ප්‍රතිසංස්කරණවාදී අධ්‍යාපනයකින් විප්ලවීය අධ්‍යාපනයක් කරා
මහනුවර ඉපදී හැදී වැඩුණු කෙනෙකු වශයෙන් නුවර ඇසල පෙරහැර මම අඩු වශයෙන් 10 වතාවක් නරඹා ඇත්තෙමි; පාසල් කාලයේදී අඩු වශයෙන් පස් වතාවක් එය චිත්‍රයට නඟා ඇත්තෙමි. පෙරහැරට ආරක්ෂාව සැපයීමට පැමිණෙන ආරක්ෂක අංශ වල සාමාජිකයන්ට නවාතැන් පහසුකම් සැපයීමේ අවශ්‍යතාව නිසා දීර්ඝ පාසල් නිවාඩු පෙරහැර කාලයේදී ලැබුණි. අයිස් ක්‍රීම් කරත්ත, ඉස්සෝ වඩේ, බැලුන් සතුන්, සද්ද නලා සහ කළුවරේ දිලිසෙන රිටි වලින් පිරි අගෝස්තු මාසය ළමා කාලයේ මගේ මතකයන් අතර සැණකෙළි ස්වභාවයක් දරයි. වයසින් වැඩිවත්ම මේ ක්‍රියාවලිය පිළිබඳ ප්‍රශ්න ගණනාවක් මට ඇතිවිය: ‘සාදු සාදු’ කියන විට මිනිසුන් සිය දෑත් ඔසවන්නේ ඇයි? පෙරහැරේ අලි යන්නේ ඇයි? අලුත උපන් දරුවන් ආශීර්වාදය සඳහා යැයි කියමින් අලියාගේ බඩ යටින් ගෙනියන්නේ ඇයි? අලින්ට විශේෂ සුවකිරීමේ බලයක් තිබේද? ඔවුන් දිව්‍යමය සතුන්ද? එසේනම් ඔවුන් බැඳදමා ඇත්තේ ඇයි? ඔවුන් මෘගයන්ද?
ප්‍රතිසංස්කරණවාදී අධ්‍යාපනයකින් විප්ලවීය අධ්‍යාපනයක් කරා Read More »









