කුප්පි කතා

ස්ත්‍රීවාදය යනු පිරිමි විරෝධය නොවන මුත්, ‘නව පිරිමියකු’ අවශ්‍ය වේ

මෑතකදී, මම එක්සත් රාජධානියේ හල් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි  පර්යේෂණ (PGR) ප්‍රජාවේ සාමාජිකයින් සමඟ ස්ත්‍රීවාදය පිළිබඳ සාකච්ඡාවක නිරතව සිටියෙමි. ඔවුන් ස්වභාවික හා සමාජ විද්‍යාව නියෝජනය කරන මැදපෙරදිග, ආසියාව සහ යුරෝපයෙන් පැමිණි මගේ සගයන් වූ නමුත්, ඔවුනට ස්ත්‍රීවාදය පිළිබඳ පූර්ව දැනුමක් නොතිබුණි.

ස්ත්‍රීවාදය යනු පිරිමි විරෝධය නොවන මුත්, ‘නව පිරිමියකු’ අවශ්‍ය වේ Read More »

බුද්ධි ගලනය සහ සෞඛ්‍ය අධ්‍යාපනයෙහි අනාගතය 

සෞඛ්‍ය ක්ෂේත්‍රය අර්බුදයක වැටී තිබේ. වෛද්‍යවරු සහ අනෙකුත් සෞඛ්‍ය නිලධාරීන් මහා පරිමාණයෙන් රට හැර දමා යති. ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි ජාත්‍යන්තර සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීම පිළිබඳ රීති සංග්‍රහය (2010) මඟින් දියුණු වන ලෝකයේ රටවල සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීම අධෛර්‍යමත් කරන අතරම (පිටුව 7), දියුණු වන රටවලින් ඉල්ලා සිටින්නේ සිය රට තුළ සෞඛ්‍ය නිලධාරීන්ගේ භූගෝලීය බෙදී යාමෙහි විෂමතා අවම කර, අඩු පහසුකම් සහිත ප්‍රදේශ වල හැකි තරම් ඔවුන් රඳවා ගන්නා ලෙසයි (පිටුව 8).

බුද්ධි ගලනය සහ සෞඛ්‍ය අධ්‍යාපනයෙහි අනාගතය  Read More »

“අපේක්ෂාව අත්‍යවශ්‍යය; නමුත් එය පමණක් ප්‍රමාණවත් නොවේ”: විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ ස්ත්‍රීවාදය ඉගෙනීම

ශ්‍රී ලංකාවේ වර්තමාන විශ්ව විද්‍යාල අධ්‍යාපන ආයතන ව්‍යුහය සහ ක්‍රමය යටත් විජිතවාදීන් විසින් ලංකාවට හඳුන්වා දෙනු ලැබුවේ 1921 දී ලංකා විශ්වවිද්‍යාල පිහිටුවීමත් සමඟ වන අතර, එය අවසානයේ විද්වත් සහ පර්යේෂණ ප්‍රජාවට විශ්වීය දැනුම ගවේෂණය කළ හැකි පොදු විශ්වවිද්‍යාල පද්ධතියක් දක්වා වර්ධනය විය. 1947 දී පළමු විශ්වවිද්‍යාලය වන ලංකා විශ්වවිද්‍යාලය පිහිටුවන ලදී.

“අපේක්ෂාව අත්‍යවශ්‍යය; නමුත් එය පමණක් ප්‍රමාණවත් නොවේ”: විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ ස්ත්‍රීවාදය ඉගෙනීම Read More »

මර්දනය, ප්‍රතිරෝධය සහ විශ්ව විද්‍යාලය

උසස් අධ්‍යාපනය සහ දැනුම් සම්පාදනය සිදුකෙරෙන විවෘත අවකාශයන් වශයෙන් විශ්ව විද්‍යාල නිදහසේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ බලකොටු සේ සැළකේ. එහෙත් යථාර්ථය නම් විශ්ව විද්‍යාල යනු ගුරුවරුන් සහ සිසුන් යන දෙකොට්ඨාශය විසින්ම පවත්වාගෙන යනු ලබන තද ධූරාවලිගත පද්ධතීන් සහිත තැන් බවය.

මර්දනය, ප්‍රතිරෝධය සහ විශ්ව විද්‍යාලය Read More »

ප්‍රතිවිරෝධයෙන් විකල්පයකට? අරගලයෙහි ශක්තිය සහ දිශානතිය පිළිබඳ සිතිවිලි කිහිපයක් 

මෙම ලිපිය ලියන මොහොත වන විට අප ‘අරගලය’ යැයි හඳුනා ගන්නා ව්‍යාපාරය මර්දනය කිරීමට ලිබරල් සහ ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියාගන්නා නායකයෙකුගේ ආශිර්වාදය ලැබී තිබේ. ලිපියෙහි අරමුණ වන්නේ වත්මන් සංක්‍රාන්ති සමය පිළිබඳ සිතුවිලි කිහිපයක් ඉදිරිපත් කිරීමත්, ඒ මත පදනම්ව අනාගතය සඳහා ප්‍රයෝජනවත් වියහැකි අදහස් කිහිපයක් බෙදාහදා ගැනීමත්ය. 

