කුප්පි කතා

අරගලය මර්දනය කිරීම; අධ්‍යාපනය සහ සමාජ පන්තිය පිලිබඳ කතිකාව

අරගලකරුවෝ ඒකාධිපති රාජපක්ෂ රෙජීමය පරාජය කරනු ලැබුවේ, ජනාධිපති, අගමැති ධූර වලින් රාජපක්ෂවරු ඉල්ලා අස්වීමට සැලැස්වීමෙනි. රාජපක්ෂ රාජධානියේ බිඳ වැටීමත් සමඟ, රාජපක්ෂවරුන්ගේ රූකඩයක් වූ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ විකෘති බහුතරයක් සමඟ ජනාධිපති බවට පත්විය. ජනතා කැමැත්තකින් තොරව ජනාධිපති බවට පත්වූ වික්‍රමසිංහ ඔහුට ජනාධිපති වීමට පාර කැපූ අරගලය මර්දනය කිරීම ඇරඹීය.

අරගලය මර්දනය කිරීම; අධ්‍යාපනය සහ සමාජ පන්තිය පිලිබඳ කතිකාව Read More »

අධ්‍යාපන සහ සෞඛ්‍ය අර්බුදය: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසඳුම නොවන්නේ ඇයි?

රම්‍යා කුමාර්  ජුලි 9 වැනි දින රැළිය සහ ඉන් පසුව ඇති වූ සිදුවීම් මේ රටේ ජනතාව ඉල්ලා සිටින පාලනයේ රැඩිකල් වෙනස්කම් සංකේතවත් කරනු ලබයි. එහෙත් මෙම අර්බුදමය අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රටේ තත්ත්වයට විසඳුම ලෙස දැකීම ප්රහේලිකාවකි. IMF මැදිහත්වීම් මගින් සමාජ සුබසාධනය සඳහා, විශේෂයෙන්ම, ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍යය සඳහා කුමක් සිදු කළ

අධ්‍යාපන සහ සෞඛ්‍ය අර්බුදය: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසඳුම නොවන්නේ ඇයි? Read More »

සහයෝගීතාවය (solidarity) සහ අරගලය: අධ්‍යාපනඥයෙකුගේ අදහස් කිහිපයක්

ශ්‍රී ලංකාව තුළ මෙම මොහොතේ බලාපොරොත්තු ඇති කරගත හැකි දේ බොහෝ අල්පය. මීට මාස හයකට පෙරදී සිතාගත නොහැකි වූ තරම්  පැවැත්ම පිළිබඳ අර්බුදයකට අපි අද මුහුණ දී සිටිමු. මෙවන් තත්වයකට අප මුහුණ දෙන්නේ ශ්‍රී ලංකාව නිදහස ලබා 75 වැනි වසර සනිටුහන් කිරීමට වසරක් පමණක් ඉතිරිව ඇති මොහොතකය යන්න උත්ප්‍රාසජනකය.

සහයෝගීතාවය (solidarity) සහ අරගලය: අධ්‍යාපනඥයෙකුගේ අදහස් කිහිපයක් Read More »

ආර්ථික අර්බුද සමයක අධ්‍යාපනය

වත්මන් ආර්ථික අර්බුදය රටේ අධ්‍යාපනයට දරුණු ලෙස බලපෑම් කොට ඇත. පෙර පාසලේ පටන් විශ්ව විද්‍යාලය දක්වා සිසුන්, ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් යන සියලු දෙනාටම මෙම බලපෑම දැනී තිබේ. නිතර සිදුවන විදුලි කප්පාදු කිරීම් සහ ලිපිද්‍රව්‍ය හා රසායන ද්‍රව්‍ය වැනි සැපයුම් හිඟතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතු දිගටම කරගෙන යෑමට අපේ අධ්‍යාපන ආයතන ඉමහත් ප්‍රයත්නයක් දරයි.

ආර්ථික අර්බුද සමයක අධ්‍යාපනය Read More »

#ගෝටාගෝහෝම් සිට #ක්‍රමයපෙරලමු දක්වා

පසුගිය කාලයේ පටන්ගත් අරගලයේ අන්තර්ගත විවිධාකාර වූ ඉල්ලීම් #ගෝටාගෝහෝම් වදන හරහා ප්‍රකාශ වේ. #ක්‍රමයපෙරලමු, නැත්න​ම් රටේ පවතින ජරාජීර්ණ වූ, යල් පැනගිය ව්‍යූහ වෙනස් කිරීමේ අවශ්‍යතාව, ඉන් මූලික එකකි. එහෙත් නව අග්‍රාමාත්‍යවරයා පත්වීමෙන් පසු, ගිය මාසයේ ඇතිවූ භාවාත්මක පසු ප්‍රථිපල හා සිත් වේදනා තුලින් අපට යම් දෙයක් පෙනෙනවා නම්, ඒ ලංකාවේ සමාජීය-දේශපාලන ව්‍යූහ තුල දීර්ඝ කාලීන වෙනසක් ඇති කිරීම දැනට පවතින ආර්ථික අර්බුදවල​ට විසඳුම් සොයනවාටත් වඩා අසීරු, කාලය වැය වන කර්තව්‍යවක් බවයි.

