හැමෝටම ඉංග්‍රීසි දීමේ පොරොන්දුව: අනවශ්‍ය අවවාද සහ ඛේදනීය සන්දර්භ සටහන්
සති කිහිපයකට පෙර මම ලියනගේ අමරකීර්තිගේ ‘විශ්වවිද්‍යාලයක් යනු කුමක්ද?’ ග්‍රන්ථය සොයමින් සරසවි පොත්හලේ ශාඛාවකට ඇතුළු වුනෙමි. මට ලැබුනු උත්තරය වූයේ මේ ශාඛාවේ ඉංග්‍රීසි පොත් පමණක් විකුණන බවයි. ශාඛාවේ සේවකයින් කොම්පැනියේ ප්‍රතිපත්ති මුවකඩවල් පමණක් වන බැවින්, ඉංග්‍රීසි පොත් පමණක් විකුණන්නේ ඇයිද යන ප්‍රශ්නයට ඔවුන්ට පිළිතුරු දිය නොහැකි විය. අනෙක් අතට එවැනි හේතු දැක්වීමක් අවශ්‍යද නැත. කොම්පැනිය ප්‍රතිචාර දක්වන්නේ ලංකාවේ යටත්විජිතවාදී ඉතිහාසය සමග මූට්ටු වූ, ඒ කාලයේ සිට මේ දක්වා පැනවුනු භාෂා ප්‍රතිපත්ති සමූහය හේතුවෙන් මතුවුනු ඉංග්‍රීසිය සම්බන්ධව තිබෙන අනුරාගයටය. මෑත කාලීන භාෂා ශාස්ත්‍රඥයින් කියන ලෙස, ඉංග්‍රීසි භාෂාව කොහොමත් ලෝකයේ අනෙක් භාෂාවන් පාගාගෙන මතුවන ආක්‍රමණ ශීලී ශාඛයක් වැනි ය. පසුගිය සියවස පමණ කාලයේ ආණ්ඩුකරණය, තාක්ෂණය, මුද්‍රණ වැනි තලයන්හි අනෙක් භාෂාවන් ඉවත් කරමින් ඉංග්‍රීසි ඉදිරියට ඒමෙන්ම මෙය හුවා දැක්වෙන බව ඔවුන්ගේ මතයයි.
හැමෝටම ඉංග්‍රීසි දීමේ පොරොන්දුව: අනවශ්‍ය අවවාද සහ ඛේදනීය සන්දර්භ සටහන් Read More »









