කුප්පි කතා

පලාත්බද විශ්ව විද්‍යාල 

අහිලන් කදිර්ගාමර්  ග්‍රාමීය සහ කොළඹින් ඈත පිහිටි ප්‍රදේශ අපේ රටේ ජාතික පරිකල්පනය තුළ දශක ගණනාවක් මුළුල්ලේ නොසළකා හැර තිබේ. පලාත්බද විශ්ව විද්‍යාල වලටද මේ තත්වය පොදුය. විශ්ව විද්‍යාල පද්ධතියට කරන හුදු එකතු කිරීම් ලෙස සහ සමහර අවස්ථා වල යම් ප්‍රදේශයක ජීවත් වන පිරිස දේශපාලනික වශයෙන් සංසිඳවීමේ මාධ්‍යයක් වශයෙනි මේ විශ්ව විද්‍යාල බිහිකර ඇත්තේ. මෙසේ ග්‍රාමීය ලෝකය අත්හැර දැමීම අහඹුවක් […]

පලාත්බද විශ්ව විද්‍යාල  Read More »

විශ්ව විද්‍යාල සිසුවා 

ශාමලා කුමාර්  මේ ලිපිය රට පුරා සරසවි වල ඉගෙන ගන්නා සිසුන්ගේ අදහස් මත පදනම්ව ලියූවකි. එම මත විමසුම ශාස්ත්‍රීය අධ්‍යයන දෙකක් සඳහා වූ අතර, ඉන් එකක් ශාස්ත්‍රීය නිදහස ද, අනෙක උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ද කේන්ද්‍ර කරගන්නා ලදී. මේ සාකච්ඡා වලදී මඟ හැරිය නොහැකි වූ දෙයක් වූයේ විශ්ව විද්‍යාල සිසුන් තුළ ඇති බියයි. සිසුන් සිය විශ්ව

විශ්ව විද්‍යාල සිසුවා  Read More »

වින්දිතයන්ට සහයෝගය දැක්වීම: නවක වදයට එරෙහි සටනේ නැතිවුණු පුරුක 

උදාරි අබේසිංහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මෑතදී පැවති සාකච්ඡාවක මාතෘකාව වූයේ නවක වදය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය 2025 වසරේදී ලබාදුන් තීන්දුවයි. එම තීන්දුවට අනුව නවක වදය වැළක්වීමට නම් සිදුවීමකින් පසු දඬුවම් ලබාදීමේ මාදිලියෙන් එහා ගොස් වින්දිතයන්ට සිය අත්දැකීම පිළිබඳ විවෘතව කතා කළහැකි හා සහයෝගය ලබාගත හැකි පරිසරයක් නිර්මාණය කිරීම අත්‍යාවශ්‍ය වේ. මෙම සාකච්ඡාවේදී නීතිය, විශ්ව විද්‍යාල පරිපාලනය, මනෝ විද්‍යාව හා

වින්දිතයන්ට සහයෝගය දැක්වීම: නවක වදයට එරෙහි සටනේ නැතිවුණු පුරුක  Read More »

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට දැක්වෙන මහජන ප්‍රතිචාර විභාග කිරීම 

හසිනි ලේකම්වසම්  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විවාදයේදී එකී ප්‍රතිසංස්කරණ වල අන්තර්ගතය තරමටම ඒවාට එල්ල වන ප්‍රතිචාර වලටද අවධානය යොමුවිය යුතු බව මගේ හැඟීමයි. මන්ද, අපේ සමාජය තුළ අධ්‍යාපනය වටහා ගැනෙන ආකාරය හා එම වටහා ගැනීම් වලින් නිර්මාණය වන ප්‍රමුඛතා එවැනි ප්‍රතිචාර තුළ පිළිබිඹු වන බැවිනුත්, එම අදහස් අධ්‍යාපන ප්‍රතිපත්ති නිර්මාණයේදී අනිවාර්යයෙන්ම පදනම් කරගත යුතු බැවිනුත්ය. මේ ලිපිය තුළ

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට දැක්වෙන මහජන ප්‍රතිචාර විභාග කිරීම  Read More »

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවරණය කිරීම: සාකච්ඡාව ඉදිරියටම…

සුමති සිවමෝහන්  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ උනන්දුව මඳක් පහව ගොස් තිබුණත් එහි අපකීර්තිය තවමත් ජීවමානය. අපකීර්තිය යනුවෙන් මා අදහස් කරන්නේ 6 ශ්‍රේණි ඉංග්‍රීසි පෙළපොතේ අත්වැරදීමකින් පල වූ පෙම් සබඳතා වෙබ් පිටුවකට අදාළ සබැඳිය (link) නොවේ. මේ කරුණ පාදක කොටගෙන අධ්‍යාපන අමාත්‍ය හා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය වෙත එල්ල වූ ප්‍රහාරය පිළිකුල් සහගත එකක් වශයෙන් අනිවාර්යයෙන්ම පිටුදැකිය යුතු

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවරණය කිරීම: සාකච්ඡාව ඉදිරියටම… Read More »

