Author name: Hasini Lecamwasam

ඩිජිටල් බෙදීම: ලංකාවේ උසස් අධ්‍යාපනය කෙරෙහි කෘතිම බුද්ධියෙහි බලපෑම 

‘ඩිජිටල් බෙදීම’ යන පදය කරළියට පැමිණියේ 1990 ගණන් වල ඇමෙරිකාව තුළ ප්‍රාදේශීය හා පන්ති බෙදුම් රේඛා මත තාක්ෂණයට තිබූ ප්‍රවේශයෙහි වෙනස්කම් හැඳින්වීමටය. පසුව එය ගෝලීය මට්ටමේ එවැනි විෂමතා හැඳින්වීමට යොදාගන්නා ලදී. මෙම අසමානතා අතර උපකරණ වලට ඇති ප්‍රවේශය, අන්තර්ජාලයට ඇති ප්‍රවේශය, අන්තර්ජාල සබඳතා වල වේගය සහ ගුණාත්මක භාවය, සහ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව යන කරුණු අඩංගු වේ. කොවිඩ්-19 වසංගත සමය තුළ ලංකාවේ මෙම බෙදීමේ තීව්‍රතාවයත්, එමඟින් අධ්‍යාපන පද්ධතිය තුළ පවතින අසමානතා තවත් තියුණු කළ හැටිත් අපි අත්දුටුවෙමු. මාර්ගගත ක්‍රමයට පරිවර්තනය වීම ග්‍රාමීය, නාගරික දරිද්‍ර හා වතුකර වැනි අවාසියට ලක්වූ පසුබිම් වලින් එන සිසුන් හට විශේෂයෙන්ම අපහසු විය. එහෙත් මේ ඛේදවාචකයේ ධනාත්මක පැත්තක් පෙන්වීමට ප්‍රතිපත්ති සම්පාදකයින් සහ දේශපාලනඥයින් උත්සාහ ගන්නා ලදී. නමුත් වඩා හොඳ සංඥා ලබාගැනීම සඳහා ගස් හා කඳු මුදුන් වලට නඟින සිසුන් හා තාක්ෂණයෙන් ව්‍යාකූල වූ ගුරුවරුන්ගෙන් පිරි තත්වයක් තුළ, අධ්‍යාපන පද්ධතියේ වේදනාකාරී අසමානතා පැහැදිලිව පෙනෙන්නට විය. තාක්ෂණය මඟින් සාම්ප්‍රදායික අධ්‍යාපන මාදිලි වෙනස් කරන ආකාරය සහ අධ්‍යාපන භාවිතයන් වඩා ප්‍රජාතාන්ත්‍රීය කරන ආකාරය පිළිබඳ වූ ආඛ්‍යාන, ලංකාවේ මෙම අත්දැකීම මඟින් සංකීර්ණ කරන ලදී. අධ්‍යාපනයට පවතින ප්‍රවේශයේ ඇති අසමානතා නැති කිරීමට තාක්ෂණයට ඇති හැකියාවත්, එම නිසා අධ්‍යාපනය තුළ තාක්ෂණයේ නවෝත්පාදන වැඩි කිරීමටත් කෙරෙන ඉල්ලීම් පිළිබඳ අප ප්‍රවේශමෙන් බැලිය යුත්තේ, එම හැකියාව තීරණය වීමට වෙනත් සමාජ, පන්තිමය සහ ප්‍රාදේශීය අසමානතා මඟින් බලපෑම් කරන බැවිනි.         

ඩිජිටල් බෙදීම: ලංකාවේ උසස් අධ්‍යාපනය කෙරෙහි කෘතිම බුද්ධියෙහි බලපෑම  Read More »

තෘතීයික අධ්‍යාපනයේ අරමුදල් කපා හැරීම ඇත්තෙන්ම මේ මොහොතේ අවශ්‍යතාවයද?

