අධ්‍යාපන විවාදය සඳහා මඟ හෙළිකිරීම

සිවමෝහන් සුමති 

“නිදහස් අධ්‍යාපනය යනු අහසෙහි ඇති යමක් නොවේ. මට එය ස්පර්ශ කළ හැකිය. මට එය විඳිය හැකිය.”

මා අතිමහත් විමතියට පත් කරමින් ලේඛන කුසලතා උගන්වන මූලික පන්තියක සිසුවියක් ඉහත වදන් පෙළ ලියයි. නිදහස් අධ්‍යාපනය පිළිබඳව මෙතරම් සරලව, මෙතරම් හැඟීම් අවදි කරවන සුළු ලෙස සහ මෙතරම් න්‍යායාත්මකව ඉදිරිපත් කරන ලද අදහසක් මට මින් පෙර කිසි දිනෙක හමු වී නැත. පුවත්පත් සහ සමාජ මාධ්‍ය ඔස්සේ, දේශපාලනඥයින් සහ ප්‍රතිපත්ති  සම්පාදකයින් අතර, අධ්‍යාපනඥයින් සහ පරිපාලකයන් අතර මත ගැටුම් ඇවිලෙමින් පවතිද්දී, තමන්ගේ යැයි දැනෙන්නට පටන් ගත් භාෂාවකින් නිදහස් අධ්‍යාපනය පිළිබඳව තම හැඟීම වචන වලට පෙරළීමට වෙර දැරූ එම සිසුවියගේ මෙම හැඟුම් කැටි වූ ප්‍රකාශනයෙහි මම එල්බ සිටිමි. අපගේ විශ්වවිද්‍යාල තුළ ඇති සාරවත් සියලු දේ ඇගේ ප්‍රකාශනයෙහි ගැබ්ව ඇත: ප්‍රවේශය, දැනුම ලබා ගැනීම, සහ අප අවට ලෝකය පිළිබඳව දැන ගැනීම, වෙනත් ආකාරයකින් දක්වන්නේ නම් සමාජ සචලතාව සහ රට, සමාජය සහ ලෝකය තුළ කෙනෙක්ට හිමි  ස්ථානය පිළිබඳ ඇති දැනුවත් භාවය.

භෞතිකමය වශයෙන් පුරවැසිභාවය යන්න නිර්මාණය කරනු ලබන මුල්ගල් අතරින් එකක් වී ඇත්තේ අධ්‍යාපනයයි. අධ්‍යාපනය නිසා ලැබී ඇති මහර්ඝ සචලතා මඟින් දේශීය හා ජාතික වශයෙන් වූ බල ආයතන වලට ප්‍රවිශ්ඨ වීමට මෙන්ම, ප්‍රජාවල සංස්කෘතිය, මාධ්‍ය සහ නිලතල හා තනතුරු සම්බන්ධ අනෙකුත් ආයතන වලට ප්‍රවේශ වීමටද හැකියාව උදා කර ඇත. අප එකිනෙකා අතර තම තමන් පිළිබඳල තනිව හා සමාජයක් ලෙස, ස්වයං සවිඥානික බවක් – බහුවිධ සමාජ සාධක නිසා බෙදී ගිය එකක් වුවද – සහ, අප කෙරෙහි අපගේම යුතුකමක් පිළිබඳ හැඟීමක් ඇති කර ඇත්තේ අධ‍්‍යාපනය මඟිනි. පුළුල්තම අර්ථයෙන් ගත් කලල මෙම යුතුකම විසින්  අධ්‍යාපනයෙහි ලා පුරවැසියාගේ භූමිකාව පිළිබඳව තේරුම් ගැනීමට සහ ප්‍රකාශ කිරීමට අපව උනන්දු කරවනු ලබයි. විවිධ පෙරමුණු හරහා දේශපාලන ක්‍රියාකාරිත්වය අරඹන සහ ඌණ පුර්ණය කරන්නාවූ බුද්ධිමත් සහ විචක්ෂණශීලී ජනතාවගේ කොටසක් බවට පත්වීමට මෙන්ම වෙනසෙහි සවිඥානික නියෝජිතයින් බවට පත්වීමට යෝග්‍ය වන අයුරින් අධ්‍යාපනය විසින් අපව බලගන්වයි. අධ්‍යාපනය තුළ මහත් ඕනෑකමින් සුරැකිය යුතු, ප්‍රජාතන්ත්‍රවාදය හඹා යන ව්‍යාපාරයක් ලෙස මම මෙය හැඳින්වීමට කැමැත්තෙමි.

