අනුකූලතාවයේ සංස්කෘතිය: මනස සහ සිරුර හික්මවීම
ගුණදාස අමරසේකරගේ ‘ඉණිමගේ ඉහළට’ නවකතාවෙහි එන, ග්‍රාමීය පරිසරයකින් පැමිණෙන තරුණ විශ්ව විද්‍යාල සිසුවකු වන පියදාසගේ චරිතයට, කතරගම දේවාලයේ දිනපතා සිදුවන දේව පූජාව බලා ඉන්දැද්දී යමක් එක්වරම අවබෝධ වෙයි: පූජාවෙහි නැටුම්කාරියන්ගේ රිද්මයට ආකර්ෂණය වන ඔහුට මුලින්ම දැනෙන්නේ තද ශෘංගාරාත්මක හැඟීමකි. නමුත් ස්වල්ප මොහොතකින්ම ඒ පිළිබඳ පසුතැවිල්ලක් දැනෙන ඔහු ඉන්පසු කිරි වෙහෙර දෙසට ගමන් කරන්නේ තමන් විඳි ආශාවෙන් සිත පවිත්‍ර කරගනු පිණිසය.
අනුකූලතාවයේ සංස්කෘතිය: මනස සහ සිරුර හික්මවීම Read More »








