Author name: Hasini Lecamwasam

ආබාධිත සිසුන්ද? ආබාධිත විශ්ව විද්‍යාලද?

නිසි වාතාශ්‍රය නොමැති, විදුලි පංකා රහිත, අතුපතු නොගෑ එම කොරිඩෝව දවනසුළු යාපන උෂ්ණත්වය තුළ අපායක් මෙනි. සරසවියේ ශාස්ත්‍ර පීඨය තුළ ඇති නව විභාග ශාලාවට බාහිරින් දිවෙන කොරිඩෝවෙහි ආබාධිත සිසුන් සිය විභාගයට පිළිතුරු  ලියනු මට පෙනේ. මෙහි ඇති අවකාශමය බෙදීම වසර හතරක් මුළුල්ලේ මට මානසිකව පීඩා කළේය. විදුලි පංකා වල සැප පහසුව මධ්‍යයේ ශාරීරික ආබාධ නොමැති සිසුන් සිය විභාගයට පෙනී සිටි අතර, දෘෂ්‍යාබාධ සහිත සිසුන්ට ලබාදී තිබුනේ මෙම කොරිඩෝවයි. බ්‍රේල් පහසුකම් නොමැති නිසා විභාග අධීක්ෂකවරුන් විසින් ඔවුන්ගේ ප්‍රශ්න පත්‍ර හඬ නඟා කියවනු ලැබේ. එම ක්‍රියාවලිය මඟින් අනිත් සිසුන්ට බාධාවක් නොවනු පිණිසය ඔවුන්ව මෙසේ කොරිඩෝවට දමා ඇත්තේ. මෙහි යම් අතිමූලික ගැටළුවක් තිබේ. මෙම සිසුන්ට වෙනම පන්ති කාමරයක් ලබාදිය නොහැක්කේ ඇයි? මෙම සිසුන් – මෙන්ම වෙනත් ආබාධ සහිත සිසුන් – සරසවි අවකාශ වලින් බහිෂ්කරණය කොට ඇත්තේ ඇයි?   

ආබාධිත සිසුන්ද? ආබාධිත විශ්ව විද්‍යාලද? Read More »

ජාතික දන්ත වෛද්‍ය අධ්‍යාපනයේ අභියෝග වලට මුහුණ දීම 

නිදහස් අධ්‍යාපනයේ මූලිකම ප්‍රතිපත්තියක් නම් උසස් අධ්‍යාපන අවස්ථා හිමිකර දීමය. 2020 වසරේදී එවක ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත රාජ්‍ය විශ්ව විද්‍යාල වලට අමතර සිසුන් 12,000 ක් ඇතුළත් කරගන්නා ලෙස උපදෙස් දෙන්නේ ඒ අනුවය. නමුත් මෙසේ වැඩිකරන ලද සිසුන් ප්‍රමාණය අවශෝෂණය කරගැනීම සඳහා අවශ්‍ය අමතර සම්පත් රාජ්‍ය විශ්ව විද්‍යාල වෙත ලබා නොදුණි.

ජාතික දන්ත වෛද්‍ය අධ්‍යාපනයේ අභියෝග වලට මුහුණ දීම  Read More »

පෞද්ගලීකරණය තුළින් උසස් අධ්‍යාපනයේ වගවීම සහතික කිරීම  

දේශපාලන සහ ආර්ථික ව්‍යාකූලත්වයෙන් පිරි අවස්ථාවක උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනස්කම් සිදුවෙමින් තිබේ. ආපදා ධනවාදය (disaster capitalism) පිළිබඳ නයෝමි ක්ලයින්ගේ අදහසට අනුව මෙවැනි තත්වයන් වල හදිසියේ හඳුන්වා දෙන වෙනස්කම් පිළිබඳව අප කල්පනාකාරී විය යුතු වන්නේ ඒවායෙහි අනියම් අරමුණු පැවතිය හැකි බැවිනි. අප සිටිනා තත්වය තුළ මේ කාරණා පිළිබඳ ප්‍රවේශමෙන් සිතා බැලීමට අවශ්‍ය කාලය සහ නිදහස නොමැති වුවත්, මෙම වෙනස්කම් ඔස්සේ නිදහස් අධ්‍යාපනයට ආපසු හැරවිය නොහැකි ආකාරයේ හානියක් සිදුවීමට පෙර වහා ක්‍රියාත්මක වීම යුතුකමක් බව සිහිපත් කළ යුතුය.  