අධ්‍යාපනයෙහි අර් බුදය සහ අධ්‍යාපනය කෙරෙහි වූ අර් බුදය: වාණිජ කුසලතා සහ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම

මෙම ගතික සමාජ ක්‍රියාවලිය ආතතියට ලක්ව ඇති අතර අධ්‍යාපන සවිබල ගැන්වීමේ ආයතන වටලනු ලැබ ඇත. වර්තමානයෙහි අධ්‍යාපනය මුහුණ දෙන්නා වූ අභියෝගය දෙයාකාර වේ. අධ්‍යාපනය අර් බුදකාරී වී ඇත්තා සේම අධ්‍යාපනය කෙරෙහි අර්බුද ඇති වී ඇති අතර ඒවා අතර සබඳතාවක් පවතියි.

අධ්‍යාපනයේ අර් බුදය නම්, එහි ප්‍රජාතන්ත්‍රවාදී ශක්‍යතා පිලිබඳ අදහස වියැකී යාමයි. එනම් ආන්තීකරණය වූ පිරිස් සවිබල ගැන්වීමට සහ වඩාත් යහපත් ප්‍රජාතන්ත්‍රවාදයක් උදෙසා ලෝකය පිලිබඳ දැක්ම ප්‍රතිසකස් කිරීම යන දෙකයි. එය අපගේ අධ්‍යාපනයෙහි අන්තර්ගතය සහ එහි අරමුණු පිළිබඳවයි. අධ්‍යාපනඥයින් වශයෙන් අප සේවය කරන්නේ කාටද? ක්‍රියාකාරකයින්  වශයෙන් නැඟී එන එහෙත් ප්‍රබල නොවන පොදු මහජනතාවටද, එසේත් නොමැති නම් දැනටමත් අධිකාරීමය හා බලවත් තනතුරුවල සිටින පුද්ගලයන්ට, වෙනත් වචන වලින් කිවහොත්, වාණිජ අංශයටදර? අධ්‍යාපනය කෙරෙහි වූ අර් බුදය නම්,  අධ්‍යාපනයට පරිබාහිර වූ වෙළඳපොල බලවේග හරහා අධ්‍යාපනය විසින් අධ්‍යාපනයම, එනම් විෂය, ගුරුවරු, ශිෂ්‍යයෝ සහ ආයතන ආදිය බල රහිත කිරීම සහ එහි මූලිකාංග දියකර හැරීමයි.

වාණිජ බලවේග ඉහළින් තබා සළකන ආකාරයත්, එය අපට අහිතකර ලෙස බලපාන ආකාරයත් පිළිබඳ ප්‍රථමයෙන් අවධානය යොමු කිරීමට මම බලාපොරොත්තු වෙමි. වත්මන් සන්දර්භය තුළ ගෝලීයකරණය යනු ධනවාදී මූල්‍යකරණයේ සීඝ්‍ර වර්ධනයටත්, සමාජවාදී පුරවැසිතන්ත්‍රයක් කරා ගමන් කළහැකි ආකාරයේ සාමූහික බලවේගයක් වන ශ්‍රමය දියකර හැරීමටත් භාවිත කරන තවත් නමකි. වත්මනෙහි වාණිජමය වශයෙන් මෙහෙයවෙනු ලබන ප්‍රතිපත්ති  විසින් අධ්‍යාපනය යනු වෙළඳ භාණ්ඩයක් ලෙසත්, තම ආත්මයට, පුද්ගලයාට, සමාජයට කිසිඳු සම්බන්ධයක් නොමැති කුසලතා සහ හැකියාවන් ගොන්නක් පමණක් ලෙසත් දකී. එය ශිෂ්‍යයාගේ, ශාස්ත්‍රයේ මෙන්ම සමස්ත සමාජයේම මානසික සහ ශාරීරික සුබසිද්ධියෙන් සම්පූර්ණයෙන්ම  ස්වායක්ත වූවක් ලෙස දකිනු ලබයි. දෙවනුව, අධ්‍යාපනික ආයතනයන්ට, විශේෂයෙන්ම විශ්වවිද්‍යාලයට, එය කෙරෙහි වූ ස්වයං අවබෝධය ගිලිහී යාමට ඉතා ආසන්නව ඇත. උත්ප්‍රාසය වන්නේ, දිගුකලක් තිස්සේ ඉගෙනීම සහ ඉගැන්වීමේ භූමිකාව පිලිබඳ විවාදයේත්, සමාජය සහ ඉගෙනීම අතර ඇති සම්බන්ධය පිලිබඳ විවාදයේත් නියමුවා ලෙස විශ්ව විද්‍යාල හඳුනාගෙන තිබීමයි. මෙම මතය අභියෝගයට ලක් කිරීම නරක අදහසක් නොවුනද, වර්තමානයෙහි සිදුවන්නේ පටු දේශපාලනික හා දේශපාලනීයකරණය වූ දක්ෂිණාංශික බලවේග මඟින් මෙම භූමිකාව අත්පත් කරගෙන  කරගෙන තිබීමයි.

