කුප්පි කතා

අධ්‍යාපනය, ප්‍රජාතන්ත්‍රවාදය සහ ලිබරල් පර්යායේ කඩා වැටීම 

නව රජයක් යටතේ ඉදිරියට ගමන් කළයුතු සමාජ සහ ආර්ථික මාවත් තෝරාගැනීමේ සංධිස්ථානයකට ලංකාව මේ වනවිට පැමිණ සිටී. ඇමෙරිකාව තුළ ට්‍රුම්ප් නැවතබලයට පත්ව සිටින්නේ මුළු ලොව පුරාම පැතිර යා හැකි පැසිස්ට් රැල්ලක් මතය. මෙවැනි සන්දර්භයක් තුළ ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ ඉදිරි මඟ කෙබඳු වියහැකිද?

ගෝලීය ඉල්ලුමට සරිලන ලෙස අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම 

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඔක්තෝබර් මුල පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී ජනාධිපති අනුර කුමාර දිසානායක, ගෝලීය ඉල්ලුමට සරිලන ලෙස අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. මෙය දැනට බොහෝ කාලයක සිට පවතින ප්‍රතිපත්ති ස්ථාවරයක් පුනරාවර්චනය කිරීමකි. එහෙත් ඉතිහාසයේ කිහිප වතාවක්ම මේ සැලසුම අපට වැරදුණු බවට වන දැනුම නොමැති බවද එම ප්‍රතිපත්ති ස්ථාවරය තරම්ම කාලයක සිට පවතින්නකි. ‘ගෝලීය අවශ්‍යතාව’ වන්නේ ලොව සියළු සමාජයන් ගෝලීය ධනවාදී වෙළඳපොලට අනුකලනය කරගැනීමයි. එහිදී යුරෝපයේ අධිරාජ්‍ය තැනීමේ ගමන තුළ නිර්මාණය කරන ලද අත්‍යන්ත අසමාන ගතිකත්වයන් ප්‍රතිනිෂ්පාදනය වීම වැළැක්විය නොහැක. මේ පද්ධතිය තුළ ලංකාව වැනි දියුණු වන ආර්ථිකයන්ගෙන් බලාපොරොත්තු වන්නේ අමුද්‍රව්‍ය හා ලාබ ශ්‍රමය සැපයීමේ මූලාශ්‍රයක් ලෙසත්, දියුණු ලෝකයේ කාර්මික හා කෘෂිකාර්මික අපද්‍රව්‍ය පැටවීමට කසළ බඳුනක් (මෙන්ම ඔවුන්ගේ ප්‍රමිතීන්ට අනුකූල නොවන භාණ්ඩ වලට වෙළඳපොලක්) ලෙසත් ක්‍රියා කිරීමය. මේ ලිපියේදී මගේ අරමුණ වන්නේ ලංකාවේ මෑත කාලීන උසස් අධ්‍යාපන ‘ප්‍රතිසංස්කරණ’ සැකෙවින් ඉදිරිපත් කිරීමත්, ඒ හරහා ගෝලීය ධනවාදී වෙළඳපොලෙහි අච්චුවට අපේ ආර්ථිකය වෙනස් කරගැනීමේ ක්‍රියාවලිය කෙසේ දිගහැරෙන්නේද යන්න ඉදිරිපත් කිරීමත්ය. ඒ තුළින් අවසාන වශයෙන් අරමුණු කරන්නේ මේ සැලැස්ම වැරදිය හැක්කේ කෙසේදැයි පෙන්වා දීමයි.  

අධ්‍යාපනය සහ බලාපොරොත්තුවේ සුඛෝපභෝගීත්වය 

ආණ්ඩු මාරුවත් සමඟ පවතින ප්‍රවේසම්කාරී බලාපොරොත්තු සහගත බව තුළ, අධ්‍යාපනය අප දකින ආකාරය වෙනස් වන ලෝකයක් පිළිබඳ සිහින මැවීමට මම මටම ඉඩ හැරීමට සිතුවෙමි. එහෙත් පළමුව අපේ සිසුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ සුබසිද්ධිය උදෙසා අතිශයින් වැදගත් වන ප්‍රයෝගික කරුණු කිහිපයකට අවධානය යොමුකළ යුතු වේ: මේ අර්බුද අවස්ථාවේ සිසුන්ගේ ආහාර අනාරක්ෂිත බවට තවමත් අවධානය යොමුවී නැත්තේ ඇයි? පාසල් වල මධ්‍යහන ආහාර වේල ලබාදීම මෙතරම් ප්‍රමාද ඇයි? සිසුන් අතර එන්න එන්නටම වැඩිවන තමාටම හානි කරගැනීමේ ප්‍රවණතාව අඩුකිරීමට තවමත් ක්‍රියාමාර්ග ගෙන නැත්තේ ඇයි?

