විශ්ව විද්‍යාල තුළ සිදුවන ලිංගික හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය සමඟ ගනුදෙනු කිරීම
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මට්ටමේ කොතරම් ප්‍රතිපත්තිමය මැදිහත්වීම් තිබුණද, විශ්ව විද්‍යාල තුළ ලිංගික හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයට ලක්වන්නන්ට හිමිවන සහයෝගයට වඩා මුහුණ පෑමට සිදුවන ප්‍රතිරෝධය වැඩිය. සාමාන්‍යයෙන් වරදකාරී පාර්ශ්වයේ හිතමිතුරන් සහ නෑදෑයන්, සිය හිතවතාගේ නම පමණක් නොව ආයතනයේ ප්‍රතිරූපයද රැකීමේ මුවාවෙන් එකට රොක් වෙති. පන්තිය, වාර්ගිකත්වය, ප්‍රාදේශීයත්වය වැනි තවත් අනන්‍යතාවන්ගෙන්ද බලපෑමට ලක්වන මෙම ලිංගික හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසන වලට ලක්වන්නේ ස්ත්‍රීන් පමණක් නොවන බවද සිහිතබා ගත යුතුය.