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අරමුණු කරගත් රජයේ නවතම මැදිහත්වීම වන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මේ වනවිට තදින් විවේචනය වී, අදාළ නොවන තත්වයට පත්ව ඇත (කුප්පි තීරුවේ මෙවැනි විවේචනයක් කියවීම සඳහා 2024 මාර්තු 19 වන දින රම්‍යා කුමාර්ගේ ලිපිය බලන්න). අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසින්ද යෝජිත ප්‍රතිපත්ති රාමුවේ භාවිත භාෂාව සහ එහි නිර්දේශ සමහරක් සම්බන්ධයෙන් විසම්මතිය පල කොට, ප්‍රයෝජනවත් නිරීක්ෂණ ඉදිරිපත් කොට තිබේ.

තෘතීයික අධ්‍යාපනයේ අරමුදල් කපා හැරීම ඇත්තෙන්ම මේ මොහොතේ අවශ්‍යතාවයද? Read More »

ප්‍රතිසංස්කරණවාදී අධ්‍යාපනයකින් විප්ලවීය අධ්‍යාපනයක් කරා 

මහනුවර ඉපදී හැදී වැඩුණු කෙනෙකු වශයෙන් නුවර ඇසල පෙරහැර මම අඩු වශයෙන් 10 වතාවක් නරඹා ඇත්තෙමි; පාසල් කාලයේදී අඩු වශයෙන් පස් වතාවක් එය චිත්‍රයට නඟා ඇත්තෙමි. පෙරහැරට ආරක්ෂාව සැපයීමට පැමිණෙන ආරක්ෂක අංශ වල සාමාජිකයන්ට නවාතැන් පහසුකම් සැපයීමේ අවශ්‍යතාව නිසා දීර්ඝ පාසල් නිවාඩු පෙරහැර කාලයේදී ලැබුණි. අයිස් ක්‍රීම් කරත්ත, ඉස්සෝ වඩේ, බැලුන් සතුන්, සද්ද නලා සහ කළුවරේ දිලිසෙන රිටි වලින් පිරි අගෝස්තු මාසය ළමා කාලයේ මගේ මතකයන් අතර සැණකෙළි ස්වභාවයක් දරයි. වයසින් වැඩිවත්ම මේ ක්‍රියාවලිය පිළිබඳ ප්‍රශ්න ගණනාවක් මට ඇතිවිය: ‘සාදු සාදු’ කියන විට මිනිසුන් සිය දෑත් ඔසවන්නේ ඇයි? පෙරහැරේ අලි යන්නේ ඇයි? අලුත උපන් දරුවන් ආශීර්වාදය සඳහා යැයි කියමින් අලියාගේ බඩ යටින් ගෙනියන්නේ ඇයි? අලින්ට විශේෂ සුවකිරීමේ බලයක් තිබේද? ඔවුන් දිව්‍යමය සතුන්ද? එසේනම් ඔවුන් බැඳදමා ඇත්තේ ඇයි? ඔවුන් මෘගයන්ද?

ප්‍රතිසංස්කරණවාදී අධ්‍යාපනයකින් විප්ලවීය අධ්‍යාපනයක් කරා  Read More »

වෛද්‍ය උපාධිය සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ! මිලිටරි ආරක්ෂාව යටතේ ගාස්තු ගෙවීමේ පදනම මත වෛද්‍ය පාඨමාලා හඳුන්වා දීම 

අප්‍රේල් මස මුලදී ආරක්ෂක ඇමති ලෙස සිය ධාරිතාවෙන් ජනාධිපති විසින් හඳුන්වා දෙනු ලදුව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද යෝජනාවකට අනුව, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ගාස්තු ගෙවීමේ පදනම මත දේශීය සිසුන් බඳවා ගැනීමට අවශ්‍ය පදනම සකසා දුනි. ඉන් අනතුරුව අදාළ විශ්ව විද්‍යාලයෙහි වෙබ් පිටුව මත ඊට අදාළ අයදුම්පත් කැඳවා තිබූ අතර, එසේ අයදුම්පත් යොමුකළ හැකි අවසාන දිනය ලෙස දක්වා තිබුණේ 2024 මැයි මස 5 වන දිනය. එනම් දැන්වීම පළවූ දින පටන් සති දෙකක් වැනි කෙටි කාලයකි.   