පෞද්ගලීකරණය තුළින් උසස් අධ්‍යාපනයේ වගවීම සහතික කිරීම   Read More »

වෙනත් දෝෂ වසා ගැනීම සඳහා මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා බිල්ලට දීම?

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග COPE කමිටුව හමුවේ කළ ප්‍රකාශයක් මේ දිනවල සමාජ මාධ්‍ය පුරා සැරිසරයි. ඉන් කියවෙන්නේ ශාස්ත්‍ර පීඨ වලින් පිටවන උපාධිධාරීන් 70% ක් තරම් ප්‍රමාණයකට රැකියා අවස්ථා නොමැති බවත්, සමස්ත රජයේ විශ්ව විද්‍යාල පද්ධතිය කෙරෙහි මේ වනවිට එල්ල වන විවේචනයට වගකිව යුත්තේ කලා උපාධිධාරීන්ගේ ඌන සේවා නියුක්තිය (under-employability) බවත්ය.  

වෙනත් දෝෂ වසා ගැනීම සඳහා මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා බිල්ලට දීම? Read More »

උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතික්ෂේප කරන්න 

අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් මෑතදී පල කරන ලද වාර්තාවක් තුළ සාමාන්‍ය සහ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් එහි ප්‍රතිසංස්කරණ වැඩසටහන දක්වා තිබේ. ආචාර්ය විජේදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් හෙබි, සාමාජිකයින් 10 කට අධික සංඛ්‍යාවකින් යුතු මෙම කමිටුවේ උසස් අධ්‍යාපනය හා මොනයම්ම හෝ සම්බන්ධයක් පවතින සාමාජිකයින් සිටියේ දෙදෙනෙක් පමණි: එනම් හරිනි අමරසූරිය සහ චරිත හේරත් යන ආචාර්යවරුන්ය. පල කරන ලද වාර්තාවට සිය විරුද්ධත්වය ප්‍රකාශ කරමින් ආචාර්ය අමරසූරිය අපමතික වාර්තාවක් පල කොට ඇති බවද මෙහිදී සිහිතබා ගත යුතුය. 

උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතික්ෂේප කරන්න  Read More »

අර්බුද සමයන් තුළ ශාස්ත්‍රාලිකයන් මහජනතාව හා සම්බන්ධ වීමේ වැදගත්කම 

මීට සති කිහිපයකට ඉහතදී එක්සත් රාජධානියේ හල් විශ්ව විද්‍යාලයේ පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ධරණීය සංවර්ධන අරමුණු පිළිබඳ සම්මන්ත්‍රණයකට මම සහභාගී වූයෙමි. සම්මන්ත්‍රණයේ තේමාව වූයේ ‘ධරණීය සංවර්ධනය සඳහා සාධාරණ සංක්‍රාන්තියක්’ යන්නයි. එහි බොහෝ සැසිවාර ස්වභාවික විද්‍යාඥයින්ගෙන් පිරී තිබුණු අතර, පුනර්ජනනීය බලශක්තිය සඳහා නව තාක්ෂණය භාවිතා කරන අන්දම පිළිබඳ සිය සොයාගැනීම් ඔවුහු ආඩම්බරයෙන් ඉදිරිපත් කළහ. 

අර්බුද සමයන් තුළ ශාස්ත්‍රාලිකයන් මහජනතාව හා සම්බන්ධ වීමේ වැදගත්කම  Read More »

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල: නිදහස් අධ්‍යාපනයට එල්ල වන මීළඟ පහර?

පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වල ඉගෙන ගැනීම සඳහා රුපියල් මිලියන 1.1 ක පොලී රහිත ණය ලබාදීමේ වැඩපිළිවෙලක් හඳුන්වා දීමට නියමිතය. රාජ්‍ය හා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වල ප්‍රමිතිය තහවුරු කිරීම සඳහා තත්ත්ව සහතිකකරණ කවුන්සිලයක් (Quality Assurance Council) පිහිටුවීමට  විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යෝජනා කොට තිබේ. 