#ගෝටාගෝහෝම් සිට #ක්‍රමයපෙරලමු දක්වා Read More »

විශ්ව විද්‍යාලය සහ වර්තමාන අර්බුදය

ජනපතිට බලය අතහැරීමට කරන බලකිරීම එන්න එන්නටම තියුණු වන මොහොතක මසිතෙහි පැනයක් නැඟේ: කොතරම් බලසම්පන්න වුවත්, මෙවැනි ආකාරයේ සමාජ-ආර්ථික අර්බුදයකට රටක් ඇද දැමීම ආණ්ඩුවකට තනිව කළ හැකිද? මෙවැනි ප්‍රපාතයකට රට ඇද වැටෙන තුරු ආණ්ඩුකරණය තුළ හා ඉන් පරිබාහිර අනෙකුත් ආයතන, පුද්ගලයින්, යාන්ත්‍රණ කුමක් කළේද?

විශ්ව විද්‍යාලය සහ වර්තමාන අර්බුදය Read More »

වත්මන් අර්බුදයට යෝග්‍ය ආකාරයේ අධ්‍යාපනයක් …

එදත් අදත් අප අයත් වූ අධ්‍යාපන ක්‍රමය පරිවර්තනීය එකක් නොවේ. කොවිඩ්19 කාල සීමාවේ අගුලු දැමීමට විසඳුම වූයේ මාර්ගගත ක්‍රමයට මාරුවීමයි. එහිදී ප්‍රවේශවීමේ ගැටළු, මූල්‍ය හා මානසික සෞඛ්‍ය අරගල හේතුවෙන් අපගේ පන්ති කාමරවලින් අතුරුදහන් වූ සිසුන් පිළිබඳ වැඩි කතිකාවක් නොවීය. අප වටා තිබූ වියවුල කෙසේ වෙතත්, අපි එකම අන්තර්ගතය දිගටම ඉගැන්වීමු.

වත්මන් අර්බුදයට යෝග්‍ය ආකාරයේ අධ්‍යාපනයක් … Read More »

#GoHomeGota, අරගලය සහ ආඛ්‍යානය

#GoHomeGota ලංකාවේ පශ්චාත් යටත්විජිත ඉතිහාසයේ සන්ධිස්ථානයක් බවට පත්වී ඇත. රජ පෙලපත්වාදී, ඥාති සංග්‍රහයෙන් භරිත රෙජිමයක් බලයෙන් පහ කිරීම සඳහා වීදිබට මහජනතාවට උපහාරයක් ලෙසිනි මවිසින් එය මෙතන යොදාගන්නේ. නමුත් රාජපක්ෂ පොදු සතුරාට එරෙහිව සියලු පුරවැසියන් එකතු වී ඇති මෙවැනි අවස්ථාවක අරගලය තුල භාවිතා වන ආඛ්‍යාන පිළිබඳ විමසිලිමත් වීමද වටී.

#GoHomeGota, අරගලය සහ ආඛ්‍යානය Read More »

කලා පීඨ වල දිශානතිය – ප්රතිපිළිතුරක්

මීට මසකට පමණ පෙර මෙම තීරුවට ලිපියක් ලියමින් මා කියා සිටියේ වත්මන් තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලීන් තුළ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා විෂයන් සඳහා ඇත්තේ ඉතා අඩු ඉඩක් බවයි. රුහුණු විශ්ව විද්යාලයේ උපකුලපතිවරයකුව සිටි මහාචාර්ය සුසිරිත් මෙන්ඩිස් ඊට පිළිතුරක් වශයෙන් ලියූ ලිපියකට අනුව මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා විෂයන් වලින් ලබාදෙන දැනුම වැදගත් වුවත්, මෙම ක්ෂේත්‍ර වලින් සාර්ථක වෘත්තිකයන් බිහි කිරීමට ලංකාවේ විශ්ව විද්‍යාල අසමත් වී ඇත.

කලා පීඨ වල දිශානතිය – ප්රතිපිළිතුරක් Read More »

සමාජ විද්‍යා අධ්‍යාපනය ‘තුළ’ අර්බුදයක්ද නැතහොත් අර්බුදය සමාජ විද්‍යා අධ්‍යාපනයද?

මෙම ආඛ්‍යානය සමාජ විද්‍යාව ඉගැන්වීමේ සහ ඉගෙනීමේ ප්‍රතිඵල නිර්වචනය කිරීම සහ විශ්ලේෂණය කිරීම වටා ඇති ක්‍රමවේද වල අවිනිශ්චිතබව පිළිබඳ සංකේතයකි. අධ්‍යාපනය පිළිබඳ මහාචාර්යවරයෙකු වන ජෝර්ජ් ස්ටීවන්සන් බ්‍රවුන් ප්‍රකාශ කර ඇත්තේ සමාජ විද්‍යාවේ පරමාර්ථ වන්නේ “ඔවුන් ජීවත් වන ප්‍රජාවට බලපාන සෑම දෙයක් පිළිබඳවම ක්‍රියාකාරී උනන්දුවක් සිසුන් තුළ වර්ධනය කිරීම, මහජන ප්‍රශ්න පිළිබඳව පැහැදිලි චින්තනයක් ඇති කිරීමට ඔවුන් පුහුණු කිරීම සහ ඔවුන්ගේ පරිසරය පිළිබඳ පූර්ණ අධ්‍යයනයකින් අනාගත තත්වයන් සූක්ෂම ලෙස තක්සේරු කිරීමට සහ යහපත් නිගමනවලට එළඹීම වෙනුවෙන් හොඳ විනිශ්චයක් ඇති කිරීම සඳහා ඔවුන්ව සන්නද්ධ කිරීමයි”.

සමාජ විද්‍යා අධ්‍යාපනය ‘තුළ’ අර්බුදයක්ද නැතහොත් අර්බුදය සමාජ විද්‍යා අධ්‍යාපනයද? Read More »