Author name: Hasini Lecamwasam

අරගලය මර්දනය කිරීම; අධ්‍යාපනය සහ සමාජ පන්තිය පිලිබඳ කතිකාව

අරගලකරුවෝ ඒකාධිපති රාජපක්ෂ රෙජීමය පරාජය කරනු ලැබුවේ, ජනාධිපති, අගමැති ධූර වලින් රාජපක්ෂවරු ඉල්ලා අස්වීමට සැලැස්වීමෙනි. රාජපක්ෂ රාජධානියේ බිඳ වැටීමත් සමඟ, රාජපක්ෂවරුන්ගේ රූකඩයක් වූ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ විකෘති බහුතරයක් සමඟ ජනාධිපති බවට පත්විය. ජනතා කැමැත්තකින් තොරව ජනාධිපති බවට පත්වූ වික්‍රමසිංහ ඔහුට ජනාධිපති වීමට පාර කැපූ අරගලය මර්දනය කිරීම ඇරඹීය.

අරගලය මර්දනය කිරීම; අධ්‍යාපනය සහ සමාජ පන්තිය පිලිබඳ කතිකාව Read More »

ආර්ථික අර්බුද සමයක අධ්‍යාපනය

වත්මන් ආර්ථික අර්බුදය රටේ අධ්‍යාපනයට දරුණු ලෙස බලපෑම් කොට ඇත. පෙර පාසලේ පටන් විශ්ව විද්‍යාලය දක්වා සිසුන්, ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් යන සියලු දෙනාටම මෙම බලපෑම දැනී තිබේ. නිතර සිදුවන විදුලි කප්පාදු කිරීම් සහ ලිපිද්‍රව්‍ය හා රසායන ද්‍රව්‍ය වැනි සැපයුම් හිඟතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතු දිගටම කරගෙන යෑමට අපේ අධ්‍යාපන ආයතන ඉමහත් ප්‍රයත්නයක් දරයි.

ආර්ථික අර්බුද සමයක අධ්‍යාපනය Read More »

කලා පීඨ වල දිශානතිය – ප්රතිපිළිතුරක්

මීට මසකට පමණ පෙර මෙම තීරුවට ලිපියක් ලියමින් මා කියා සිටියේ වත්මන් තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලීන් තුළ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා විෂයන් සඳහා ඇත්තේ ඉතා අඩු ඉඩක් බවයි. රුහුණු විශ්ව විද්යාලයේ උපකුලපතිවරයකුව සිටි මහාචාර්ය සුසිරිත් මෙන්ඩිස් ඊට පිළිතුරක් වශයෙන් ලියූ ලිපියකට අනුව මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා විෂයන් වලින් ලබාදෙන දැනුම වැදගත් වුවත්, මෙම ක්ෂේත්‍ර වලින් සාර්ථක වෘත්තිකයන් බිහි කිරීමට ලංකාවේ විශ්ව විද්‍යාල අසමත් වී ඇත.

කලා පීඨ වල දිශානතිය – ප්රතිපිළිතුරක් Read More »

ලාංකේය විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සමාජ විද්‍යාවන් හා මානව ශාස්ත්‍ර අවතක්සේරු කිරීම

2021 වර්ෂයේදී  ලාංකේය විශ්ව විද්‍යාල පද්ධතිය සමාජ විද්‍යාවන් හා මානව ශාස්ත්‍ර වල සිය 100 වැනි සංවත්සරය සනිටුහන් කළේය. මේ සඳහා විශේෂ සම්මන්ත්‍රණයක්ද සංවිධානය කෙරුණු අතර ඒ තුළින් මෙම ක්ෂේත්‍රය සෞඛ්‍යමත්ව පවතින බවට හැඟීමක්ද ලබාදෙන ලදී.

ලාංකේය විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සමාජ විද්‍යාවන් හා මානව ශාස්ත්‍ර අවතක්සේරු කිරීම Read More »