Author name: Hasini Lecamwasam

පන්ති කාමරය තුළ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය සහ ලිංගිකත්වය 

පන්ති කාමරය සාමාන්‍යයෙන් සැළකෙන්නේ අධ්‍යාපනය, විවිධත්වය, නිර්මාණශීලීත්වය සහ විසම්මතිය තහවුරු කෙරෙන අවකාශයක් ලෙසය. එනයින් ගත් කළ විවිධ වර්ගයේ ලිංගික අනන්‍යතා සහ රුචි අරුචිකම් ඇති ගුරුවරුන් සහ ශිෂ්‍යයින්ට බාධාවකින් තොරව එම අනන්‍යතා පැවැත්වීමේ නිදහස පන්ති කාමරය තුළ තිබිය යුතුය. එහෙත් ලංකාවේ පන්ති කාමරය යනු වඩා පුළුල් සමාජයේම පිළිබිඹුවකි. ලිංගිකත්වය සම්බන්ධ සමාජ ධූරාවලි එහිද ප්‍රතිනිෂ්පාදනය වේ.

පන්ති කාමරය තුළ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය සහ ලිංගිකත්වය  Read More »

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තරුණ කථිකාචාර්යවරුන් ආකර්ෂණය කරගැනීම සහ රඳවා තබාගැනීම: කනිෂ්ඨ කථිකාචාර්යවරුන්ගේ දෘෂ්ටිකෝණයෙන්  

පසුගිය සතියේ කුප්පි තීරුවෙන් කෞෂල්‍යා පෙරේරා කතා කළේ විශ්ව විද්‍යාල තුළ වත්මනේ පවතින ශ්‍රම ගැටළු මෙන්ම, බඳවා ගැනීම් හා රඳවා ගැනීම් සම්බන්ධ රජයේ ප්‍රතිපත්ති හරහා ඒවා වඩාත් තීව්‍ර වන ආකාරයයි. මේ සතියේ මගේ බලාපොරොත්තුව මෙම ගැටළුව තරුණ ශාස්ත්‍රීය කාර්ය මණ්ඩලයට බලපාන ආකාරයත්, එමඟින් ඔවුන්ගේ වෘත්තීය උන්නතියට බාධා කරන අයුරුත් හඳුනා ගැනීමය. ඒ සඳහා රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ වෛද්‍ය හා දන්ත වෛද්‍ය පීඨ කිහිපයක සේවය කරන තරුණ කථිකාචාර්යවරුන් කිහිප දෙනෙකු හා සිදුකරන ලද සාකච්ඡා මෙන්ම මගේ පෞද්ගලික අත්දැකීම්ද යොදාගැනේ. 

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තරුණ කථිකාචාර්යවරුන් ආකර්ෂණය කරගැනීම සහ රඳවා තබාගැනීම: කනිෂ්ඨ කථිකාචාර්යවරුන්ගේ දෘෂ්ටිකෝණයෙන්   Read More »

විශ්වවිද්‍යාල කාර් ෆැක්ටරි වූයේ නම්…

උපාධිධාරීන්ගේ රැකියා විරහිතභාවය අඩුකිරීම සම්බන්ධව, ලෝක බැංකු ණය භාවිතා කරමින් සූදානම් කල වැඩමුළුවකට සහභාගි වූ අවස්ථාවකදී, එහි සම්පත්දායකයා අපට කියා සිටියේ උපාධිධාරියෙක් බිහිකිරීම කාර් නිෂ්පාදනයක් සේ සිතා ක්‍රියා කිරීමෙන් අපට රැකියා නියුක්තියට සුදුසු උපාධිධාරීන් බිහි කිරීමට හැකි වන බවයි.

විශ්වවිද්‍යාල කාර් ෆැක්ටරි වූයේ නම්… Read More »

මැක්-අධ්‍යාපනය: STEM / STEAM අධ්‍යාපනයේ ගැටළු සහ අභියෝග

අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික විද්‍යා පදනම (National Science Foundation) සහ ජාතික අධ්‍යාපන ආයතනය (National Institute of Education) යන ත්‍රිත්වය එක්ව 2023 මාර්තු 31 දින කොළඹ රාජකීය විද්‍යාලයේ උත්සවයක් සංවිධානය කරන්නට යෙදුනි. එහිදී සභාව ඇමතූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත දන්වා සිටියේ 2024 සිට රටේ අධ්‍යාපන පද්ධතියේ පරිවර්තනයක් සිදුවනු ඇති බවත්, ඒ සඳහා STEAM අධ්‍යාපනය [Science (විද්‍යාව), Technology (තාක්ෂණය), Engineering (ඉංජිනේරු විද්‍යාව), Arts (කලා විෂයන්), Mathematics (ගණිතය)] හඳුන්වා දෙන බවත්ය.

