නිවහල් මනස: පීඩාවේ සිට විමුක්තිය කරා

අනුෂ්කා කහඳගමගේ

අධ්‍යාපනය නිත්‍ය වශගයන්ම ‘නිදහස්’ විය යුතුය – එසේ නිදහස් විය යුත්තේ පෞද්ගලීකරණයෙන් පමණක් නොව, ඒ වෙනුවට, පීඩාකාරී ව්‍යුහයන්ගෙන් ශිෂ්‍යයා මුදවා ඔවුන්ව සවිබල ගැන්වීමේ ආකාරයක් වශයෙනි. අධ්‍යාපනය, විචාරාත්මකව සිතිය හැකි, ධුරාවලි ප්‍රශ්නකළ හැකි සහ අත්‍යන්ත වශයෙන් තමාව පීඩාකාරී ව්‍යුහ වලින් මුදවා ගත් හැකි, දැනුම මෙන්ම ඒ සඳහා අවශ්‍ය මෙවලම් තුළින් ශිෂ්‍යයා සන්නද්ධ කළ යුතුය.

අධ්‍යාපනය පීඩාකාරී ව්‍යුහයක් ලෙස

විචාර පූර්වකව සිතීමට, පීඩාවට විරුද්ධ වීමට සහ එය ප්‍රශ්න කිරීමට මෙන්ම, වඩාත් සමානාත්මතාව සහිත සාධාරණ සමාජයක් බිහි කිරීම උදෙසා, අධ්‍යාපනය විසින් ශිෂ්‍යයා සවිබල ගැන්විය යුතු වෙයි. කෙසේ වෙතත්, දැනට පවතින අධ්‍යාපනය ක්‍රියාත්මක වන්නේ, විමුක්තිය වෙනුවට පීඩාකාරී යාන්ත්‍රණයක් ලෙසිනි. නිවහල් චින්තනය පෝෂණය කරනවා වෙනුවට අධ්‍යාපනය විසින් සිදු කරන්නේ පවතින බල සහ සමාජ ධුරාවලි ප්‍රති බල ගැන්වීමයි. මෙය ආර්ථික, වාර්ගික සහ සමාජීය විෂමතා ඇතුළු විවිධ අසමානතා ප්‍රතිනිෂ්පාදනය කිරීමට හේතු වන අතර, සමාජය තුළ බෙදීම් තව තවත් ස්ථාපිත කිරීමට හේතු වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස, පුද්ගල සහ සමාජීය සවිබල ගැන්වීම සඳහා බලවේගයක් වීම වෙනුවට, අධ්‍යාපනය නොදැනුවත්වම අයුක්තිය සහ අසමානත්වයට දායක වන පද්ධති පවත්වාගෙන යයි.

අධ්‍යාපනය විසින් පන්ති ව්‍යුහය නඩත්තු කිරීම

විශාල ලෙස පැතිරුණු අධ්‍යාපන පෞද්ගලීකරණය හේතුවෙන්, මෙම පද්ධතිය විසින් පවතින සමාජ ව්‍යුහ බල ගැන්වීම සහ පවත්වාගෙන යාම සිදුකරයි. පෞද්ගලික උපකාරක පන්ති, පෞද්ගලික පාසල් සහ මුදලට උපාධි පිරිනමන ආයතන යන සියල්ලම විවිධ සමාජ පන්ති අතර විෂමතා වැඩි කිරීමට හේතුවෙයි. මෙම පෞද්ගලික ආයතන බොහෝ විට සමාජයේ වඩාත් ධනවත් කොටස් සඳහා සේවය කරන අතර ඔවුන්ට උසස් අධ්‍යාපනය සහ සම්පත් සඳහා ප්‍රවේශය ලබා දෙයි. ඊට වෙනස්ව, අඩු වරප්‍රසාද ලත් පසුබිම්වල සිසුන්ට අඩු අවස්ථා සහ ගුණාත්මක අධ්‍යාපනය සඳහා සීමිත ප්‍රවේශයක් ඉතිරි වන අතර  එමඟින් ධනවතුන් සහ අඩු වරප්‍රසාද ලත් අය අතර පරතරය උග්‍ර වේ. අධ්‍යාපන ප්‍රගේශගය් මෙම වර්ධනය වන පරතරය සමාජ සංචලතාව සීමා කරනවා පමණක් නොව, වරප්‍රසාද ලත් අය වඩා හොඳ අවස්ථා ලබා ගැනීම දිගටම කරගන යන අතර අඩු වරප්‍රසාද සහිත වූවන්, ඔවුන්ගේ සමාජ-ආර්ථික තත්ත්වයේ සීමාවන්ගෙන් මිදීමට අරගල කරන චක්‍රයක් ද පවත්වාගෙන යයි.