එක් පැත්තකින් විෂයය සහ එය අදාළ ක්ෂේත්‍රය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමත්, තවත් අතකින්, පාවුලෝ ෆ්‍රේරේ විසින් රචිත ‍Pedagogy of the Oppressed නම් කෘතියෙහි සුප්‍රකට ලෙස අවධාරණය කර ඇති ආකාරයට විචාරශීලී සවිඥානය පිලිබඳ න්‍යායාත්මක හා දේශපාලනික ආඛ්‍යානයක් අත් කර ගැනීමත් වැනි පුළුල් අරමුණු වලින් ආඪ්‍යව පැවති අධ්‍යාපන ආයතන කෙමෙන් බෙලහීන තත්වයට පත් කිරීමට මෙම කරුණු හේතු පාදක වී තිබේ. ඇත්ත වශයෙන්ම, අධ්‍යාපනය සහ එහි ආයතන වලට ජීවය දෙන සිසුන්, ගුරුවරුන්, දෙමව්පියන් සහ අනෙකුත් අය කෙමෙන් අකර්මණ්‍ය වන  ආකාරය අප ඉදිරියේ දිග හැරෙමින් පවතියි.

බලයට පත් වන සියලු රජයන් විසින් සිදු කර ඇති දේශපාලනික අඩන්තේට්ටම් වල එක් ප්‍රතිඵලයක් ලෙස, විශ්වවිද්‍යාල සහ පාසල් විශාල වශයෙන් මූල්‍යමය පීඩනයකට ලක්ව තිබේ. ගාස්තු අයකරමින් උගන්වන පාඨමාලා හරහා තමන් විසින්ම තම අරමුදල් සපයා ගන්නා ලෙසට නිරන්තරයෙන්ම විශ්වවිද්‍යාල වලට එල්ල වන පීඩන තුළින් පෞද්ගලීකරණයට දොර විවර වී ඇත. ඒත් සමඟම, නවතම සහ ප්‍රබලව ප්‍රවණතාව විසින් උත්සහ දරන්නේල  ‘කුසලතා’ සහ ‘නිපුණතා’ ඉල්ලමින්, සැබෑ ඉගෙනීමෙහි බිඳී ගිය, දුර්වල අනුකරණයක් තුළින් අධ්‍යාපනය වෙළඳ භාණ්ඩ එකතුවක් කිරීමටයි. ඉගෙනීම වෙනුවට ආයතනික කුසලතා ලබා ගැනීමට අපව තල්ලු කරන අධිකාරීමය විධානයන්ගේ සිට මානසික පීඩන සහ පෙළඹවීම් දක්වා වන චක්‍රලේඛණ, මිනුම්, අධ්‍යයන, නියෝග, දේශන වලට අපි දිනපතා මුහුණ දෙන්නෙමු. නිරන්තරයෙන්ම, විවිධ නියෝජිතායතන හරහා සිදුකරනු ලබන, ක්‍රමවත් සුපරීක්ෂාකාරී පර්යේෂණ යැයි කියාගන්නා අධ්‍යයන මඟින් අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීම, වාණිජකරණය කිරීම, සහ පෞද්ගලීකරණය කිරීම සාධාරණීයකරණය කරයි. ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව පිළිබඳ කෙරී ඇති ජාතික අධ්‍යයන මේ සම්බන්ධයෙන් කුප්‍රකට වන අතර, Pathfinder පදනම, IPS වැනි ආයතන මඟින් ඊට අවශ්‍ය ඌණ පූර් ණ සපයයි. මෙම අධ්‍යයන මාලාවේ නවතම ලේඛනයක් වන ‘සංවර්ධනය තුළ තෘතීයික අධ්‍යාපනයේ භූමිකාව’ නම් බ්‍රිතාන්‍ය කවුන්සිල් වාර්තාව, ඇතැම් විශ්වවිද්‍යාල වල කියවීම් ලැයිස්තුවට පවා පිවිසීමට සමත්ව ඇත.

