකි

නිකොලා පෙරේරා

2022 අගෝස්තු 21 පැවැත්වුණු මාධ්‍ය හමුවකදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සභාපතිවරයා කියා සිටියේ විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීම සළකා බැලෙන අතරේදී අන්තරවාර ක්‍රියාමාර් ගයක් ලෙස මාර් ගගත අධ්‍යාපනය නොකඩවා පවත්වාගෙන යන බවයි. සිසුන්ට අවශ්‍ය අන්තර් ජාල පහසුකම් ලබාදීම සඳහා අදාල සමාගම් සමඟ සාකච්ඡා වල නිරතව සිටින බව පවසන අතරම, වඩා හොඳ සංඥා ලැබෙන තැන් සොයාගැනීමට සිසුන්ද උනන්දු වියයුතු බවද හෙතෙම පැවසීය. මාර් ගගත අධ්‍යාපනයට එළඹ තුන්වසරක් ගතවන මොහොතක මෙහි අරුත පරිවර්තනය වන්නේ පහත පරිදිය.

මාර් ගගත අධ්‍යාපනයට අවශ්‍ය අවම කොන්දේසිය වන්නේ වැඩකරන පරිගණකයක් සහ අන්තර් ජාල සම්බන්ධතාවකි. මාර් ගගත අධ්‍යාපනයට එළඹුණු දා පටන් ප්‍රාථමික සිට තෘතියික මට්ටම දක්වා සිසුන්ගෙන් බොහෝ පිරිසක් සිය අධ්‍යාපනය ලබා ගන්නේ දුරකථන තිරයක් මඟින් බව අප හොඳින් දන්නා කරුණකි.මෙය විශ්ව විද්‍යාලයේ තබා පෙර පාසලේ දරුවෙකුටවත් අධ්‍යාපනය ලැබීමට සිදුවිය නොයුතු ආකාරයේ අවාසනාවන්ත ක්‍රමයක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.

ඊළඟ කරුණ මාර් ගගත අධ්‍යාපනයට ප්‍රවේශ වීමට අවශ්‍ය මූල්‍යමය ශක්‍යතාවයි. මේ ගැනත් මේ වනවිට අපි හොඳින් දනිමු. මවිසින් පෞද්ගලිකව ඉගැන්වීම් සිදුකරන පන්ති වලට සහභාගී වන සිසුන්ගේ ප්‍රමාණය පසුගිය වසර තුන ඇතුලත එන්න එන්නටම අඩුවූ අයුරු මම සියසින් දුටුවෙමි. ඒ අතරේ පෞද්ගලික පණිවුඩ මාර් ගයෙන් බොහෝ දෙනෙක් පවසා සිටියේ ඇඟළුම් කම්හල් වල, බේකරි වල, ගරාජ් වල, මෙන්ම ලංකාවේ හා බටහිර ආසියාවේ නිදහස් වෙළඳ කලාප වල සේවයට යාමට සිදුවීම නිසා දේශන වලට සම්බන්ධ විය නොහැකි බවයි.

අන්තර් ජාල සම්බන්ධතාවය පිලිබඳ සාධකය ගනිමු. වසංගතයේ මුල්කාලයේදී ගස් ගල් උඩ, වහලවල් මත නැග පන්ති වලට සහභාගී වීමට අවශ්‍ය සංඥා ලබාගැනීමට වෙහෙසෙන සිසුන් පිලිබඳ ප්‍රවෘත්ති එමට විය. සමහරවිට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සභාපතිතුමා සිසුන්ගෙන් බලාපොරොත්තු වන ආකාරයේ ‘උනන්දුව’ මෙය වියහැකිය. විදුලි කප්පාදු කිරීම් අතරේ පන්ති වලට සහභාගී වීමට තරම් ශක්තිමත් අන්තර් ජාල සම්බන්ධතා ඇති කිහිපදෙනෙක් පමණක් දැන් මගේ පන්ති වල සිටිති. අනිත් අයට සිදුවන්නේ කුමක්ද? ගස් ගල් උඩ, වහලවල් මත නැග අවශ්‍ය සංඥා ලබාගැනීමට වෙහෙසීම දැන් අධ්‍යාපනයට ප්‍රවේශ වීම සඳහා ඇති සාධාරණ කොන්දේසියක් සේ සැලකෙන්නේද? අපේක්ෂා භංගත්වය ඔඩුදුවා යෑම නිසා අවසානයේ තනි තනි සිසුන්ට දුරකථනයෙන් කතාකොට ඉගැන්වීමට පටන් ගත්තෙමි. එසේ වුවත් බොහෝදෙනා විභාගයට මුහුණ දෙන්නේ අවම සූදානමකින් හෝ ඇත්තෙන්ම කිසිදු සූදානමක් නැතිවය.

