Author name: Hasini Lecamwasam

ලංකාවේ ඉංග්‍රීසි ඉගැන්වීමේ ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලාංකේය ඉංග්‍රීසි ස්ථානගත කිරීම 

පසුගිය දශක කිහිපය පුරාවට, විශේෂයෙන්ම ’70 දශකයේ විවෘත ආර්ථිකය හඳුන්වා දුන් කාලයේ සිට, ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම ජාතික වශයෙන් වැදගත් මාතෘකාවක් වශයෙන් බවට පත්ව ඇත. ගෝලීයකරණය පිළිබඳ වඩා පුළුල් සන්දර්භයක් තුළ ඉංග්‍රීසි අධ්‍යාපනය වැඩිවර්ධනය කිරීම හදිසි, කාලීන හා ජාතික ආර්ථික සංවර්ධනයට සෘජුව බද්ධ වූ කාරණයක් ලෙස සැළකේ. මේ මාතෘකාවට ලබාදී ඇති වැදගත්කම කෙසේ වෙතත්, ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය අසමත් වූවක් බවට පොදු පිළිගැනීමක් ඇත. මීට ප්‍රධානම හේතු වශයෙන් දැක්වෙන්නේ දෙවැනි භාෂාවක් වශයෙන් ඉංග්‍රීසි ඉගැන්වීම පිළිබඳ නියමිත පුහුණුව ලැබූ ගුරුවරුන් නොමැති වීම හා සිසුන්ගේ පාර්ශ්වයෙන් උනන්දුව සහ ආකල්ප වල මඳ බවක් තිබීමය. මෙවැනි සන්දර්භයක් තුළ, මෑතදී මෙම තීරුවට සෙල්වරාජ් විශ්විකා විසින් ලියන ලද ලිපිය තුළින් ප්‍රශ්නයේ ඉතා වැදගත් මානයන් කිහිපයක් පෙන්වා දෙයි.    

ලංකාවේ ඉංග්‍රීසි ඉගැන්වීමේ ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලාංකේය ඉංග්‍රීසි ස්ථානගත කිරීම  Read More »

2023 ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව: විෂමතාව විසින් උසස් අධ්‍යාපනය අරක් ගැනීම?

ගෝලීය විෂමතාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. 2024 ජනවාරියේ OXFAM ආයතනය විසින් නිකුත් කරන ලද වාර්තාවකට  අනුව ලොව සුපිරි ධනවතුන් 1% සන්තකයේ එහි වත්කම් වලින් 43% ක් පවතී. වසංගත සමය තුළ ලොව ඉහළම ධනවතුන් පස්දෙනාගේ ධනය දෙගුණයක් වී ඇත්තේ බිලියන පහක ජනතාව තව තවත් දරිද්‍ර වූ සන්දර්භයක් තුළය. ශ්‍රමිකයන්ගේ එන්න එන්නටම අඩුවන වේතන, දැවැන්ත සමාගම් වලට නිතර ලැබෙන බදු සහන හා ඔවුන් විසින් සිදුකරන බදු ගෙවීම් පැහැර හැරීම් මෙන්ම, පොදු සේවා පෞද්ගලීකරණය නිසා මෙවැනි සමාගම් අත තව තවත් ධනය හා බලය සංකේන්ද්‍රණය වන බවත්, එතුළින් ඔවුන් ප්‍රතිපත්ති ක්‍රියාවලිය තුළ තව තවත් බලසම්පන්න වන බවත් OXFAM ආයතනය සිය වාර්තාව තුළින් පෙන්වා දේ.     

2023 ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව: විෂමතාව විසින් උසස් අධ්‍යාපනය අරක් ගැනීම? Read More »

අධ්‍යාපනය බේරා ගැනීම: “ඉහළ අහසේ! කුරුල්ලෙක්! ගුවන් යානයක්! සුපර් මෑන්!”