වෛද්‍ය උපාධිය සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ! මිලිටරි ආරක්ෂාව යටතේ ගාස්තු ගෙවීමේ පදනම මත වෛද්‍ය පාඨමාලා හඳුන්වා දීම  Read More »

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට විරුද්ධ වෙමු! නිදහස් අධ්‍යාපනය අහෝසි කිරීමට විරුද්ධ වෙමු! විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ගේ ප්‍රකාශයක්

අප ඉන්නේ පැවැත්ම පවා ත3⁄4ජනයට ලක්වන ආකාරයේ ආ3⁄4ථික අ3⁄4බුදයක් මැදය. දිනෙන් දිනවැඩිවන ණය බර මධ්‍යයේ අවිනිශ්චිත අනාගතයක ් පිළිබඳ සැකසංකා හා බැඳුණු සමාජ-දේශපාලනිකව්‍යසන සමඟ අප දිගටම පොර බදන්නෙම ු. පසුග ිය වසර කිහිපය තුළ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණයකිරීම සඳහා කරන ලද යෝජනා තුළ ින් අධ්‍යාපනය සමාජමය දේපලක් හැටියට දැකීමේ මෙරටභාවිතය වෙනස් කරන ්නට අර ඇදීම පිළ ිබඳව

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට විරුද්ධ වෙමු! නිදහස් අධ්‍යාපනය අහෝසි කිරීමට විරුද්ධ වෙමු! විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ගේ ප්‍රකාශයක් Read More »

‘විශ්ව විද්‍යාලයක්’ සඳහා වූ තර්කය 

අර්ථාන්විත වූ දැනුම් සම්පාදන ක්‍රියාවලියක් අවශ්‍යයෙන්ම අපේ සමාජ, දේශපාලන හා ආර්ථික පද්ධතීන් පදනම්ව ඇති චින්තන දහරා අධ්‍යයනය කිරීමටත්, වැඩි දෙනාගේ යහපත සඳහා ඒවා ප්‍රගතිශීලී ලෙස වෙනස් කිරීමටත් උත්සහ කරයි. විචාරාත්මක සංවාදය, සමාජ සාධාරණත්වය සහ මානව විමුක්තිය වෙනුවෙන් අරගල කිරීම හා සබැඳි විශ්ව විද්‍යාලයේ භූමිකාව, මෙම කාර්යභාරය සමඟ ළඟින් බද්ධ වී ඇත. විශ්ව විද්‍යාලයක් මඟින් ලබාදෙන සියළුම ආකාරයේ අධ්‍යාපනය – මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා මෙන්ම STEM විෂයන්ද ඇතුළුව – සංකල්පීමය විමර්ශන කිරීමටත්, ඒ ඔස්සේ ‘දැනුම’ වශයෙන් අප වටහා ගන්නා දේ රාමු කරන සුසමාදර්ශ (paradigm) මෙන්ම, ‘වාස්තවික සත්‍යය’ හා ‘විද්‍යාව’ ලෙස එමඟින් යම් යම් ආකාරයේ ඥානයන් ඉහළට ඔසවා තබන හැටි විභාග කිරීමේ හැකියාව ලබාදීමටත් සුදුසු ආකාරයේ දැනුමක් වියයුතු වන්නේ එබැවිනි. වෙනත් වචන වලින් කියන්නේ නම්, විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙහි ප්‍රතිඵලයක් වශයෙන්  සත්‍යය සහ දැනුමෙහි සාපේක්ෂ බවත්, ඒ අරබයා ඇති දේශපාලනයත් විනිවිද දැකිය හැකි ආකාරයේ දැනුමකින් විද්‍යාර්ථියා සන්නද්ධ විය යුතුය. එහෙත් විශ්ව විද්‍යාල අවකාශය තුළට වෙළඳපොළ අභිලාෂයන් ක්‍රමිකව සංක්‍රමණය වීම නිසා විශ්ව විද්‍යාලයේ මෙම භූමිකාව එන්න එන්නටම ඛාදනය වනවා පමණක් නොව, විශ්ව විද්‍යාලය ඇතුළත සිටින්නවුන් පවා එම අධ්‍යාපනය කුමනාකාරයේ එකක් වියයුතුදැයි යන්න පිළිබඳ දරන මතය පරිවර්තනයකටද ලක්ව තිබේ.     