ස්ත්‍රී-පුරුෂ සමාජ භාවි පීඩාව

අධ්‍යාපනය, ඒකාකෘති ශක්තිමත් කිරීම, ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ අසංවේදීතාව ප්‍රවර්ධනය කිරීම සහ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ සංවේදී අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීමට අපොහොසත් වීම මගින් සමාජය තුළ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ පීඩනය සියුම් ලෙස පවත්වාගෙන යයි. තවද සමහර ප්‍රතිපත්ති සම්පාදකයින් ජනතාවට වැරදි තොරතුරු ලබා දෙමින්, මෙම ස්ත්‍රී  පුරුෂ භාවය පිළිබඳ අසංවේදී අධ්‍යාපනය පවත්වාගෙන යයි. මෑත කාලීන මාධ්‍ය හමුවකදී, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන විමල් වීරවංශ, ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ අධ්‍යයනය සිසුන් අතර ‘රෝගයක්’ පැතිරීමක් ලෙස චෝදනා කළේය. 2025 වර්ෂයේදී, ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ අධ්‍යයනය අධෛර්යමත් කරන එවැනි විකාර අපට තවමත් අසන්නට ලැබේ. විශේෂයෙන්  ලොව පුරා සමාජ විවිධත්වය සහ බෙදීම් රහිතව අන්තර්ග්‍රහණය කිරීම වැඩි වැඩියෙන් වැළඳ ගන්නා කාලයක, ප්‍රසිද්ධ පුද්ගලයින් විසින් එවැනි යල් පැනගිය සහ ප්‍රතිගාමී අදහස් ප්‍රකාශ කිරීම වඩාත් ප්‍රශ්නකාරී සහ ව්‍යාකූලත්වයට කරුණකි.

මෙම අදහස් අධ්‍යයන ක්ෂේත්‍රයක් ලෙස ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ අධ්‍යයනවල වැදගත්කම අඩපණ කරනවා පමණක් ගනාව, සාම්ප්‍රදායික ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ භූමිකාවන්ට ගනාගැලපෙන පුද්ගලයින් ආන්තිකකරණයට ලක්කරන, හානිකර ඒකාකෘති ශක්තිමත් කරයි.

පාසල් හෝ විශ්ව විද්‍යාල වේවා, ශිෂ්‍යයින්ට ස්ත්‍රී-පුරුෂ සමාජභාවය අත්දැකීමට ලැබෙන්නේ, අධ්‍යාපනයට ඇතුළත් තවත් විෂයක් ලෙස මිස, එදිනෙදා ජීවිතයේදී තමාට අත්දැකීමට ලැබෙන කරුණක් ලෙස නොවෙයි. මෙම ආකෘති තුළ, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ දැනුවත් භාවය, පිරිමි-නොවන අයට පමණක් සීමාවන අතර, ස්ත්‍රී-පුරුෂ සමාජ භාවය නිසා පැනනඟින පුළුල් සමාජ ප්‍රශ්න නොසළකා හැරීමට හේතු වෙයි. මේ දෘෂ්ටිය හේතුවෙන්, ස්ත්‍රී-පුරුෂ සමාජ භාවය පිලිබඳ ගැටළුවලින් – එම ස්ත්‍රී පුරුෂ සමාජ භාව කුමක් වුවත් – සියලු දෙනාම බලපෑමට ලක්විය හැකි බවත්, මෙම ගැටළු අවබෝධ කරගැනීම සහ ඒවාට පිළිතුරු සැපයීම සමාජයේ ජීවත්වන සියලු දෙනාටම වැදගත් වන බවත් අවබෝධ කරගැනීම මඟ හැරී යයි.

මෑතකදී වෛද්‍යවරියකට ලිංගික අතවර සිදුවූවා යයි කියන සිද්ධියකදී, ඇය විසින් ලබාදුන් රහස්‍ය ප්‍රකාශය මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්කිරීම ස්ත්‍රී-පුරුෂ සමාජභාවීය සංවේදීතාව නොමැති සමාජයක අප ජීවත්වන බවට ඉතාම ආසන්න උදාහරණයකි. සිද්ධිය වටා ඇති මහජන සාකච්ඡාව, විගශ්ෂයෙන් වින්දිතයාගේ රහස්‍ය ප්‍රකාශය හෙළි කිරීමට මාධ්‍ය ගත් තීරණය, කනස්සල්ලට හේතුවෙයි. මෙවැනි මාධ්‍ය හැසිරීම් හුදකලා සිද්ධි නොවන අතර, ස්ත්‍රී පුරුෂ සමාජ භාවි සංවේදීතාව නිරන්තරව ගනාසළකා හරින සමාජයක නිරන්තර පුරුදු පිළිබිඹු කරයි.

