ගෝලීය ඉල්ලුමට සරිලන ලෙස අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම
අධ්‍යාපන අමාත්‍යාංශයේ ඔක්තෝබර් මුල පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී ජනාධිපති අනුර කුමාර දිසානායක, ගෝලීය ඉල්ලුමට සරිලන ලෙස අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. මෙය දැනට බොහෝ කාලයක සිට පවතින ප්‍රතිපත්ති ස්ථාවරයක් පුනරාවර්චනය කිරීමකි. එහෙත් ඉතිහාසයේ කිහිප වතාවක්ම මේ සැලසුම අපට වැරදුණු බවට වන දැනුම නොමැති බවද එම ප්‍රතිපත්ති ස්ථාවරය තරම්ම කාලයක සිට පවතින්නකි. ‘ගෝලීය අවශ්‍යතාව’ වන්නේ ලොව සියළු සමාජයන් ගෝලීය ධනවාදී වෙළඳපොලට අනුකලනය කරගැනීමයි. එහිදී යුරෝපයේ අධිරාජ්‍ය තැනීමේ ගමන තුළ නිර්මාණය කරන ලද අත්‍යන්ත අසමාන ගතිකත්වයන් ප්‍රතිනිෂ්පාදනය වීම වැළැක්විය නොහැක. මේ පද්ධතිය තුළ ලංකාව වැනි දියුණු වන ආර්ථිකයන්ගෙන් බලාපොරොත්තු වන්නේ අමුද්‍රව්‍ය හා ලාබ ශ්‍රමය සැපයීමේ මූලාශ්‍රයක් ලෙසත්, දියුණු ලෝකයේ කාර්මික හා කෘෂිකාර්මික අපද්‍රව්‍ය පැටවීමට කසළ බඳුනක් (මෙන්ම ඔවුන්ගේ ප්‍රමිතීන්ට අනුකූල නොවන භාණ්ඩ වලට වෙළඳපොලක්) ලෙසත් ක්‍රියා කිරීමය. මේ ලිපියේදී මගේ අරමුණ වන්නේ ලංකාවේ මෑත කාලීන උසස් අධ්‍යාපන ‘ප්‍රතිසංස්කරණ’ සැකෙවින් ඉදිරිපත් කිරීමත්, ඒ හරහා ගෝලීය ධනවාදී වෙළඳපොලෙහි අච්චුවට අපේ ආර්ථිකය වෙනස් කරගැනීමේ ක්‍රියාවලිය කෙසේ දිගහැරෙන්නේද යන්න ඉදිරිපත් කිරීමත්ය. ඒ තුළින් අවසාන වශයෙන් අරමුණු කරන්නේ මේ සැලැස්ම වැරදිය හැක්කේ කෙසේදැයි පෙන්වා දීමයි.
ගෝලීය ඉල්ලුමට සරිලන ලෙස අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම Read More »