‘විශ්ව විද්‍යාලයක්’ සඳහා වූ තර්කය  Read More »

ලංකාවේ ඉංග්‍රීසි ඉගැන්වීමේ ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලාංකේය ඉංග්‍රීසි ස්ථානගත කිරීම 

පසුගිය දශක කිහිපය පුරාවට, විශේෂයෙන්ම ’70 දශකයේ විවෘත ආර්ථිකය හඳුන්වා දුන් කාලයේ සිට, ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම ජාතික වශයෙන් වැදගත් මාතෘකාවක් වශයෙන් බවට පත්ව ඇත. ගෝලීයකරණය පිළිබඳ වඩා පුළුල් සන්දර්භයක් තුළ ඉංග්‍රීසි අධ්‍යාපනය වැඩිවර්ධනය කිරීම හදිසි, කාලීන හා ජාතික ආර්ථික සංවර්ධනයට සෘජුව බද්ධ වූ කාරණයක් ලෙස සැළකේ. මේ මාතෘකාවට ලබාදී ඇති වැදගත්කම කෙසේ වෙතත්, ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය අසමත් වූවක් බවට පොදු පිළිගැනීමක් ඇත. මීට ප්‍රධානම හේතු වශයෙන් දැක්වෙන්නේ දෙවැනි භාෂාවක් වශයෙන් ඉංග්‍රීසි ඉගැන්වීම පිළිබඳ නියමිත පුහුණුව ලැබූ ගුරුවරුන් නොමැති වීම හා සිසුන්ගේ පාර්ශ්වයෙන් උනන්දුව සහ ආකල්ප වල මඳ බවක් තිබීමය. මෙවැනි සන්දර්භයක් තුළ, මෑතදී මෙම තීරුවට සෙල්වරාජ් විශ්විකා විසින් ලියන ලද ලිපිය තුළින් ප්‍රශ්නයේ ඉතා වැදගත් මානයන් කිහිපයක් පෙන්වා දෙයි.    

ලංකාවේ ඉංග්‍රීසි ඉගැන්වීමේ ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලාංකේය ඉංග්‍රීසි ස්ථානගත කිරීම  Read More »

2023 ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව: විෂමතාව විසින් උසස් අධ්‍යාපනය අරක් ගැනීම?

ගෝලීය විෂමතාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. 2024 ජනවාරියේ OXFAM ආයතනය විසින් නිකුත් කරන ලද වාර්තාවකට  අනුව ලොව සුපිරි ධනවතුන් 1% සන්තකයේ එහි වත්කම් වලින් 43% ක් පවතී. වසංගත සමය තුළ ලොව ඉහළම ධනවතුන් පස්දෙනාගේ ධනය දෙගුණයක් වී ඇත්තේ බිලියන පහක ජනතාව තව තවත් දරිද්‍ර වූ සන්දර්භයක් තුළය. ශ්‍රමිකයන්ගේ එන්න එන්නටම අඩුවන වේතන, දැවැන්ත සමාගම් වලට නිතර ලැබෙන බදු සහන හා ඔවුන් විසින් සිදුකරන බදු ගෙවීම් පැහැර හැරීම් මෙන්ම, පොදු සේවා පෞද්ගලීකරණය නිසා මෙවැනි සමාගම් අත තව තවත් ධනය හා බලය සංකේන්ද්‍රණය වන බවත්, එතුළින් ඔවුන් ප්‍රතිපත්ති ක්‍රියාවලිය තුළ තව තවත් බලසම්පන්න වන බවත් OXFAM ආයතනය සිය වාර්තාව තුළින් පෙන්වා දේ.     

2023 ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව: විෂමතාව විසින් උසස් අධ්‍යාපනය අරක් ගැනීම? Read More »

අධ්‍යාපනය බේරා ගැනීම: “ඉහළ අහසේ! කුරුල්ලෙක්! ගුවන් යානයක්! සුපර් මෑන්!”

