අධ්‍යාපනය, ස්ත්‍රී බලමුළුගැන්වීමේ හා නිදහසේ භාවිතයක් ලෙස
2025 පෙබරවාරි 18 පළවූ සිය කුප්පි ලිපිය ඔස්සේ, ලංකාවේ උසස් අධ්‍යාපන පද්ධතිය තුළ ස්ත්‍රීන්, LGBTQ පිරිස් හා අනෙකුත් ආන්තික කණ්ඩායම් වලට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළක්වීමෙහිලා ආයතනික ව්‍යුහයන් සහ යථාර්ථය අතර පවතින හිඩැස පිළිබඳ නිකොලා පෙරේරා සාකච්ඡා කළාය. එහි දිගුවක් වශයෙන් මේ ලිපියෙන් අරමුණු කරන්නේ ලංකාවේ උසස් අධ්‍යාපන විෂය නිර්දේශය තුළට ස්ත්‍රීවාදී ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රම ඇතුළත් කරනොගැනීම පිළිබඳවය. ලිංගික හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසන වල ස්වභාවය හඳුනා ගැනීමටත්, ඒවා වැළක්වීමෙහිලා ඵලදායී ක්‍රියාමාර්ග ගැනීමටත් නොහැකි වීමේ ප්‍රතිඵලයක් ලෙස මේ හිඩැස ඇතිව තිබෙන බව ලිපියෙන් තර්ක කෙරේ. ඒ සඳහා ස්ත්‍රීවාදී ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රම නිර්වචනය කිරීම, එහි වැදගත්කම ගවේෂණය කිරීම, එය අධ්‍යාපනයට කොතරම් දුරට ඇතුළත් කොටගෙන තිබෙනවාද යන්න විභාග කිරීම හා ඒ මත පදනම්ව යම් නිගමන කිහිපයකට එළඹීම ලිපියෙන් සිදුකෙරේ.
අධ්‍යාපනය, ස්ත්‍රී බලමුළුගැන්වීමේ හා නිදහසේ භාවිතයක් ලෙස Read More »