අධ්‍යාපනය කරදරේ වැටී ඇත. ධම්මික පෙරේරා වැනි උසස් මිනිසුන්ගේ ප්‍රශංසාත්මක ත්‍යාගශීලීභාවය, අරමුදල් හිඟ මෙම ක්ෂේත්‍රයට මෙවැනි මොහොතක අස්වැසිල්ලක් බව පැහැදිලිය. 1970 ගණන් වල සිට අධ්‍යාපනය කෙරෙහි වෙන්කරන රාජ්‍ය අරමුදල් වල ප්‍රමාණය පහත වැටී ඇති අතර, ලංකාව තුළ 1950-60 කාලයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 4% ක් ව පැවති එය 2022 වනවිට 1.2% ක් දක්වා පහත වැටී තිබුණි. වර්තමානය වනවිට සමාජයේ භෞතික අසමානතා අවම කරන ප්‍රතිපත්ති වෙනුවට දැකිය හැක්කේ වැඩි වැඩියෙන් ප්‍රාග්ධනය සමුච්චනය කරන ප්‍රතිපත්තීන්ය. ඊට පදනම්ව ඇති තර්කය වන්නේ මෙසේ සමුච්චනය වන ප්‍රාග්ධනය ටිකෙන් ටික ආර්ථිකයේ පහළ කොටස් වලට ගලා එනු ඇති බවත් (trickle down effect), එසේ ගලා ඒම තුළින් මාගරට් තැචර් හඳුනාගත් ‘පරායත්ත මානසිකත්වය’ නැතිවනු ඇති බවත්ය. ධම්මික පෙරේරා වැන්නවුන් තැනුනේද මෙවැනි ප්‍රතිපත්ති වල අසමාන බලපෑම තුළිනි. වාණිජ ක්ෂේත්‍රයේ දැවැන්තයින් සමාජයේ දෘෂ්ටිවාදාත්මක හා ව්‍යුහාත්මක රාමුවේ මැදට ගෙන ඒමට අවශ්‍ය ඉඩ විවර කර දුන්නේද නවලිබරල්වාදය වෙත වූ මේ විතැන් වීම තුළිනි.   

අධ්‍යාපනය බේරා ගැනීම: “ඉහළ අහසේ! කුරුල්ලෙක්! ගුවන් යානයක්! සුපර් මෑන්!” Read More »

පන්ති කාමරය තුළ නිහඬතාව: ‘ඌණතාව’ පිළිබඳ ගතිකත්වයන් වලට මුහුණ දීම 

පන්ති කාමරය තුළ නිහඬතාව පිළිබඳ මගේ පළමු අත්දැකීම මට අද මෙන් මතකය. අපේ උපාධි අපේක්ෂක පන්තියට ඉගැන්වූ කථිකාචාර්යවරයකු, කියවාගෙන එන්නට යැයි කියා අපට ලබාදුන් ඉතා සංකීර්ණ මූලාශ්‍රයක් යන්තම් උඩින් පල්ලෙන් කියවාගෙන අප පන්තියට ගියේ, ප්‍රශ්නයක් ඇසුවොත් උත්තර දීමට කවුරු හෝ සූදානම්ව ඇතැයි අපේක්ෂාවෙනි. නමුත් එය වැරදුණි. කථිකාචාර්යවරයා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දීමට තරමක් ගැඹුරින් කල්පනා කිරීම අවශ්‍ය විය. කලබලයෙන් අප දෙන්නට තැතනූ පිළිතුරු තවදුරටත් පැහැදිලි කරන ලෙස උපදෙස් ලැබුණි. අවසානයේ අපි නිහඬ වීමු. එම නිහඬතාව තුළ පිළිතුරක් දීමට අපේ සිතුවිලි ගොනුකර ගැනීම සඳහා අවකාශය ලබාදී කථිකාචාර්යවරයාද නිහඬ විය.   

පන්ති කාමරය තුළ නිහඬතාව: ‘ඌණතාව’ පිළිබඳ ගතිකත්වයන් වලට මුහුණ දීම  Read More »

ඉංග්‍රීසි හරහා හඬ අහිමි කිරීම 

පසුගිය සතියේ පළවූ මහේන්ද්‍රන් තිරුවරන්ගන් ගේ කුප්පි ලිපියෙහි ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන, විචාරාත්මක හෘදය සාක්ෂිය පිළිබඳ අවකාශ බවට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවත්, වර්තමානය වනවිට ඒ අතින් ඒවා පසුබසින බවත් අවධාරණය කෙරුණි. මෙම පසුබැස්මට දායක වන තවත් හේතුවක් වන්නේ ශිෂ්‍යයන් පවසන දෙයට ඇහුම්කන් දෙනු වෙනුවට ඔවුන්ගේ භාෂාව නිවැරදි කිරීමේ පුරුද්දට ගුරුවරුන් ලෙස අප වැටී තිබීමයි. 