බොහෝ කණ්ඩායම් තුළ, ස්ත්‍රී පුරුෂ සමාජ භාවි සමානාත්මතාව වෙනුවෙන් පෙනී සිටීම අපකීර්තියට හේතුවන කරුණක් වන අතර, එය තවත් විටක ව්‍යාධියක් හෝ පවතින සමාජ ධුරාවලි බිඳ වට්ටවන ආකාරයේ බලවේගයක් ලෙස ලේබල් කරයි. මෙවැනි ආකල්ප හරහා, හානිකර ස්ත්‍රී-පුරුෂ සමාජ භාවි එකාකෘති පවත්වාගෙන යාමට උපකාරී වන අතර, ඒ තුළින් ස්ත්‍රී-පුරුෂ සමාජ භාව පිළිබඳ වැදගත් සංවාද විකෘති කිරීම හෝ පසකට තල්ලු කිරීම සිදුකරනු ලබයි. අවසාන වශගයන් මෙයින් පෙන්නුම් කරන්නේ, ස්ත්‍රී-පුරුෂ සමාජ භාවි සංවේදීතාවට ගැළපෙන ආකාර අධ්‍යාපනයක් සඳහා වන දැඩි සමාජ අවශ්‍යතාවයයි. මෙම ස්ත්‍රී-පුරුෂ සමාජ භාවි ධුරාවලි බිඳ දැමීම උදෙසා, තවත් බොහෝ දැනුවත් කිරීම්ද ඇතුළත්ව, ස්ත්‍රී-පුරුෂ සමාජභාවී සංවේදීතාව සෙමෙස්තරයකට හෝ එක අධ්‍යයනික විෂයකට සිමා නොවී, ඒ වෙනුවට, එයින් සැදුම් ලත් අධ්‍යාපනයක් නිර්මාණය කිරීම සිදුකළ යුතු වෙයි.

නවක වදය

පන්ති සහ කලාපීය බල වුහයන් (ගකාළඹ සහ ගකාළඹ නොවන බෙදීම) තුළ පවතින අසමානත්වය විශ්ව විදයාල තුළට රිංගා ඇත. නවක වදය ජනප්‍රියව දක්නට ලැබෙන්නේ පද්ධතියට නවකයින් ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවක් ලෙස වුවද, එහි මූලයන් සමාජය තුළ ගැඹුරින් බෙදී ඇති පන්ති සහ වාර්ගික-ආගමික බෙදීම් තුළින් පැන නඟියි.

ඇතැම් පීඨවල, ජ්‍යේෂ්ඨ සිසුන් කනිෂ්ඨ ශිෂ්‍යාවන්ට සාමාන්‍යයෙන් නිවසේ අඳින චීත්ත ගවුම් ඇඳීමටත්, කොණ්ඩය කැරළි දෙකක් වන ලෙස ගොතන ලෙසත් ඉල්ලා සිටිය හැකි අතර, පිරිමි සිසුන්ට බඳ පටි නොමැතිව සුදු, දිගු අත් සහිත කමිස ඇඳිය යුතු බවටත් බලකර සිටියි. පිරිමි සහ ගැහැණු දෙපිරිසම රබර් සෙරෙප්පු පැළඳිය යුතුය. මෙම ක්‍රියා සාධාරණීකරණය කරන්නේ, පන්ති භේදවලින් තොරවූ , සියල්ලන්ම සමාන කිරීමට දරන උත්සාහයන් ලෙස ය. කෙසේ වෙතත්, මෙම ස්ත්‍රී පුරුෂ භාවය සහ ආචාරධර්මීය භාවිතා සමාජයේ අසමාන හා පීඩාකාරී පන්ති ව්‍යුහයන්ගෙන් පැන නඟින අතර ක්‍රමයෙන් විශ්වවිද්‍යාල සංස්කෘතියට පීඩනයේ යාන්ත්‍රණ ලෙස රිංගමින් පවතී.

මෙම භාවිතා හරහා බැලූ බැල්මට සිසුන් අතර ඒකාකාරී බවක් සහ සමානාත්මතාවයක් ඇති කිරීමට අදහස් කර ඇති අතර, පන්ති වෙනසෙහි දෘශ්‍යමාන සලකුණු ඉවත් කරයි. කෙසේ වෙතත්, නොසලකා හරින දෙය වන්නේ, මෙම ක්‍රියාවන් ආවේණිකවම පීඩාකාරී වන ගැඹුරින් මුල් බැසගත් සහ අසමාන සමාජ ව්‍යුහයන්ගෙන් පැන නඟින බවයි. සමානාත්මතාවය පෝෂණය කිරීම මුවාවෙන්, නවකවදය මඟින් සිදුකරන්නේ, වෙනත් ආකාර ප්‍රචණ්ඩකාරී බල ධුරාවලියක් නිර්මාණය කිරීමයි.