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල: නිදහස් අධ්‍යාපනයට එල්ල වන මීළඟ පහර? Read More »

අර්බුද සමයක කම්කරු ප්‍රතිසංස්කරණ

ලංකාව දැඩි ආර්ථික අර්ථුදයක සිරව සිටියි. මිනිස් දුක්ඛ දදෝමනස්ස වල අලුත්
ගැඹුරක් අපි අත්දකිමින් සිටින්දනමු. අඩමාන දේතන, රැකියා අස්ිර භාවය සහ
ආර්ථික අවපාතයක විනාශකාරී බව නිසා වැඩිදයන්ම බලපෑමට ලක්ව ඇත්දත් වැඩ
කරන ජනතාවයි. දමවැනි අනතුරුදායක තත්වයක සිටින්නා වූ වැඩ කරන
ජනතාවදේ තත්වය තවත් අවිනිශ්චිත කරමින් කම්කරු ප්‍රතිසංස්කරණ හඳුන්වා
දීමට ආණ්ඩුව දයෝජනා දකාට තිදේ.

අර්බුද සමයක කම්කරු ප්‍රතිසංස්කරණ Read More »

මහජන විශ්ව විද්‍යාලයක් සහ ජාතික අර්බුදයක් 

මේ ලිපිය ගැන මා සිතන්නට පටන් ගත්තේ කුප්පි සාමූහිකය රජයේ යෝජිත කම්කරු ප්‍රතිසංස්කරණ ගැන අධ්‍යයනය කරන්නට ගත් පසුබිමකය. අදාළ ප්‍රතිසංස්කරණ පිළිබඳව වඩා හොඳින් තේරුම් ගැනීම සඳහා ශාස්ත්‍රාලිකයන්ද ඇතුළු පාර්ශ්ව සමඟ අප සාකච්ඡා කිරීම අරඹා තිබූ අතර, අපට ඉතා ඉක්මණින් වැටහුණු කාරණාවක් වූයේ ඒවා ඉතා විවාදාපන්න මෙන්ම බැරෑරුම් ප්‍රතිවිපාක වලට තුඩුදිය හැකි ප්‍රතිසංස්කරණ බවයි. එහෙත් ඒ පිළිබඳ සාකච්ඡාවක් විශ්ව විද්‍යාලය තුළින් ජනිත නොවුණු තරම්ය.   

මහජන විශ්ව විද්‍යාලයක් සහ ජාතික අර්බුදයක්  Read More »

අනුගත වීම, යටත් භාවය සහ සහය දැක්වීම: කනිෂ්ඨ කථිකාචාර්යවරියකගේ ආවර්ජනා 

“මම අපේක්ෂා කරන දේ දැන් ඔබ දන්නා නිසා, ඒ මත පදනම්ව ඔබලා ලබාදුන් පිළිතුරු පිළිබඳව නැවත සිතා බලන්න.” මේ පසුගිය දිනක පන්ති කාමරයක් තුළ මා ලබාදුන් උපදෙසකි. එම අවස්ථාවේ මට සිතුනේ එම උපදෙස, ඉංග්‍රීසි දෙවන භාෂාවක් ලෙස ඉගෙන ගන්නා එම පන්ති කාමරය තුළ සිය තේරීම් පිළිබඳ සිතා බැලීමට සිසුන් යොමු කරවූ විවෘත ආරාධනයක් ලෙසයි. නමුත් වැඩිදුර සිතා බැලීමේදී මට පැහැදිලි වන කරුණක් වන්නේ මා විසින් ලබාදුන් එම නිදහස අදාළ වන්නේ, භාෂා කුසලතාව යැයි මා හඳුනා ගන්නා දේ ප්‍රශ්න කළ නොහැකි බව පිළිගන්නා අයට පමණක් බවයි. කොටින්ම කියන්නේ නම් ගුරුවරයා වශයෙන් මගේ අපේක්ෂාවන් මොනවාදැයි ඔවුන් දැනගත යුතු බව සන්නිවේදනය කිරීම තුළින් මා සිදුකොට ඇත්තේ ඔවුන්ගේ පිළිතුරු එක් පැත්තකට හැරවීමය. 

අනුගත වීම, යටත් භාවය සහ සහය දැක්වීම: කනිෂ්ඨ කථිකාචාර්යවරියකගේ ආවර්ජනා  Read More »