විශේෂාංග

ජාතික ජන බලවේග රජය යටතේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 

මහේන්ද්‍රන් තිරුවරන්ගන් ජාතික ජන බලවේගය 2024 මහා මැතිවරණය දිනන විට, රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ඉහළ අපේක්ෂා තිබුණි. යහපාලනය සහ පද්ධතිමය වෙනසක් පිළිබඳ දුන් පොරොන්දු වලට අමතරව ඊට හේතු වූයේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම සහ දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් අධ්‍යාපනයට වෙන් කිරීම සඳහා වූ අරගලයේ මුල් තැනක් ගත් ශාස්ත්‍රාලිකයෙක් අධ්‍යාපන ඇමති ලෙස පත් […]

ජාතික ජන බලවේග රජය යටතේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ  Read More »

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ භාෂාව සහ වාර්ගිකත්වය

රම්‍යා කුමාර් අපේ පීඨයට තවත් අළුත් සිසුන් පිරිසක් පැමිණ තිබේ. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින් ම වාගේ පාහේ පැමිණ ඇති මේ කණ්ඩායම දුටුවිට සමාජ හා වාර්ගික ඒකාබද්ධතාව ඇතිකිරීමට අපට ලැබී ඇති මහඟු අවස්ථාව පිළිබඳ නැවත මතක් වේ. එහෙත් අවාසනාවකට මෙන් පළමු සෙමෙස්තර කිහිපය තුළ සිසුන් අනෙක් කණ්ඩායම් වල පිරිස් හා එතරම් ආශ්‍රය නොකරන්නේ භාෂා ගැටළුව නිසා පමණක් නොව,

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ භාෂාව සහ වාර්ගිකත්වය Read More »

අවදි කිරීමක්: අධ්‍යාපන ප්‍රතිපත්තිය දෙස දිත්වා සුළි කුණාටුවෙන් පසු නැවත හැරී බැලීම 

සුමති සිවමෝහන්  දින දෙක තුනක කාලයක් ඇතුළත දිත්වා සුළි කුණාටුව විසින් අප සමාජයේ කර ඇති විපත අති මහත් ය. මුළු රටටම වාගේ එල්ල වූ එම ප්‍රහාරය නිසා සියවස් ගණනක් පැරණි ව්‍යුහයන් කඩා වැටී, වරක් සුරක්ෂිත යැයි සිතූ ප්‍රදේශ හානියට පැමිණවී තිබේ.    වර්ෂාව තුරන් වී, ජල මට්ටම් අඩු ව, කඩ කාමර නැවත විවෘත වී, අපේ

අවදි කිරීමක්: අධ්‍යාපන ප්‍රතිපත්තිය දෙස දිත්වා සුළි කුණාටුවෙන් පසු නැවත හැරී බැලීම  Read More »

උසස් අධ්‍යාපනය හා පර්යේෂණ සඳහා රාජ්‍ය අරමුදල් ලබාගැනීම 

අහිලන් කදිර්ගාමර්  ලංකාවේ මහජන අධ්‍යාපන පද්ධතියේ සුවිශේෂී ශක්තියක් වන්නේ විශ්ව විද්‍යාල මට්ටම දක්වා නිදහස් අධ්‍යාපනය පැවතීමයි. බටහිර ඇතුළුව වෙනත් රටවල ශිෂ්‍ය ණය කන්ද දෙස බැලීමේදී අපේ රටේ තාරුණ්‍යයට නිදහස් අධ්‍යාපනය කෙතරම් ආශීර්වාදයක් දැයි පැහැදිලිව පෙනේ. එහෙත් උසස් අධ්‍යාපනයේ වර්තමාන ගමන් මඟ දෙස බැලූ විට පෙනී යන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල නිල වශයෙන් පිළිගැනීම ඔස්සේ පෞද්ගලීකරණයේ වාන්

උසස් අධ්‍යාපනය හා පර්යේෂණ සඳහා රාජ්‍ය අරමුදල් ලබාගැනීම  Read More »

පාසල් අධ්‍යාපනය සඳහා මනෝමිතිය සහ විෂය නිර්දේශය

ශාමලා කුමාර් පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් යෝජිත විෂය නිර්දේශ වෙනස්කම් සම්බන්ධව මට ඇති මූලිකම ගැටළුවක් වන්නේ ඒවා සම්බන්ධයෙන් මහජන පරීක්ෂාවට බඳුන් කළහැකි කිසිදු ලේඛනයක් නොවීමයි. මහජන ආයතන මහජනතාවට වගවිය යුතුය. එහෙත් 9 වෙනි වසරට හඳුන්වා දීමට නියමිත ‘මනෝමිතික පරීක්ෂණ’ (psychometric tests) පිළිබඳ සාකච්ඡාවේදී මට යැපෙන්නට සිදුව ඇත්තේ Powerpoint ඉදිරිපත් කිරීමක්, ප්‍රවෘත්ති කොටස් කිහිපයක් සහ අමාත්‍යාංශ නිලධාරීන්

පාසල් අධ්‍යාපනය සඳහා මනෝමිතිය සහ විෂය නිර්දේශය Read More »