විචාරශීලී නොවන සිසුන්

ශ්‍රී ලංකාව තුළ මෙන්ම, කලාපයේ වෙනත් රටවලත්, තම ආචාර්යවරුන්ට ශ්‍රීමත්‍ (සර්) සහ ළමාතැනී (මැඩම්) ලෙස ඇමතීම වඩාත් සුලබය. මෙම භාවිතය ආචාර සම්පන්න භාවයේ සළකුණකට වඩා, යටත්විජිත්‍ වාදයට සහ වැඩවසම් සමාජ ක්‍රමය පිළිබිඹු කරන භාවිතාවකි. මෙම භාවිතා මඟින්, අධිකාරිත්වය ප්‍රශ්න නොකරන, අධ්‍යාපන ක්‍රමය තුළ පවතින ධුරාවලිගත ව්‍යුහ බල ගැන්වීමක් සිදු කරයි. ඓතිහාසික වශයෙන්, යටත්විජිත යුගය තුළ, අධ්‍යාපනය රාමුගත වූයේ යුරෝපා මොඩලයක් ලෙසින් වන අතර, ඒ හරහා වඩාත් දැඩි සමාජ බෙදීම් මෙන්ම, බලයේ සිටින පුද්ගලයින්ගේ අධිකාරිත්වය ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගැනීමද සිදුවිය.

මෙම පිළිවෙත්‍, විවේචනාත්මක හෝ විචාරාත්මක චින්තනය සහ ප්‍රශ්න කිරීම අධෛර්යමත් කරන අතර, අධිකාරයට කීකරුවීමේ සහ ගරු කිරීමේ සංස්කෘතියක් පවත්වාගන යයි. මෙම සන්දර්භය තුළ, සිසුන් තම කථිකාචාර්යවරුන් ප්‍රශ්න කළ නොහැකි අධිකාරියක් ඇති පුද්ගලයින් ලෙස දකින අතර, ඔවුන් සමඟ සංවාදයේ යෙදීමට මැළිකමක් දක්වයි. මෙම ධූරාවලි හරහා බුද්ධිමය වර්ධනය සීමා කළ හැකි අතර, ශාස්ත්‍රීය හා සමාජය යන දෙකෙහිම ප්‍රගතිශීලී වෙනසකට තුඩු දිය හැකි විවෘත, විවේචනාත්මක සාකච්ඡාවලට සහභභාගී වීමෙන් සිසුන් අධෛර්යමත් කළ හැකිය.

නිවහල් මනස

මෙම පීඩාකාරී අධ්‍යාපන ව්‍යුහ ප්‍රගතිශීලී ලෙස පරිවර්තනයකට ලක්කිරීම, අධ්‍යයනික ප්‍රජාව, සිසුන්, සමාජය සහ ප්‍රතිපත්ති සම්පාදකයින් යන විවිධ පාර්ශවවල වගකීමකි. ප්‍රතිපත්ති සම්පාදකයින් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම අධෛර්යමත් කරන, පන්ති භේදය, ස්ත්‍රී පුරුෂ භාවය යනාදිය නොසලකා සියලුම සිසුන්ට සමාන ප්‍රවේශය සහතික කරන අධ්‍යාපන ප්‍රතිපත්ති නිර්මාණය කර ක්‍රියාත්මක කළ යුතුය. අධ්‍යාපනය මූලික අයිතියක් ගලස සැලකිය යුතු අතර, වරප්‍රසාද සහිත කිහිප දෙනෙකුට පමණක් ලැබිය යුත්තක් නොවෙයි. එවැනි අධ්‍යාපන ප්‍රතිපත්ති හරහා ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාව සහ සියලු දෙනා සඳහා සමාන අවස්ථා ඇති කිරීම සක්‍රීයව ප්‍රවර්ධනය කළ යුතු වෙයි. ඒ හරහා, සියලු දෙනාට සමාන අවස්ථා ඇති, තම අනන්‍යතාව කුමක් වුවත් ගෞරවාන්විතව අධ්‍යාපනය ලැබීමේ වටපිටාවක් නිර්මාණය වනු ඇත. මුල් බැසගත් ධූරාවලීන්ගේ සීමාවන්ගෙන් නිදහස්ව, සියලු මනස් සමෘද්ධිමත් විය හැකි අවකාශයන් නිර්මාණය කිරීමෙන්, අපට වඩාත් සාධාරණ හා බුද්ධිමය වශගයන් සජීවී අධ්‍යාපන ක්‍රමයක් ගගාඩනගා ගත හැකිය – එය සියලුම සිසුන්ගේ සමාජ පසුබිම නොසලකා ඔවුන්ගේ සත්‍ය විභවය මුදා හරිනු ලබන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කරනු ඇත.