ප්‍රතිවිරෝධයෙන් විකල්පයකට? අරගලයෙහි ශක්තිය සහ දිශානතිය පිළිබඳ සිතිවිලි කිහිපයක්  Read More »

පරතරය ගැන අවධානයෙන් (mind the gap): SGBV ප්‍රතිපත්තිය සහ යථාර්ථය

Mind the Gap යන වාක්‍ය ඛණ්ඩය මුලින් දුම්රිය ස්ථානවල භාවිතා කරන ලද්දේ දුම්රිය මගීන්ට දුම්රිය දොර සහ පදික වේදිකාව අතර ඇති ඉඩ පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙස අනතුරු ඇඟවීමටය. මෙමඟින් හිඩැස් පිළිබඳ අවධානය යොමු කර මගීන් එයට වැටීමෙන් වැළකී සිටීමට පියවර ගැනීම අරමුණු කරයි.

පරතරය ගැන අවධානයෙන් (mind the gap): SGBV ප්‍රතිපත්තිය සහ යථාර්ථය Read More »

නිදහස් අධ්‍යාපනයේ ඉරණම ඉදිරිය පිළිබඳ අනතුරු ඇඟවීමකි

2022 අගෝස්තු 21 පැවැත්වුණු මාධ්‍ය හමුවකදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සභාපතිවරයා කියා සිටියේ විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීම සළකා බැලෙන අතරේදී අන්තරවාර ක්‍රියාමාර් ගයක් ලෙස මාර් ගගත අධ්‍යාපනය නොකඩවා පවත්වාගෙන යන බවයි. සිසුන්ට අවශ්‍ය අන්තර් ජාල පහසුකම් ලබාදීම සඳහා අදාල සමාගම් සමඟ සාකච්ඡා වල නිරතව සිටින බව පවසන අතරම, වඩා හොඳ සංඥා ලැබෙන තැන් සොයාගැනීමට සිසුන්ද උනන්දු වියයුතු බවද හෙතෙම පැවසීය.

නිදහස් අධ්‍යාපනයේ ඉරණම ඉදිරිය පිළිබඳ අනතුරු ඇඟවීමකි Read More »

අරගලය මර්දනය කිරීම; අධ්‍යාපනය සහ සමාජ පන්තිය පිලිබඳ කතිකාව

අරගලකරුවෝ ඒකාධිපති රාජපක්ෂ රෙජීමය පරාජය කරනු ලැබුවේ, ජනාධිපති, අගමැති ධූර වලින් රාජපක්ෂවරු ඉල්ලා අස්වීමට සැලැස්වීමෙනි. රාජපක්ෂ රාජධානියේ බිඳ වැටීමත් සමඟ, රාජපක්ෂවරුන්ගේ රූකඩයක් වූ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ විකෘති බහුතරයක් සමඟ ජනාධිපති බවට පත්විය. ජනතා කැමැත්තකින් තොරව ජනාධිපති බවට පත්වූ වික්‍රමසිංහ ඔහුට ජනාධිපති වීමට පාර කැපූ අරගලය මර්දනය කිරීම ඇරඹීය.

අරගලය මර්දනය කිරීම; අධ්‍යාපනය සහ සමාජ පන්තිය පිලිබඳ කතිකාව Read More »

අධ්‍යාපන සහ සෞඛ්‍ය අර්බුදය: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසඳුම නොවන්නේ ඇයි?

රම්‍යා කුමාර්  ජුලි 9 වැනි දින රැළිය සහ ඉන් පසුව ඇති වූ සිදුවීම් මේ රටේ ජනතාව ඉල්ලා සිටින පාලනයේ රැඩිකල් වෙනස්කම් සංකේතවත් කරනු ලබයි. එහෙත් මෙම අර්බුදමය අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රටේ තත්ත්වයට විසඳුම ලෙස දැකීම ප්රහේලිකාවකි. IMF මැදිහත්වීම් මගින් සමාජ සුබසාධනය සඳහා, විශේෂයෙන්ම, ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍යය සඳහා කුමක් සිදු කළ

අධ්‍යාපන සහ සෞඛ්‍ය අර්බුදය: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසඳුම නොවන්නේ ඇයි? Read More »

සහයෝගීතාවය (solidarity) සහ අරගලය: අධ්‍යාපනඥයෙකුගේ අදහස් කිහිපයක්

ශ්‍රී ලංකාව තුළ මෙම මොහොතේ බලාපොරොත්තු ඇති කරගත හැකි දේ බොහෝ අල්පය. මීට මාස හයකට පෙරදී සිතාගත නොහැකි වූ තරම්  පැවැත්ම පිළිබඳ අර්බුදයකට අපි අද මුහුණ දී සිටිමු. මෙවන් තත්වයකට අප මුහුණ දෙන්නේ ශ්‍රී ලංකාව නිදහස ලබා 75 වැනි වසර සනිටුහන් කිරීමට වසරක් පමණක් ඉතිරිව ඇති මොහොතකය යන්න උත්ප්‍රාසජනකය.

සහයෝගීතාවය (solidarity) සහ අරගලය: අධ්‍යාපනඥයෙකුගේ අදහස් කිහිපයක් Read More »