පැරණි වයින් නව ප්‍රජාතන්ත්‍රවාදයන් වල: අධ්‍යාපනයෙහි දිශානතිය 

මෙය අවශ්‍යයෙන්ම නව යුගයකි. රට ඉතා ප්‍රීතිමත් ස්වභාවයක පවතී. නෑඹුල් ජනාධිපතිවරයකු මෙන්ම නෑඹුල් අගමැතිනියකද දැන් අපට සිටී. ළඟ එන මහ මැතිවරණයේදී ඔවුන්ට බහුතර බලය ලැබේ යැයි සිතිය හැකිය. ජනපතිට පැහැදිලි බහුතරයක් නොලැබුණු මුත්, ජනපතිවරණයෙන් ඇරඹුණු වෙනසට රට අවදිව සිටී. මේ යුගය ඉතා වැදගත් එකක්ද වේ. 2022 අරගලය-පෝරට්ටම්-struggle ව්‍යාපාරයෙන් පසුව පැවැත්වූ පළමු මැතිවරණය මෙයයි. නිදහසින් පසුව අපට දිගින් දිගටම අත්දකින්නට ලැබුණේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර බලය හුවමාරු වීමේ තත්වයකි. නමුත් දිසානායක තුළින් අළුත්ම මුහුණක්, අළුත් පන්තියක්, සහ දූෂණය තුරන් කරන බවට වූ පොරොන්දුවක් මත ගොඩනැඟූ නව දේශපාලන සංස්කෘතියක අළුත් පදනමක් නියෝජනය වේ.

උසස් අධ්‍යාපනය තුළ අනුභූතීමය ඉගෙනීම (experiential learning) 

ජනාධිපතිවරණයට පෙර අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන කියවීමේදී බොහෝ දෙනෙකු අනාගතය සඳහා විවිධාකාර බලාපොරොත්තු අපේක්ෂා කරති. එහෙත් මෙම ප්‍රකාශයන්හි උසස් අධ්‍යාපනයට අදාළ කොටස් කියවීමේදී මීට වඩා අවධානය යොමු වන්න‍ේ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සේවය කරන්නන් ලෙස මුහුණ දෙන ‘සැබෑ’ ප්‍රශ්න සහ අභියෝගයන්ටයි. ශාස්ත්‍රාලිකයන් එදිනෙදා ඉටුකරන දැවැන්ත වැඩ කොටස – එනම් නව දැනුම සම්පාදනය සහ ප්‍රකාශයට පත් කිරීමට ඇති පීඩනය තුළ තමන්ට අර්ථාන්විත ආකාරයේ පර්යේෂණ වල නියැලීමට ඉඩ ප්‍රස්ථා නොතිබීම, ඉගැන්වීම් හා පර්යේෂණ කටයුතු මධ්‍යයේ පරිපාලන වගකීම් දැරීම, සිසුන්ගේ විවිධාකාර ගැටළුවලට පිළිතුරු සෙවීම, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් සමඟ දෛනිකව සිදුවන ගනුදෙනුවල යෙදීම, අර්ථාන්විත ඉගෙනීමේ අත්දැකීමක් සිසුන්ට ලබාදීමට උත්සාහ කිරීම මෙම කර්තව්‍යට අයත් වේ.

ද්වි-විධ භාවය බිඳ දැමීම: විශ්ව විද්‍යාල තුළ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ විවිධත්වය වැළඳ ගැනීම 

විෂ්නු වාසු ගේ සාරි ඇඳපු පිරිමි කෘතිය කියවීමේ අවස්ථාව මට මෑතදී උදා විය. එය ලංකාවේ LGBTQ+ ප්‍රජාවගේ ජීවන අත්දැකීම් පිළිබඳ බල සම්පන්න ආඛ්‍යානයකි. පවුල, සමාජය හා රටේ නීතියේ රාමුව තුළ ඔවුන්ට අත්විඳීමට සිදුවන වෙනස්කොට සැළකීම් පිළිබඳ පෞද්ගලික කතාන්තර තුළින්, රටේ අධිපති විෂම ලිංගික හර පද්ධතියට අනුගත නොවන අයවළුන්ට මුහුණ දීමට සිදුවන සංවිධිත වෙනස්කම් පිළිබඳ හදවත බිඳ දමන සුළු දර්ශනයක් එමඟින් ඇඳ පෙන්වයි. 

