අනුගත වීම, යටත් භාවය සහ සහය දැක්වීම: කනිෂ්ඨ කථිකාචාර්යවරියකගේ ආවර්ජනා
“මම අපේක්ෂා කරන දේ දැන් ඔබ දන්නා නිසා, ඒ මත පදනම්ව ඔබලා ලබාදුන් පිළිතුරු පිළිබඳව නැවත සිතා බලන්න.” මේ පසුගිය දිනක පන්ති කාමරයක් තුළ මා ලබාදුන් උපදෙසකි. එම අවස්ථාවේ මට සිතුනේ එම උපදෙස, ඉංග්‍රීසි දෙවන භාෂාවක් ලෙස ඉගෙන ගන්නා එම පන්ති කාමරය තුළ සිය තේරීම් පිළිබඳ සිතා බැලීමට සිසුන් යොමු කරවූ විවෘත ආරාධනයක් ලෙසයි. නමුත් වැඩිදුර සිතා බැලීමේදී මට පැහැදිලි වන කරුණක් වන්නේ මා විසින් ලබාදුන් එම නිදහස අදාළ වන්නේ, භාෂා කුසලතාව යැයි මා හඳුනා ගන්නා දේ ප්‍රශ්න කළ නොහැකි බව පිළිගන්නා අයට පමණක් බවයි. කොටින්ම කියන්නේ නම් ගුරුවරයා වශයෙන් මගේ අපේක්ෂාවන් මොනවාදැයි ඔවුන් දැනගත යුතු බව සන්නිවේදනය කිරීම තුළින් මා සිදුකොට ඇත්තේ ඔවුන්ගේ පිළිතුරු එක් පැත්තකට හැරවීමය.
අනුගත වීම, යටත් භාවය සහ සහය දැක්වීම: කනිෂ්ඨ කථිකාචාර්යවරියකගේ ආවර්ජනා Read More »









