රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තරුණ කථිකාචාර්යවරුන් ආකර්ෂණය කරගැනීම සහ රඳවා තබාගැනීම: කනිෂ්ඨ කථිකාචාර්යවරුන්ගේ දෘෂ්ටිකෝණයෙන්
පසුගිය සතියේ කුප්පි තීරුවෙන් කෞෂල්‍යා පෙරේරා කතා කළේ විශ්ව විද්‍යාල තුළ වත්මනේ පවතින ශ්‍රම ගැටළු මෙන්ම, බඳවා ගැනීම් හා රඳවා ගැනීම් සම්බන්ධ රජයේ ප්‍රතිපත්ති හරහා ඒවා වඩාත් තීව්‍ර වන ආකාරයයි. මේ සතියේ මගේ බලාපොරොත්තුව මෙම ගැටළුව තරුණ ශාස්ත්‍රීය කාර්ය මණ්ඩලයට බලපාන ආකාරයත්, එමඟින් ඔවුන්ගේ වෘත්තීය උන්නතියට බාධා කරන අයුරුත් හඳුනා ගැනීමය. ඒ සඳහා රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ වෛද්‍ය හා දන්ත වෛද්‍ය පීඨ කිහිපයක සේවය කරන තරුණ කථිකාචාර්යවරුන් කිහිප දෙනෙකු හා සිදුකරන ලද සාකච්ඡා මෙන්ම මගේ පෞද්ගලික අත්දැකීම්ද යොදාගැනේ.