LGBTIQ ප්‍රජාවන්: විශ්ව විද්‍යාලය ධනාත්මක අවකාශයක් බවට පත්කිරීම 

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය මඟින් සිදුකරන, ස්ත්‍රී-පුරුෂ භාවය හා සෞඛ්‍යය පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාවක මම ඉගැන්වීම් කටයුතු කරන්නෙමි. ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ කරුණු වලට සෞඛ්‍ය සේවා ප්‍රතිචාරාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව එහි එන එක් කොටසක අපි LGBTIQ [සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති ලිංගික, අන්තර් ලිංගික ප්‍රජාවන් සහ ප්‍රශ්න නඟන්නන් (questioning)] ප්‍රජාවන් පිළිබඳවද සාකච්ඡා කරන්නෙමු. එම සාකච්ඡා වලට අනුව තත්වය ඇත්තෙන්ම අපේක්ෂාභංගත්වය ඇති කරවන සුළුය. පාඨමාලාවේ එම කොටස ඉගැන්වීමට පැමිණෙන ක්‍රියාකාරීන්ට අනුව සෞඛ්‍ය සේවයේ බොහෝ වෘත්තිකයින්ට මෙම ප්‍රජාවන්ගේ අවශ්‍යතා වලට සංවේදී ආකාරයෙන් සිය රාජකාරිය කිරීමට අවශ්‍ය පුහුණුව නොමැත. 2023 වසරේදී Equal Ground ආයතනය මඟින් කොළඹ, ගාල්ල, යාපනය, නුවර, මාතලේ සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක හයෙහි සිදුකරන ලද පර්යේෂණයකට අනුව සෞඛ්‍ය සේවා සපයන්නන් අතින් විවිධාකාරයේ වෙනස් කොට සැළකීම්, පරිභව කිරීම් මෙන්ම කායික හා ලිංගික හිංසනද සිදුවී තිබේ.   

බෙදුම් පැරදීම: මහජන විශ්ව විද්‍යාල සහයෝගිතාව පිළිබඳ අවකාශයන් බවට පරිවර්තනය කිරීම 

අප සාමාන්‍යයෙන් මහජන විශ්ව විද්‍යාල සළකන්නේ ඥාන උත්පාදනය හා බුද්ධිමය විමර්ශන පිළිබඳ වූ අවකාශයන් හැටියටය. මේ සම්බන්ධයෙන් අප බොහෝ සාකච්ඡා කළත්, එහි සේවය කරන සියළුදෙනාගේ ශ්‍රමය එය පැවැත්වීමට අත්‍යාවශ්‍ය කොන්දේසියක් වන අවකාශයක් හැටියට ඒ පිළිබඳ අප කතා කරන්නේ කලාතුරකිනි. අවාසනාවකට මෙන් අප විශ්ව විද්‍යාල තුළ බොහෝ බෙදුම් හා ධූරාවලීන් ඇත. මෙය ප්‍රකට වන අවස්ථාවකට උදාහරණයකි ‘අධ්‍යයන කාර්ය මණ්ඩලය’ සිය ‘අනධ්‍යයන’ සගයින් තමන්ට වඩා තත්වයෙන් පහත් සේ සැළකීම; එසේම අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ඉහළ තනතුරු දරන්නන් විසින් අනධ්‍යයන හා අධ්‍යයන කාර්ය මණ්ඩල ද්විත්වයේම පවතින වැඩ කොටස සැළකිල්ලට නොගනිමින් තවත් වැඩ පැවරීමද නිදසුනක් වේ. අද ලිපියේ අරමුණ වන්නේ විශ්ව විද්‍යාලය සහයෝගිතාව පිළිබඳ අවකාශයන් බවට පරිවර්තනය කිරීමෙහිලා ඇති අවශ්‍යතාව පිළිබඳව ආවර්ජනය කිරීමයි. ඒ සඳහා මෑතදී ක්‍රියාත්මක වූ අනධ්‍යයන වැඩවර්ජනය හා ඊට අධ්‍යයන කාර්ය මණ්ඩලය විසින් සෑහීමට පත්විය හැකි ආකාරයේ සහයෝගයක් නොදැක්වීම විෂය වස්තුව කර ගැනෙනු ඇත.  

රාජ්‍ය වුවත් මහජනයාට නොවන, පෞද්ගලික වුවත් විශ්වවිද්‍යාල නොවන ලංකාවේ විශ්වවිද්‍යාල

අධ්‍යාපනය ලබාදීමේ වර්තමාන අරමුණ අපව වඩා කාර්යක්ෂම කිරීම බවට පත්වී ඇති බව පණ්ඩුක කරුණානායක ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ සඟරාවේ (University of Colombo Review) පළ කල විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන ලියූ ලිපියේ ප්‍රකාශ කරයි. ඔහුට අනුව මෙය මෙවලම්වාදී සහේතුකත්වය (instrumental rationality) යන වෙබේරියානු සංකල්පය මත පදනම් වූ එකක් වන අතර, මෙසේ කාර්යක්ෂමතාවය වැඩි කළ හැක්කේ වෙනත් දෙයක් පාවා දීමෙන් පමණි. මම එම ලිපියෙන් ගන්නා හරය වන්නේ වත්මන් සමාජයට අවශ්‍ය වන්නේ ඉතා ශීඝ්‍රයෙන්, වෙළඳපලේ වටිනාකමක් ඇති උපාධියක් සිසුන්ට ලබාදීම මිස එම උපාධිධරයින් තුල සමාජ-දේශපාලනමය සාරධර්ම සහ සදාචාරාත්මක ගුණ ප්‍රගුණ කිරීම නොවන බවයි. 

ඉංග්‍රීසි භාෂා පන්තියේ ප්‍රමිතීන් පිළිබඳ ගුප්ත බව බැහැර කිරීම 

2024 පෙබරවාරි 6 වන දින සිය කුප්පි ලිපිය තුළින්, ඉංග්‍රීසි ඉගෙන ගන්නා ලංකාවේ සිසුන් මත බාහිර ප්‍රමිතීන් පැටවීම තුළින් ඇතිවන අපහසුතා විශ්විකා සෙල්වරාජ් විසින් පෙන්වා දෙනලදී. එහිදී ඇතිවන අභියෝග අතරින් මූලිකම එකක් ලෙස ඇය පෙන්වා දෙන්නේ ඉංග්‍රීසි ගුරුවරුන් වශයෙන් අප මෙම ප්‍රමිතීන් පවත්වා ගැනීම පිළිබඳ දරනා අදූරදර්ශී මත නිසා සිසුන්ගේ ඉගෙනීම ඇහිරීමය. මෙම තර්කය තවත් ඉදිරියට ගෙනයමින් 2024 අප්‍රේල් 2 වන දින මදුරංග කළුගම්පිටිය විසින් සිය කුප්පි ලිපියෙන් පෙන්වා දුන් ආකාරයට, ප්‍රශස්ත මට්ටමේ ප්‍රමිතියක් යනු සිසුවාට සිය එදිනෙදා සන්දර්භය තුළ භාවිතා කළහැකි ආකාරයේ භාෂාවක් ළඟාකර දෙන ඉගෙනුම්-ඉගැන්වීම් අත්දැකීමකට වේ. මේ ලිපිය තුළ ‘ප්‍රමිතීන්’ වශයෙන් මා හඳුන්වන්නේ භාෂා භාවිතයේදී – විශේෂයෙන්ම සිසුන්ගේ භාෂා භාවිතය තුළ – පවත්වා ගනීවි යැයි අප බලාපොරොත්තු වන යම් යම් මිණුම් දඬුය. නිදසුනක් ලෙස ඔවුන් භාවිතා කරන යෙදුම් වල ඇති ‘වැරදි’ හෝ ඔවුන්ගේ අක්ෂර වින්‍යාසයේ දුර්වලතා නිසා අප ළතැවුලට පත්වීම පෙන්වා දිය හැකිය. මෙමඟින් ප්‍රකට වන්නේ සන්නිවේදනයේදී පවත්වා ගතයුතු යැයි අප විසින් අන්තරීකරණය කොටගෙන ඇති යම් විසංයුක්ත සාමාර්ථය්‍යතා මට්ටමකි.