විශ්වවිද්‍යාලය පිළිබඳ මෙම නව ලිබරල්වාදී රාමුව තුළ, ගුරුවරයා යනු දැනුම ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයන්නෙක් වන අතර, සිසුවා යනු පරිභෝජනය සඳහා සුපිරි වෙළඳ සැලකින් භාණ්ඩ පැකේජයක් මිලදී ගන්නෙකි. එහෙත් මෙම නව ගනුදෙණුව තුළ ගුරුවරයා හෝ ශිෂ්‍යයා හෝ බලවත් නොවේ. ශිෂ්‍ය-පාරිභෝගිකයාට හැකියාව ඇත්තේ හිස් සුපිරි වෙළඳ සැලක කවුළුවෙන් බලමින් සාප්පු සවාරියේ යෙදීමට පමණක් වන අතර, ගුරුවරයා ආර් ථිකය හෝ සමාජ-දේශපාලනික සංස්කෘතිය හෝ තිරසර කිරීමට නොහැකි ආකාරයේ භාණ්ඩ අළෙවි කරන වෙ‍ළෙන්දෙක් බවට පත්වේ.

රැකියා විරහිත උපාධිධාරියා පිළිබඳ මිථ්‍යාව

ශ්‍රී ලංකා ශ්‍රම බලකා සමීක්ෂණය මඟින් අනාවරණය කර ඇති පරිදි, වර්තමානය (2020) වන විට පවතින බවට අනුමාන කරන රැකියා විරහිතභාවය 5ග4්‍ර කි. එහෙත් මෙම ගණනය කිරීමට අති විශාල අවිධිමත් අංශය ඇතුළත්ව නොමැත. රාජ්‍ය අංශය තුළ උපාධිධාරීන්ගේ රැකියා විරහිත භාවයේ ප්‍රතිශතය පිළිබඳව පැහැදිලි මිනුමක් ද දක්නට නොලැබේ. කලා උපාධිධාරීන් ඉතා විශාල ප්‍රමාණයක් රැකියා විරහිතව සිටින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මඟින් 2018 දී සිදුකළ අධ්‍යයනයකින් සොයා ගෙන ඇත. එනමුත්, පර්යේෂණයේ සැලැස්ම සහ සොයාගැනීම් පිළිබඳව සෝදිසි කිරීමේදී, 1265ක් වූ සහභාගීවන්නන්ගේ ප්‍රතිචාරයන්ගෙන් බහුතර ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබී ඇත්තේ කලා උපාධිධාරීන්ගෙන් යැයි වාර්තාවේ සඳහන් වීම, පර්යේෂණය තුළ පිළිගත නොහැකි සහසම්බන්ධතා සහ බරපතල පක්ෂපාතීත්ව පිළිඹිබු කරයි. මෙහි සොයාගැනීම් මෙවැනි අසමතුලිතතාවයන්ගේ බලපෑමට ලක්ව තිබේ. මෙම අධ්‍යයනය මගින් අපේ අවධානය යොමු කරවනු ලබන තවත් කරුණක් වන්නේ, රැකියා විරහිත පුරුෂ උපාධිධාරීන්ට වඩා රැකියා විරහිත කාන්තා උපාධිධාරීන්ගේ ප්‍රමාණය සාපේක්ෂව විශාල බවයි. නමුත්, මෙම තත්ත්වය පිළිබඳව වැඩිදුර ගවේෂණයක් සිදු වී නොමැත. මෙම අධ්‍යයනය යෝජනා කරන්නේ රැකියා අවස්ථා ඇති  බවත්, යම් උපාධිධාරියෙකු රැකියාවක් නොමැතිව සිටින්නේ නම් එය එම ශිෂ්‍යාගේ වරදක් හෝ එම ශිෂ්‍යයා පසුවන තත්වයේ වරදක් බවත් ය. එය කිසිම විටක පවතින රැකියා අවස්ථා සහ රැකියා අවස්ථා බහුලව සාන්ද්‍රණය වී ඇත්තේ කුමන අංශ වලද යන්න පිළිබඳ සොයා නොබලයි. මෙම අධ්‍යයනයේ සාකච්ඡා වන ආකාරයට, රැකියා විරහිතභාවයට හේතුව ආරෝපණය කර ඇත්තේ උපාධිධාරියා තුළ රැකියාවක් සිදු කිරීමට ඇති නුසුදුසු බවටය. එහෙත්, ශ්‍රී ලංකා ජන හා සංඛ්‍යා ලේඛන දෙපර්තමේන්තුවේ 2017 ශ්‍රම ඉල්ලුම පිළිබඳ සමීක්ෂණය මඟින් පෞද්ගලික අංශය පිළිබඳව සපයන දත්ත මඟින් පැහැදිළිව පෙන්නුම් කරන්නේ පවතින රැකියා අවස්ථා වලින් වැඩි කොටසක් ඇඟළුම් ක්ෂේත්‍රයේ සහ ආරක්ෂක සේවය තුළ කැටිව ඇති බවයි; එම දෙකෙන් එකකටවත් උපාධියක් අවශ්‍ය නොවේ.