අධ්‍යාපනය කරදරේ වැටී ඇත. ධම්මික පෙරේරා වැනි උසස් මිනිසුන්ගේ ප්‍රශංසාත්මක ත්‍යාගශීලීභාවය, අරමුදල් හිඟ මෙම ක්ෂේත්‍රයට මෙවැනි මොහොතක අස්වැසිල්ලක් බව පැහැදිලිය. 1970 ගණන් වල සිට අධ්‍යාපනය කෙරෙහි වෙන්කරන රාජ්‍ය අරමුදල් වල ප්‍රමාණය පහත වැටී ඇති අතර, ලංකාව තුළ 1950-60 කාලයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 4% ක් ව පැවති එය 2022 වනවිට 1.2% ක් දක්වා පහත වැටී තිබුණි. වර්තමානය වනවිට සමාජයේ භෞතික අසමානතා අවම කරන ප්‍රතිපත්ති වෙනුවට දැකිය හැක්කේ වැඩි වැඩියෙන් ප්‍රාග්ධනය සමුච්චනය කරන ප්‍රතිපත්තීන්ය. ඊට පදනම්ව ඇති තර්කය වන්නේ මෙසේ සමුච්චනය වන ප්‍රාග්ධනය ටිකෙන් ටික ආර්ථිකයේ පහළ කොටස් වලට ගලා එනු ඇති බවත් (trickle down effect), එසේ ගලා ඒම තුළින් මාගරට් තැචර් හඳුනාගත් ‘පරායත්ත මානසිකත්වය’ නැතිවනු ඇති බවත්ය. ධම්මික පෙරේරා වැන්නවුන් තැනුනේද මෙවැනි ප්‍රතිපත්ති වල අසමාන බලපෑම තුළිනි. වාණිජ ක්ෂේත්‍රයේ දැවැන්තයින් සමාජයේ දෘෂ්ටිවාදාත්මක හා ව්‍යුහාත්මක රාමුවේ මැදට ගෙන ඒමට අවශ්‍ය ඉඩ විවර කර දුන්නේද නවලිබරල්වාදය වෙත වූ මේ විතැන් වීම තුළිනි.   

අධ්‍යාපනය බේරා ගැනීම: “ඉහළ අහසේ! කුරුල්ලෙක්! ගුවන් යානයක්! සුපර් මෑන්!” Read More »

පන්ති කාමරය තුළ නිහඬතාව: ‘ඌණතාව’ පිළිබඳ ගතිකත්වයන් වලට මුහුණ දීම 

පන්ති කාමරය තුළ නිහඬතාව පිළිබඳ මගේ පළමු අත්දැකීම මට අද මෙන් මතකය. අපේ උපාධි අපේක්ෂක පන්තියට ඉගැන්වූ කථිකාචාර්යවරයකු, කියවාගෙන එන්නට යැයි කියා අපට ලබාදුන් ඉතා සංකීර්ණ මූලාශ්‍රයක් යන්තම් උඩින් පල්ලෙන් කියවාගෙන අප පන්තියට ගියේ, ප්‍රශ්නයක් ඇසුවොත් උත්තර දීමට කවුරු හෝ සූදානම්ව ඇතැයි අපේක්ෂාවෙනි. නමුත් එය වැරදුණි. කථිකාචාර්යවරයා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දීමට තරමක් ගැඹුරින් කල්පනා කිරීම අවශ්‍ය විය. කලබලයෙන් අප දෙන්නට තැතනූ පිළිතුරු තවදුරටත් පැහැදිලි කරන ලෙස උපදෙස් ලැබුණි. අවසානයේ අපි නිහඬ වීමු. එම නිහඬතාව තුළ පිළිතුරක් දීමට අපේ සිතුවිලි ගොනුකර ගැනීම සඳහා අවකාශය ලබාදී කථිකාචාර්යවරයාද නිහඬ විය.   

පන්ති කාමරය තුළ නිහඬතාව: ‘ඌණතාව’ පිළිබඳ ගතිකත්වයන් වලට මුහුණ දීම  Read More »