ආත්ම ගෞරවයක් සහිතව රැකියාව කිරීම: ශාස්ත්‍රාලයේ සිට කෙරෙන ආවර්ජනා 

උදාරි අබේසිංහ සුහදත්වයේ සිට සියුම්ව දිගහැරෙන සතුරුකම් දක්වා ශාස්ත්‍රාලිකයන් විශ්ව විද්‍යාල පරිසරය තුළ මුහුණ දෙන අත්දැකීම් පරාසය සැළකූ විට, උසස් අධ්‍යාපන ආයතන වල සිටින කනිෂ්ඨ සාමාජිකයින්ට ආත්ම ගෞරවයක් සහිතව රැකියාව කිරීමට අවශ්‍ය පරිසරය සදා දී තිබෙන්නේද යන්න ඇසිය යුතු ප්‍රශ්නයකි. අපේ ශාස්ත්‍රීය පරිසර තුළ සාධාරණත්වය, ගෞරවය සහ පිළිගැනීම පෝෂණය කරනවාද, නැතිනම් ඒවා තුළ එම මූලධර්ම

ආත්ම ගෞරවයක් සහිතව රැකියාව කිරීම: ශාස්ත්‍රාලයේ සිට කෙරෙන ආවර්ජනා  Read More »

ස්නායුක බහුවිධතාවඅන්තර්ග්‍රහනීය අධ්‍යාපනය සහ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල තත්ත්ව සහතිකකරණය 

මෙම ලිපියෙන් අරමුණු කරන්නේ ස්නායුක බහුවිධතාව (neurodiversity) ආරම්භක ලක්ෂ්‍යයක් ලෙස ගෙන අපේ අධ්‍යාපන පද්ධතිය සියල්ලන් සඳහා වූ එකක් බවට කෙසේ පත් කරන්නේද යන්න පිළිබඳ සිතා බැලීමයි. මේ සඳහා ස්නායුක බහුවිධතාව යනු කුමක්ද යන්න නිර්වචනය කිරීම, ඔටිසම් (autism) තත්ත්වයේ විවිධ ප්‍රභේද අඩංගු පරාසය හඳුනා ගැනීම, සියල්ලන් සඳහා වූ අන්තර්ග්‍රහනීය අධ්‍යාපනයක් හඳුන්වා දීමෙහිලා ලංකාවේ පවතින අභියෝග මොනවාද යන්න සාකච්ඡා කිරීම මෙහිදී සිදු කෙරේ. මෙවැනි අභියෝග ජය ගත හැකි මාර්ගයක් ලෙස පෙන්වා දී ඇති විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලියෙහි දුර්වලතා විභාග කිරීමත් මෙහිදී අපේක්ෂා කෙරේ.

ස්නායුක බහුවිධතාවඅන්තර්ග්‍රහනීය අධ්‍යාපනය සහ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල තත්ත්ව සහතිකකරණය  Read More »

අනුගත වීම, යටත් භාවය සහ සහය දැක්වීම: කනිෂ්ඨ කථිකාචාර්යවරියකගේ ආවර්ජනා 

“මම අපේක්ෂා කරන දේ දැන් ඔබ දන්නා නිසා, ඒ මත පදනම්ව ඔබලා ලබාදුන් පිළිතුරු පිළිබඳව නැවත සිතා බලන්න.” මේ පසුගිය දිනක පන්ති කාමරයක් තුළ මා ලබාදුන් උපදෙසකි. එම අවස්ථාවේ මට සිතුනේ එම උපදෙස, ඉංග්‍රීසි දෙවන භාෂාවක් ලෙස ඉගෙන ගන්නා එම පන්ති කාමරය තුළ සිය තේරීම් පිළිබඳ සිතා බැලීමට සිසුන් යොමු කරවූ විවෘත ආරාධනයක් ලෙසයි. නමුත් වැඩිදුර සිතා බැලීමේදී මට පැහැදිලි වන කරුණක් වන්නේ මා විසින් ලබාදුන් එම නිදහස අදාළ වන්නේ, භාෂා කුසලතාව යැයි මා හඳුනා ගන්නා දේ ප්‍රශ්න කළ නොහැකි බව පිළිගන්නා අයට පමණක් බවයි. කොටින්ම කියන්නේ නම් ගුරුවරයා වශයෙන් මගේ අපේක්ෂාවන් මොනවාදැයි ඔවුන් දැනගත යුතු බව සන්නිවේදනය කිරීම තුළින් මා සිදුකොට ඇත්තේ ඔවුන්ගේ පිළිතුරු එක් පැත්තකට හැරවීමය. 

අනුගත වීම, යටත් භාවය සහ සහය දැක්වීම: කනිෂ්ඨ කථිකාචාර්යවරියකගේ ආවර්ජනා  Read More »

අපේ සුබසිද්ධියේ බර: අපවාද ආඛ්‍යාන තුළ පන්තිය හඳුනා ගැනීම 

අද වනවිට කුමන අන්දමේ විරෝධතා ව්‍යාපාරයකට වුවද ආණ්ඩුව ප්‍රතිචාර දක්වන්නේ මර්දනය, එහි නායකයින් හට විවිධ ව්‍යාපාර හරහා සංවිධිත ප්‍රහාර එල්ල කිරීම, සහ වෙනත් අනේක විධ ක්‍රම වලින් බිය වැද්දීම ඔස්සේ අධෛර්යමත් කිරීමෙනි. මේ අතර ශක්තිමත්ම අවිය මානසික අවියකි

අපේ සුබසිද්ධියේ බර: අපවාද ආඛ්‍යාන තුළ පන්තිය හඳුනා ගැනීම  Read More »