ඉංග්‍රීසි හරහා හඬ අහිමි කිරීම  Read More »

විසම්මුතිය අධ්‍යාපනය ලෙස: මර්දනකාරී යුගයක ඉගැන්වීම 

අපි තවත් වසරකට එළඹ සිටින්නෙමු. මේ වසරේ කුමක් සිදුවනු ඇතිද? බලාපොරොත්තු දනවන අලුත් යමක් නැති තරම්ය. වක්‍ර බදු වල වැඩිවීම, උතුරු-නැගෙනහිර දිගින් දිගටම සිදුවන ඉඩම් අත්පත් කරගැනීම්, මලයියහ ප්‍රජාව සිය ජීවිකාව සරිකර ගන්නා දරිද්‍ර තත්වයන්, විශ්ව විද්‍යාල තුළ මර්දනකාරී පරිසරය, සහ ගාසා හි යුද්ධය, ඉතිහාසයේ අප වසන මේ මූසල යුගය ලකුණු කරන දේ වලින් කිහිපයක් පමණි. මේ ලිපිය ඉතා අපේක්ෂාභංග ලෙස ආරම්භ කිරීම හැර වෙන විකල්පයක් නොමැත. 

විසම්මුතිය අධ්‍යාපනය ලෙස: මර්දනකාරී යුගයක ඉගැන්වීම  Read More »

කොළ දෙකක් සහ අංකුරයක්: මලයියහ ප්‍රජාවගේ ඉතිහාසය, ශික්ෂණ ශාස්ත්‍රය ලෙස 

මම මෙතැනදී කවියකු පිළිබඳ කතා කිරීමට කැමැත්තෙමි. කුරිංජිත් තේනවන් යනු ස්වයංව අධ්‍යාපනය ලැබූවෙකි. ඔහු ඉගෙන ගත්තේ හෝ කවියකු බවට පත්වූයේ අපේ පාසල් හෝ විශ්ව විද්‍යාල තුළින් නොවේ. ඔහු ශ්‍රමිකයෙකි. අපේ නිදහස් අධ්‍යාපන පද්ධතිය ඔහු වෙනුවෙන් විවර නොවුනි. සිය ජීවිත කාලය තුළදී කවියකු ලෙස ඔහු කීර්තිය දිනා නොගත් අතර, දමිළ සාහිත්‍ය කවයන් හා දේශපාලන ක්‍රියාධරයින්ගෙන් පරිබාහිරව ඔහු පිළිබඳව දන්නේද ඉතා සුළු පිරිසකි. මෙම ලිපිය අවසානයේ ඔහුගේ කවි දෙකක පරිවර්තන දැක්වීමෙන් මා අපේක්ෂා කරන්නේ අපේ ඉතිහාසය විසංයෝජනය කිරීමෙන් සමාජ හා දේශපාලන විමුක්තිය පිළිබඳ සාමූහික පරිකල්පනයක් ගොඩනඟා ගැනීමයි.

කොළ දෙකක් සහ අංකුරයක්: මලයියහ ප්‍රජාවගේ ඉතිහාසය, ශික්ෂණ ශාස්ත්‍රය ලෙස  Read More »

හැමෝටම ඉංග්‍රීසි දීමේ පොරොන්දුව: අනවශ්‍ය අවවාද සහ ඛේදනීය සන්දර්භ සටහන් 

සති කිහිපයකට පෙර මම ලියනගේ අමරකීර්තිගේ  ‘විශ්වවිද්‍යාලයක් යනු කුමක්ද?’ ග්‍රන්ථය සොයමින් සරසවි පොත්හලේ ශාඛාවකට ඇතුළු වුනෙමි. මට ලැබුනු උත්තරය වූයේ මේ ශාඛාවේ ඉංග්‍රීසි පොත් පමණක් විකුණන බවයි. ශාඛාවේ සේවකයින් කොම්පැනියේ ප්‍රතිපත්ති මුවකඩවල් පමණක් වන බැවින්, ඉංග්‍රීසි පොත් පමණක් විකුණන්නේ ඇයිද යන ප්‍රශ්නයට ඔවුන්ට පිළිතුරු දිය නොහැකි විය. අනෙක් අතට එවැනි හේතු දැක්වීමක් අවශ්‍යද නැත. කොම්පැනිය ප්‍රතිචාර දක්වන්නේ ලංකාවේ යටත්විජිතවාදී ඉතිහාසය සමග මූට්ටු වූ, ඒ කාලයේ සිට මේ දක්වා පැනවුනු භාෂා ප්‍රතිපත්ති සමූහය හේතුවෙන් මතුවුනු ඉංග්‍රීසිය සම්බන්ධව තිබෙන අනුරාගයටය. මෑත කාලීන භාෂා ශාස්ත්‍රඥයින් කියන ලෙස, ඉංග්‍රීසි භාෂාව කොහොමත් ලෝකයේ අනෙක් භාෂාවන් පාගාගෙන මතුවන ආක්‍රමණ ශීලී ශාඛයක් වැනි ය. පසුගිය සියවස පමණ කාලයේ ආණ්ඩුකරණය, තාක්ෂණය, මුද්‍රණ වැනි තලයන්හි අනෙක් භාෂාවන් ඉවත් කරමින් ඉංග්‍රීසි ඉදිරියට ඒමෙන්ම මෙය හුවා දැක්වෙන බව ඔවුන්ගේ මතයයි. 