රාජ්‍ය අධ්‍යාපන පද්ධතියේ බොහෝදෙනා, විශේෂයෙන්ම මානව ශාස්ත්‍ර විෂයන් වල, පැමිණෙන්නේ සමාජ-ආර් ථික වශයෙන් ආන්තීකරණය වූ පසුබිම් වලිනි.  නිදහස් අධ්‍යාපනයෙන් අරමුණු කළේ අපගේ පශ්චාත් යටත් විජිත ජාතිය වඩා අර් ථාන්විතව ප්‍රජාතාන්ත්‍රීකරණය කිරීමයි. කිසිවකු දරිද්‍රතාවය හේතුවෙන් අත නොහරින බවටත්, සමාජ- ආර් ථික සචලතාව සැමට එකසේ විවෘත බවටත් එහි පොරොන්දුවක් විය. එහෙත්  වසංගත තත්වය තුළ ආරම්භ වී ආර් ථික අර් බුදය තුළ වඩාත් උත්සන්න වී ඇති දරිද්‍රතාවය හේතුවෙන් වඩාත් දුෂ්කර පසුබිම් වලින් එන සිසුන් බොහෝදෙනෙකු අපට අත හැරී ඇත. රාජ්‍යය සහ මහජනතාව තුළින්ම නිදහස් අධ්‍යාපනයට ඇති කැපවීම ගිලිහී යන මොහොතක එවැනි අධ්‍යාපනයකින් වඩාත් ප්‍රතිලාභ ලබන කණ්ඩායම පසුගිය අවුරුදු තුන මුළුල්ලේ මෙසේ අතහැරී යාම හෝ එමඟින් කියවෙන අධ්‍යාපනය පිලිබඳ අත්දැකීම ගැන ප්‍රශ්න ඇසීමට ඇති හැකියාව එන්න එන්නටම හීනවී යයි. කේවල, හුදෙකලා, මානසික වශයෙන් වෙහෙස දනවන සුළු මාර් ගගත අධ්‍යාපනය නව තාක්ෂණය අතින් ඉදිරියට යෑමක් ලෙස පමණක් දැකීම මෙම රාමුව තුළ සාමාන්‍යකරණය වී ඇත.

විශ්ව විද්‍යාල ප්‍රජාව ලෙස අපේ සියලුම සිසුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් අප හඬ නැගිය යුතුය. දශක ගණනාවක් මුළුල්ලේ අපේ සමාජයේ වඩාත්ම ආන්තීකරණයට ලක්වූ පුරවැසියන් කෙරෙහි රාජ්‍ය ප්‍රතිපත්ති දරදඬු වී ඇතිවාක් සේම, සමාජයද එකී ආන්තීකරණයට නිර්-සංවේදී වීම තුළින් එහි කොටස්කරුවෙකු බවට පත්ව ඇත. අතීතයේදී නිදහස් අධ්‍යාපනය රක ගැනීම සඳහා හඬ නැගි සිසුන් දෙස අවඥාවෙන් බැලූ මධ්‍යම පන්තියම අද එම සිසුන් ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක් පිළිබඳ කතා කිරීම නිසා රාජ්‍යයේ මර්දනයට ලක්වන විට නිහඬ වී සිටී. නිදහස් අධ්‍යාපනයට මේ අත්වන ඉරණම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉදිරිය පිළිබඳ අනතුරු ඇඟවීමක් බව අප මතක තබා ගත යුතුය. එනිසාය වඩා පුළුල් හා අරුත්බර ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් වන අපේ නොනවතින අරගලයේදී නිදහස් අධ්‍යාපනය රැකගැනීම අපේ මූලික ප්‍රමුඛතාවක් විය යුත්තේ.