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ භාෂාව සහ වාර්ගිකත්වය

රම්‍යා කුමාර් අපේ පීඨයට තවත් අළුත් සිසුන් පිරිසක් පැමිණ තිබේ. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින් ම වාගේ පාහේ පැමිණ ඇති මේ කණ්ඩායම දුටුවිට සමාජ හා වාර්ගික ඒකාබද්ධතාව ඇතිකිරීමට අපට ලැබී ඇති මහඟු අවස්ථාව පිළිබඳ නැවත මතක් වේ. එහෙත් අවාසනාවකට මෙන් පළමු සෙමෙස්තර කිහිපය තුළ සිසුන් අනෙක් කණ්ඩායම් වල පිරිස් හා එතරම් ආශ්‍රය නොකරන්නේ භාෂා ගැටළුව නිසා පමණක් නොව,

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ භාෂාව සහ වාර්ගිකත්වය Read More »

ජාතික ජන බලවේග රජය යටතේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 

මහේන්ද්‍රන් තිරුවරන්ගන් ජාතික ජන බලවේගය 2024 මහා මැතිවරණය දිනන විට, රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ඉහළ අපේක්ෂා තිබුණි. යහපාලනය සහ පද්ධතිමය වෙනසක් පිළිබඳ දුන් පොරොන්දු වලට අමතරව ඊට හේතු වූයේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම සහ දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් අධ්‍යාපනයට වෙන් කිරීම සඳහා වූ අරගලයේ මුල් තැනක් ගත් ශාස්ත්‍රාලිකයෙක් අධ්‍යාපන ඇමති ලෙස පත්

ජාතික ජන බලවේග රජය යටතේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ  Read More »

අවදි කිරීමක්: අධ්‍යාපන ප්‍රතිපත්තිය දෙස දිත්වා සුළි කුණාටුවෙන් පසු නැවත හැරී බැලීම 

සුමති සිවමෝහන්  දින දෙක තුනක කාලයක් ඇතුළත දිත්වා සුළි කුණාටුව විසින් අප සමාජයේ කර ඇති විපත අති මහත් ය. මුළු රටටම වාගේ එල්ල වූ එම ප්‍රහාරය නිසා සියවස් ගණනක් පැරණි ව්‍යුහයන් කඩා වැටී, වරක් සුරක්ෂිත යැයි සිතූ ප්‍රදේශ හානියට පැමිණවී තිබේ.    වර්ෂාව තුරන් වී, ජල මට්ටම් අඩු ව, කඩ කාමර නැවත විවෘත වී, අපේ

අවදි කිරීමක්: අධ්‍යාපන ප්‍රතිපත්තිය දෙස දිත්වා සුළි කුණාටුවෙන් පසු නැවත හැරී බැලීම  Read More »

උසස් අධ්‍යාපනය හා පර්යේෂණ සඳහා රාජ්‍ය අරමුදල් ලබාගැනීම 

අහිලන් කදිර්ගාමර්  ලංකාවේ මහජන අධ්‍යාපන පද්ධතියේ සුවිශේෂී ශක්තියක් වන්නේ විශ්ව විද්‍යාල මට්ටම දක්වා නිදහස් අධ්‍යාපනය පැවතීමයි. බටහිර ඇතුළුව වෙනත් රටවල ශිෂ්‍ය ණය කන්ද දෙස බැලීමේදී අපේ රටේ තාරුණ්‍යයට නිදහස් අධ්‍යාපනය කෙතරම් ආශීර්වාදයක් දැයි පැහැදිලිව පෙනේ. එහෙත් උසස් අධ්‍යාපනයේ වර්තමාන ගමන් මඟ දෙස බැලූ විට පෙනී යන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල නිල වශයෙන් පිළිගැනීම ඔස්සේ පෞද්ගලීකරණයේ වාන්

උසස් අධ්‍යාපනය හා පර්යේෂණ සඳහා රාජ්‍ය අරමුදල් ලබාගැනීම  Read More »

පාසල් අධ්‍යාපනය සඳහා මනෝමිතිය සහ විෂය නිර්දේශය

ශාමලා කුමාර් පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් යෝජිත විෂය නිර්දේශ වෙනස්කම් සම්බන්ධව මට ඇති මූලිකම ගැටළුවක් වන්නේ ඒවා සම්බන්ධයෙන් මහජන පරීක්ෂාවට බඳුන් කළහැකි කිසිදු ලේඛනයක් නොවීමයි. මහජන ආයතන මහජනතාවට වගවිය යුතුය. එහෙත් 9 වෙනි වසරට හඳුන්වා දීමට නියමිත ‘මනෝමිතික පරීක්ෂණ’ (psychometric tests) පිළිබඳ සාකච්ඡාවේදී මට යැපෙන්නට සිදුව ඇත්තේ Powerpoint ඉදිරිපත් කිරීමක්, ප්‍රවෘත්ති කොටස් කිහිපයක් සහ අමාත්‍යාංශ නිලධාරීන්

පාසල් අධ්‍යාපනය සඳහා මනෝමිතිය සහ විෂය නිර්දේශය Read More »