මැක්-අධ්‍යාපනය: STEM / STEAM අධ්‍යාපනයේ ගැටළු සහ අභියෝග Read More »

නිදහස් අධ්‍යාපනය, සමාජ සුබසාධනය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා පසුගිය සතියේ ස්ථිර කෙරුණු 17 වන සම්මුතිය, ලංකාව මෙතෙක් එසේ ඇතිකරගත් වඩාත්ම හානිකර සම්මුතිය විය හැකිය. ඊට හේතුව වන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට සිය විදේශ ණය ගෙවීම ලංකාව විසින් නතර කරදමනු ලැබූ අවස්ථාවක මෙම සම්මුතිය ඇතිකර ගැනීමයි.

නිදහස් අධ්‍යාපනය, සමාජ සුබසාධනය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  Read More »

අනුකූලතාවයේ සංස්කෘතිය: මනස සහ සිරුර හික්මවීම 

ගුණදාස අමරසේකරගේ ‘ඉණිමගේ ඉහළට’ නවකතාවෙහි එන, ග්‍රාමීය පරිසරයකින් පැමිණෙන තරුණ විශ්ව විද්‍යාල සිසුවකු වන පියදාසගේ චරිතයට, කතරගම දේවාලයේ දිනපතා සිදුවන දේව පූජාව බලා ඉන්දැද්දී යමක් එක්වරම අවබෝධ වෙයි: පූජාවෙහි නැටුම්කාරියන්ගේ රිද්මයට ආකර්ෂණය වන ඔහුට මුලින්ම දැනෙන්නේ තද ශෘංගාරාත්මක හැඟීමකි. නමුත් ස්වල්ප මොහොතකින්ම ඒ පිළිබඳ පසුතැවිල්ලක් දැනෙන ඔහු ඉන්පසු කිරි වෙහෙර දෙසට ගමන් කරන්නේ තමන් විඳි ආශාවෙන් සිත පවිත්‍ර කරගනු පිණිසය.

අනුකූලතාවයේ සංස්කෘතිය: මනස සහ සිරුර හික්මවීම  Read More »

අනාගතය ස්ත්‍රීද?

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ 2020 සංඛ්‍යා ලේඛන අනුව එම වසරේ විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබූ සිසුන්ගෙන් 64.3% ක් ස්ත්‍රීන්ය. ස්ත්‍රී බහුතරයක් නොසිටින්නේ ඉංජිනේරු, තාක්ෂණ සහ පරිගණක විද්‍යා විෂයන් වල පමණි.

අනාගතය ස්ත්‍රීද? Read More »

ශිෂ්‍ය සංගම් සහ ආධිපත්‍යය

නිදහස් දින සැමරුම් වලින් පුරවැසියා මකා දමා තිබුණි. ගාලු මුවදොර පරිශ්‍රයේ පැවැත්වූ එම උත්සවයේ මුලසුන දරන ලද්දේ රාජ්‍යයේ ඉහළම සිවිල් සහ මිලිටරි නායකත්වය විසිනි. ගිය වසරේ මෙම කාලය තුළ ගාලු මුවදොර පරිශ්‍රය හා සසඳන විට එහි ඇත්තේ අහසට පොළව මෙන් වෙනසකි

ශිෂ්‍ය සංගම් සහ ආධිපත්‍යය Read More »

අධ්‍යාපනය පෞද්ගලිකරණය සහ සිසුන් හංවඩු ගැසීම

දශක ගණනාවක දුෂණ සහ අදූරදර්ශී ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ශ්‍රී ලංකාව
ණය උගුලක හසුව ඇත. එම ණය උගුලෙන් ගැලවීම සඳහා තාවකාලික පිළියම්
සොයන හෝ මේ මොහොත පසුකර යාම සඳහා ලංකා රජය ජාත්‍යන්තර මුල්‍ය
අරමුදල හෝ වෙනත් ඕනෑම ණය සපයන්නෙකුගෙන් ණය ගැනීමට සූදානම්ව
සිටින්නේ ඔවුන් කියන ඕනෑම කොන්දේසියකට යටත් වෙමිනි.

අධ්‍යාපනය පෞද්ගලිකරණය සහ සිසුන් හංවඩු ගැසීම Read More »

තත්ව සහතිකකරණය පිළිබඳ මහා කලබලය

ආර්ථික අර්බුදය එන්න එන්නටම දරුණු වන පසුබිමක, තමන් වෙනුවෙන් මහජන අරමුදල් වලින් වෙන්කොට ඇති වැය සාධාරණීකරණය කිරීම සඳහා රාජ්‍ය විශ්ව විද්‍යාල වෙත එල්ල වන පීඩනය වැඩි වෙමින් තිබේ. ඒ බව තහවුරු කිරීම සඳහා ගැනෙනු ලබන එක් ක්‍රියාමාර්ගයක් වන තත්ව සහතිකකරණ ක්‍රියාවලිය මඟින් යම් යම් සාමාන්‍යකරණය කරන ලද ප්‍රමිතීන් පවත්වා ගැනීම හා ඒ බව පෙන්වීම සඳහා ලේඛනගත සාක්ෂි ඉදිරිපත් කිරීම අරමුණු කරයි.

තත්ව සහතිකකරණය පිළිබඳ මහා කලබලය Read More »