භාවිතයක් නිර් මාණය කිරීම 

අධ්‍යාපනය හුදු සංඛ්‍යා සහ කරුණු පිළිබඳව පමණක් විය නොහැක. රජය, අධ්‍යාපනායතන, ආර් ථිකය, අධ්‍යාපනය, සංස්කෘතිය සහ සමාජය අතර ඇති සම්බන්ධතා සම්බන්ධයෙන්, රැකියා නියුක්තිය පිළිබඳව වන අධ්‍යයනයක් මඟින්  ප්‍රශ්න නැඟිය යුතුව ඇත. එය ඒකාධිපති ප්‍රකාශන වලින්, ඒකාධිපති හිස් වචන වලින් පිරි ඒක-දිශානතික ගමනක් නොවේ. ප්‍රථමයෙන්ම, රැකියාවක් කිරීමට ඇති සුදුසු බව සහ රැකියා නියුක්තිය පිළිබඳව ඇති නිගමන පිළිබඳ නැවත සිතා බැලිය යුතු වේ. පරිධියේ සිටින්නන් කේන්ද්‍රයට ගෙන එන, යුක්තිය පිලිබඳ විචාරශීලී ප්‍රශ්න නඟන, ඒ සමබන්ධව සමාජය ගවේෂණය කරන ආර්ථිකය හා සමාජය අතර සහජීවනයේ ගතික චලනයක් ලෙස අධ්‍යාපනය ගැන අප සිතන්නේ නම් රැකියාවක නිරත වීමේ හැකියාවකින් තොර කිසිඳු පුද්ගලයෙක් නොමැත යන සූත්‍රගත කිරීමට අපට පැමිණිය හැකිය. මේ සඳහා අපට පවතින තත්ත්වය පිළිබඳ පරීක්ෂාකාරී ගැඹුරු අධ්‍යයනයක් අවශ්‍ය වේ. අපගේ ශිෂ්‍යයා මෙම සන්දර්භයෙහි කොටසක් වනවා සේම එම තත්වය හැඩගන්වීමෙහි ලා ක්‍රියාකාරී සමාජ නියෝජිතයෙක්ද වේ. අපේ ආරම්භක පදනම් උපකල්පනයත්, අප ළඟා කර ගැනීමට බලාපොරොත්තු වන පරමාදර්ශයත් විය යුත්තේ මෙයයි. ඒ සඳහා ප්‍රථමයෙන්ම කළ යුත්තේ ‘සේවා නියුක්ති හැකියාව’ වැනි කොහෙන්වත් කෙලවර නොවන වචන ප්‍රතික්ෂේප කිරීමත්, ඒ වෙනුවට ‘සේවා නියුක්තිය’ යනු අසීමිත අවස්ථා සපිරි නිමක් නැති මාර්ගයක් සේ සිතීමත් ය.

අධ්‍යාපනය වටා ඇති  වර්තමාන ප්‍රවණතා පිළිබඳ වහාම සැළකිල්ලට ගත යුතු ඇතැම් කරුණු ගෙන හැර දැක්වීමේදී මෙන්ම, පුද්ගලයා කේවල සහ සමූහ මට්ටමින් යෙදෙන්නා වූ සජීවීල සංවාදශීලී ජවනිකාවක් ලෙස අධ්‍යාපනය තේරුම් ගැනීමේදී, මම මගේ ශිෂ්‍යාවගේ වචන නැවත අර්ථ දක්වා ඇත්තේ මෙම රටෙහි වෙසෙන පුරවැසියන් විශාල ප්‍රමාණයක් වඩාත් සවිබලගැන්වීමක් ලෙසිනි. වඩාත් හොඳ අධ්‍යාපනයක් ලබාදීමත්, අධ්‍යාපනය වඩාත් ප්‍රජාතන්ත්‍රීයකරණය කිරීමත්, සහ අපේ අනාගතය පිළිබඳ වඩාත් උදාර දැක්මකුත් අපට අවශ්‍යව ඇත. මෙම සිතුවිලිත් සමඟ  අධ්‍යාපනය පිළිබඳව වූ අපගේ දෙසතියකට වරක් පළ වන කුප්පි ටෝක් දියත් කරන්නෙමු; එහිදී අධ්‍යාපනය සම්බන්ධ ගැටළු මාලාවක් සහ වඩාත් හොඳ ලෝකයක් උදා කරලීමට අධ්‍යාපනයට ඇති හැකියාව පිළිබඳව ගවේෂණය කෙරෙනු ඇත.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *