විශේෂාංග

ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ අධ්‍යාපනයේ විස‍්‍රාවණය

නිදහස් අධ්‍යාපනය අපේ සමාජයේ ශක්තිමත්ම ස්ථම්භයකි. ඉතිහාසයේ පළමු වරට ලංකාව සිය බාහිර ණය නොගෙවීම නිසා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම ණයකරුවන්ගේ ණය සමථකරණයට ඉදිරිපත් වීම අධ්‍යාපනයට බලපාන්නේ කෙසේදැයි විභාග කිරීම මේ ලිපියේ අරමුණයි.   

ඩිජිටල් බෙදීම: ලංකාවේ උසස් අධ්‍යාපනය කෙරෙහි කෘතිම බුද්ධියෙහි බලපෑම 

‘ඩිජිටල් බෙදීම’ යන පදය කරළියට පැමිණියේ 1990 ගණන් වල ඇමෙරිකාව තුළ ප්‍රාදේශීය හා පන්ති බෙදුම් රේඛා මත තාක්ෂණයට තිබූ ප්‍රවේශයෙහි වෙනස්කම් හැඳින්වීමටය. පසුව එය ගෝලීය මට්ටමේ එවැනි විෂමතා හැඳින්වීමට යොදාගන්නා ලදී. මෙම අසමානතා අතර උපකරණ වලට ඇති ප්‍රවේශය, අන්තර්ජාලයට ඇති ප්‍රවේශය, අන්තර්ජාල සබඳතා වල වේගය සහ ගුණාත්මක භාවය, සහ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව යන කරුණු අඩංගු වේ. කොවිඩ්-19 වසංගත සමය තුළ ලංකාවේ මෙම බෙදීමේ තීව්‍රතාවයත්, එමඟින් අධ්‍යාපන පද්ධතිය තුළ පවතින අසමානතා තවත් තියුණු කළ හැටිත් අපි අත්දුටුවෙමු. මාර්ගගත ක්‍රමයට පරිවර්තනය වීම ග්‍රාමීය, නාගරික දරිද්‍ර හා වතුකර වැනි අවාසියට ලක්වූ පසුබිම් වලින් එන සිසුන් හට විශේෂයෙන්ම අපහසු විය. එහෙත් මේ ඛේදවාචකයේ ධනාත්මක පැත්තක් පෙන්වීමට ප්‍රතිපත්ති සම්පාදකයින් සහ දේශපාලනඥයින් උත්සාහ ගන්නා ලදී. නමුත් වඩා හොඳ සංඥා ලබාගැනීම සඳහා ගස් හා කඳු මුදුන් වලට නඟින සිසුන් හා තාක්ෂණයෙන් ව්‍යාකූල වූ ගුරුවරුන්ගෙන් පිරි තත්වයක් තුළ, අධ්‍යාපන පද්ධතියේ වේදනාකාරී අසමානතා පැහැදිලිව පෙනෙන්නට විය. තාක්ෂණය මඟින් සාම්ප්‍රදායික අධ්‍යාපන මාදිලි වෙනස් කරන ආකාරය සහ අධ්‍යාපන භාවිතයන් වඩා ප්‍රජාතාන්ත්‍රීය කරන ආකාරය පිළිබඳ වූ ආඛ්‍යාන, ලංකාවේ මෙම අත්දැකීම මඟින් සංකීර්ණ කරන ලදී. අධ්‍යාපනයට පවතින ප්‍රවේශයේ ඇති අසමානතා නැති කිරීමට තාක්ෂණයට ඇති හැකියාවත්, එම නිසා අධ්‍යාපනය තුළ තාක්ෂණයේ නවෝත්පාදන වැඩි කිරීමටත් කෙරෙන ඉල්ලීම් පිළිබඳ අප ප්‍රවේශමෙන් බැලිය යුත්තේ, එම හැකියාව තීරණය වීමට වෙනත් සමාජ, පන්තිමය සහ ප්‍රාදේශීය අසමානතා මඟින් බලපෑම් කරන බැවිනි.         

තෘතීයික අධ්‍යාපනයේ අරමුදල් කපා හැරීම ඇත්තෙන්ම මේ මොහොතේ අවශ්‍යතාවයද?

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අරමුණු කරගත් රජයේ නවතම මැදිහත්වීම වන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මේ වනවිට තදින් විවේචනය වී, අදාළ නොවන තත්වයට පත්ව ඇත (කුප්පි තීරුවේ මෙවැනි විවේචනයක් කියවීම සඳහා 2024 මාර්තු 19 වන දින රම්‍යා කුමාර්ගේ ලිපිය බලන්න). අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසින්ද යෝජිත ප්‍රතිපත්ති රාමුවේ භාවිත භාෂාව සහ එහි නිර්දේශ සමහරක් සම්බන්ධයෙන් විසම්මතිය පල කොට, ප්‍රයෝජනවත් නිරීක්ෂණ ඉදිරිපත් කොට තිබේ.

ප්‍රතිසංස්කරණවාදී අධ්‍යාපනයකින් විප්ලවීය අධ්‍යාපනයක් කරා 

මහනුවර ඉපදී හැදී වැඩුණු කෙනෙකු වශයෙන් නුවර ඇසල පෙරහැර මම අඩු වශයෙන් 10 වතාවක් නරඹා ඇත්තෙමි; පාසල් කාලයේදී අඩු වශයෙන් පස් වතාවක් එය චිත්‍රයට නඟා ඇත්තෙමි. පෙරහැරට ආරක්ෂාව සැපයීමට පැමිණෙන ආරක්ෂක අංශ වල සාමාජිකයන්ට නවාතැන් පහසුකම් සැපයීමේ අවශ්‍යතාව නිසා දීර්ඝ පාසල් නිවාඩු පෙරහැර කාලයේදී ලැබුණි. අයිස් ක්‍රීම් කරත්ත, ඉස්සෝ වඩේ, බැලුන් සතුන්, සද්ද නලා සහ කළුවරේ දිලිසෙන රිටි වලින් පිරි අගෝස්තු මාසය ළමා කාලයේ මගේ මතකයන් අතර සැණකෙළි ස්වභාවයක් දරයි. වයසින් වැඩිවත්ම මේ ක්‍රියාවලිය පිළිබඳ ප්‍රශ්න ගණනාවක් මට ඇතිවිය: ‘සාදු සාදු’ කියන විට මිනිසුන් සිය දෑත් ඔසවන්නේ ඇයි? පෙරහැරේ අලි යන්නේ ඇයි? අලුත උපන් දරුවන් ආශීර්වාදය සඳහා යැයි කියමින් අලියාගේ බඩ යටින් ගෙනියන්නේ ඇයි? අලින්ට විශේෂ සුවකිරීමේ බලයක් තිබේද? ඔවුන් දිව්‍යමය සතුන්ද? එසේනම් ඔවුන් බැඳදමා ඇත්තේ ඇයි? ඔවුන් මෘගයන්ද?

වෛද්‍ය උපාධිය සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ! මිලිටරි ආරක්ෂාව යටතේ ගාස්තු ගෙවීමේ පදනම මත වෛද්‍ය පාඨමාලා හඳුන්වා දීම 

අප්‍රේල් මස මුලදී ආරක්ෂක ඇමති ලෙස සිය ධාරිතාවෙන් ජනාධිපති විසින් හඳුන්වා දෙනු ලදුව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද යෝජනාවකට අනුව, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ගාස්තු ගෙවීමේ පදනම මත දේශීය සිසුන් බඳවා ගැනීමට අවශ්‍ය පදනම සකසා දුනි. ඉන් අනතුරුව අදාළ විශ්ව විද්‍යාලයෙහි වෙබ් පිටුව මත ඊට අදාළ අයදුම්පත් කැඳවා තිබූ අතර, එසේ අයදුම්පත් යොමුකළ හැකි අවසාන දිනය ලෙස දක්වා තිබුණේ 2024 මැයි මස 5 වන දිනය. එනම් දැන්වීම පළවූ දින පටන් සති දෙකක් වැනි කෙටි කාලයකි.   

‘විශ්ව විද්‍යාලයක්’ සඳහා වූ තර්කය 

අර්ථාන්විත වූ දැනුම් සම්පාදන ක්‍රියාවලියක් අවශ්‍යයෙන්ම අපේ සමාජ, දේශපාලන හා ආර්ථික පද්ධතීන් පදනම්ව ඇති චින්තන දහරා අධ්‍යයනය කිරීමටත්, වැඩි දෙනාගේ යහපත සඳහා ඒවා ප්‍රගතිශීලී ලෙස වෙනස් කිරීමටත් උත්සහ කරයි. විචාරාත්මක සංවාදය, සමාජ සාධාරණත්වය සහ මානව විමුක්තිය වෙනුවෙන් අරගල කිරීම හා සබැඳි විශ්ව විද්‍යාලයේ භූමිකාව, මෙම කාර්යභාරය සමඟ ළඟින් බද්ධ වී ඇත. විශ්ව විද්‍යාලයක් මඟින් ලබාදෙන සියළුම ආකාරයේ අධ්‍යාපනය – මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා මෙන්ම STEM විෂයන්ද ඇතුළුව – සංකල්පීමය විමර්ශන කිරීමටත්, ඒ ඔස්සේ ‘දැනුම’ වශයෙන් අප වටහා ගන්නා දේ රාමු කරන සුසමාදර්ශ (paradigm) මෙන්ම, ‘වාස්තවික සත්‍යය’ හා ‘විද්‍යාව’ ලෙස එමඟින් යම් යම් ආකාරයේ ඥානයන් ඉහළට ඔසවා තබන හැටි විභාග කිරීමේ හැකියාව ලබාදීමටත් සුදුසු ආකාරයේ දැනුමක් වියයුතු වන්නේ එබැවිනි. වෙනත් වචන වලින් කියන්නේ නම්, විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙහි ප්‍රතිඵලයක් වශයෙන්  සත්‍යය සහ දැනුමෙහි සාපේක්ෂ බවත්, ඒ අරබයා ඇති දේශපාලනයත් විනිවිද දැකිය හැකි ආකාරයේ දැනුමකින් විද්‍යාර්ථියා සන්නද්ධ විය යුතුය. එහෙත් විශ්ව විද්‍යාල අවකාශය තුළට වෙළඳපොළ අභිලාෂයන් ක්‍රමිකව සංක්‍රමණය වීම නිසා විශ්ව විද්‍යාලයේ මෙම භූමිකාව එන්න එන්නටම ඛාදනය වනවා පමණක් නොව, විශ්ව විද්‍යාලය ඇතුළත සිටින්නවුන් පවා එම අධ්‍යාපනය කුමනාකාරයේ එකක් වියයුතුදැයි යන්න පිළිබඳ දරන මතය පරිවර්තනයකටද ලක්ව තිබේ.     

ස්නායුක බහුවිධතාවඅන්තර්ග්‍රහනීය අධ්‍යාපනය සහ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල තත්ත්ව සහතිකකරණය 

මෙම ලිපියෙන් අරමුණු කරන්නේ ස්නායුක බහුවිධතාව (neurodiversity) ආරම්භක ලක්ෂ්‍යයක් ලෙස ගෙන අපේ අධ්‍යාපන පද්ධතිය සියල්ලන් සඳහා වූ එකක් බවට කෙසේ පත් කරන්නේද යන්න පිළිබඳ සිතා බැලීමයි. මේ සඳහා ස්නායුක බහුවිධතාව යනු කුමක්ද යන්න නිර්වචනය කිරීම, ඔටිසම් (autism) තත්ත්වයේ විවිධ ප්‍රභේද අඩංගු පරාසය හඳුනා ගැනීම, සියල්ලන් සඳහා වූ අන්තර්ග්‍රහනීය අධ්‍යාපනයක් හඳුන්වා දීමෙහිලා ලංකාවේ පවතින අභියෝග මොනවාද යන්න සාකච්ඡා කිරීම මෙහිදී සිදු කෙරේ. මෙවැනි අභියෝග ජය ගත හැකි මාර්ගයක් ලෙස පෙන්වා දී ඇති විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලියෙහි දුර්වලතා විභාග කිරීමත් මෙහිදී අපේක්ෂා කෙරේ.

අනුගත වීම, යටත් භාවය සහ සහය දැක්වීම: කනිෂ්ඨ කථිකාචාර්යවරියකගේ ආවර්ජනා 

“මම අපේක්ෂා කරන දේ දැන් ඔබ දන්නා නිසා, ඒ මත පදනම්ව ඔබලා ලබාදුන් පිළිතුරු පිළිබඳව නැවත සිතා බලන්න.” මේ පසුගිය දිනක පන්ති කාමරයක් තුළ මා ලබාදුන් උපදෙසකි. එම අවස්ථාවේ මට සිතුනේ එම උපදෙස, ඉංග්‍රීසි දෙවන භාෂාවක් ලෙස ඉගෙන ගන්නා එම පන්ති කාමරය තුළ සිය තේරීම් පිළිබඳ සිතා බැලීමට සිසුන් යොමු කරවූ විවෘත ආරාධනයක් ලෙසයි. නමුත් වැඩිදුර සිතා බැලීමේදී මට පැහැදිලි වන කරුණක් වන්නේ මා විසින් ලබාදුන් එම නිදහස අදාළ වන්නේ, භාෂා කුසලතාව යැයි මා හඳුනා ගන්නා දේ ප්‍රශ්න කළ නොහැකි බව පිළිගන්නා අයට පමණක් බවයි. කොටින්ම කියන්නේ නම් ගුරුවරයා වශයෙන් මගේ අපේක්ෂාවන් මොනවාදැයි ඔවුන් දැනගත යුතු බව සන්නිවේදනය කිරීම තුළින් මා සිදුකොට ඇත්තේ ඔවුන්ගේ පිළිතුරු එක් පැත්තකට හැරවීමය. 

අපේ සුබසිද්ධියේ බර: අපවාද ආඛ්‍යාන තුළ පන්තිය හඳුනා ගැනීම 

අද වනවිට කුමන අන්දමේ විරෝධතා ව්‍යාපාරයකට වුවද ආණ්ඩුව ප්‍රතිචාර දක්වන්නේ මර්දනය, එහි නායකයින් හට විවිධ ව්‍යාපාර හරහා සංවිධිත ප්‍රහාර එල්ල කිරීම, සහ වෙනත් අනේක විධ ක්‍රම වලින් බිය වැද්දීම ඔස්සේ අධෛර්යමත් කිරීමෙනි. මේ අතර ශක්තිමත්ම අවිය මානසික අවියකි