උත්පාදක කෘතිම බුද්ධි යුගයක ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම පිළිබඳ සිතුවිලි කිහිපයක්
උත්පාදක කෘතිම බුද්ධිය (Generative AI, Gen-AI ලෙසද හැඳින්වේ) ශාස්ත්‍රීය කවයන් තුළ මෑත කාලීනව දැඩි උනන්දුවට ලක්ව ඇති මාතෘකාවකි. විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම (English Language Teaching – ELT) සම්බන්ධයෙන් මෙය වඩාත් වැදගත් වී තිබේ. සමහරු එය ELT හි තත්වය දියුණු කිරීම සඳහා වන වැදගත් මෙවලමක් ලෙස සළකනු ලබන අතර, තවත් සමහරු Gen-AI මඟින් ඇතිකරන සෘණාත්මක බලපෑම පිළිබඳ සැළකිලිමත් වෙති. මේ සම්බන්ධ ශාස්ත්‍රීය සම්මන්ත්‍රණ ද බොහොමයක් සංවිධානය වේ. එන්න එන්නටම වැඩිවන ශාස්ත්‍රීය ලිපි වලින්ද කියවෙන්නේ මෙය ශාස්ත්‍රීය විමසුමට වැඩි වැඩියෙන් භාජනය වන ක්ෂේත්‍රයක් බවට පත්ව ඇති බවයි.