හැමෝටම ඉංග්‍රීසි දීමේ පොරොන්දුව: අනවශ්‍ය අවවාද සහ ඛේදනීය සන්දර්භ සටහන්  Read More »

ස්නායුක බහුවිධතාවඅන්තර්ග්‍රහනීය අධ්‍යාපනය සහ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල තත්ත්ව සහතිකකරණය 

මෙම ලිපියෙන් අරමුණු කරන්නේ ස්නායුක බහුවිධතාව (neurodiversity) ආරම්භක ලක්ෂ්‍යයක් ලෙස ගෙන අපේ අධ්‍යාපන පද්ධතිය සියල්ලන් සඳහා වූ එකක් බවට කෙසේ පත් කරන්නේද යන්න පිළිබඳ සිතා බැලීමයි. මේ සඳහා ස්නායුක බහුවිධතාව යනු කුමක්ද යන්න නිර්වචනය කිරීම, ඔටිසම් (autism) තත්ත්වයේ විවිධ ප්‍රභේද අඩංගු පරාසය හඳුනා ගැනීම, සියල්ලන් සඳහා වූ අන්තර්ග්‍රහනීය අධ්‍යාපනයක් හඳුන්වා දීමෙහිලා ලංකාවේ පවතින අභියෝග මොනවාද යන්න සාකච්ඡා කිරීම මෙහිදී සිදු කෙරේ. මෙවැනි අභියෝග ජය ගත හැකි මාර්ගයක් ලෙස පෙන්වා දී ඇති විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලියෙහි දුර්වලතා විභාග කිරීමත් මෙහිදී අපේක්ෂා කෙරේ.

ස්නායුක බහුවිධතාවඅන්තර්ග්‍රහනීය අධ්‍යාපනය සහ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල තත්ත්ව සහතිකකරණය  Read More »

රාජ්‍ය විශ්ව විද්‍යාල අංග විකල කරන අයවැයක් 

1930 ගණන් වලින් පසු මතුවූ දරුණුම ආර්ථික අර්බුදයට ලංකාව මේ වනවිට මුහුණ දෙමින් සිටියි. ආර්ථික ස්ථායිකරණය සඳහා මේ මොහොතේ රජය ගන්නා පියවර තුළින් රටේ දේශපාලන-ආර්ථික තත්වය දැඩි ලෙස වෙනස් විය හැකිය. සිදුවෙමින් පවතින මෙම වෙනස්කම් මධ්‍යයේ අධ්‍යාපන පද්ධතිය, වඩා නිශ්චිතව විශ්ව විද්‍යාල පද්ධතිය, තදබල පීඩනයකට මුහුණ දෙමින් තිබේ. 

මේ වසරේ අයවැය කතාව තුළින් අනාගත පරම්පරා වල විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ඇති ප්‍රවේශයට එල්ල කරන තර්ජනය පිළිබඳ විශ්ලේෂණය කිරීම මෙම ලිපිය ලිවීමේ අරමුණයි. රාජ්‍ය විශ්ව විද්‍යාල සඳහා ඇති අරමුදල් කප්පාදු කිරීමේ පිළිවෙත දිගටම ගෙනයන බවක් අයවැය කතාව තුළ පෙනෙන්නට තිබේ. විශ්ව විද්‍යාල වල ආණ්ඩුකරන ක්‍රියාවලිය තනිකරම වෙනස් කිරීම, පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන රජයේ විශ්ව විද්‍යාල හා සම තත්වයේ ලා සැළකීම, හා ඒවාට උසස් අධ්‍යාපනය තුළ ඇති භූමිකාව පුළුල් කිරීම මෙමඟින් අරමුණු කරයි.

රාජ්‍ය විශ්ව විද්‍යාල අංග විකල කරන අයවැයක්  Read More »