Author name: Hasini Lecamwasam

නිරාගමිකවාදය, මුස්ලිම් ශරීරය සහ සිංහල-බෞද්ධ දේශපාලන ප්‍රජාව

මෙම ලිපිය පදනම් වන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය තුළ මා ලද ප්‍රබල අත්දැකීමක මතකයක් මතය. එම පන්ති කාමරය පසුකර යන සෑම අවස්ථාවකම ඒ මතකය ඇවිස්සේ. අද මේ ලිපිය තුළින් ඒ මතකයත්, ඒ අවස්ථාවේ මගේ චින්තන දහරාව පිළිබඳ අන්තරාවලෝකනයකුත් කිරීමට  බලාපොරොත්තු වෙමි.

නිරාගමිකවාදය, මුස්ලිම් ශරීරය සහ සිංහල-බෞද්ධ දේශපාලන ප්‍රජාව Read More »

2022 වර්ෂය: ප්‍රජාතන්ත්‍රවාදී හැරවුම 

2022 වසර අවසාන වෙමින් තිබේ; එය පසුගිය වසර 10 අතරින් වඩාත්ම දුෂ්කර සහ වඩාත්ම කීර්තිමත් වසර වන්නේය. ගෑස් සිලින්ඩර පුපුරා ගිය, පොහොර තහනම් පනවන ලද, ක්ෂුද්‍ර ණය වැඩසටහන් වලට එරෙහිව කාන්තාවන් නැගී සිටි වසරකි එය. එය දිගු පෝලිම් වල වසරයි. මිලියන ගණනක සහභාගීත්වය තුළින් දැවැන්ත විරෝධතා කොළඹ සංවිධානය වූ, ජනපතිවරයකු පලා ගිය වසරයි ඒ: 2022 අරගලයේ වසරයි; porattam නැතිනම් struggle ලෙස හඳුන්වන මහජන ව්‍යාපාරයේ වසරයි. එය ලොකු-කුඩා ජයග්‍රහණ වල වසරකි. 

2022 වර්ෂය: ප්‍රජාතන්ත්‍රවාදී හැරවුම  Read More »

ස්ත්‍රීවාදය යනු පිරිමි විරෝධය නොවන මුත්, ‘නව පිරිමියකු’ අවශ්‍ය වේ

මෑතකදී, මම එක්සත් රාජධානියේ හල් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි  පර්යේෂණ (PGR) ප්‍රජාවේ සාමාජිකයින් සමඟ ස්ත්‍රීවාදය පිළිබඳ සාකච්ඡාවක නිරතව සිටියෙමි. ඔවුන් ස්වභාවික හා සමාජ විද්‍යාව නියෝජනය කරන මැදපෙරදිග, ආසියාව සහ යුරෝපයෙන් පැමිණි මගේ සගයන් වූ නමුත්, ඔවුනට ස්ත්‍රීවාදය පිළිබඳ පූර්ව දැනුමක් නොතිබුණි.

ස්ත්‍රීවාදය යනු පිරිමි විරෝධය නොවන මුත්, ‘නව පිරිමියකු’ අවශ්‍ය වේ Read More »

රාජ්‍ය මර්දනයට එරෙහිව නැගී සිටිමු: ජනතාව වෙත කැඳවීමක්

නිදහසින් පසු ආණ්ඩුවේ කුරිරු පාලනයට එරෙහිව මිනිසුන්ගේ වඩාත්ම විස්මය ඇති කරන නැගිටීම 2022දී දැක ගැනීමට හැකි විය. විනාශකාරී ආර්ථික අර්බුදයක් මධ්‍යයේ ජනතාව වැඩි ප්‍රජාතන්ත්‍රවාදයක් ඉල්ලා දූෂණයට, වැරදි පාලන ක්‍රමයට සහ ආර්ථික අවපාලනයට එරෙහිව හඬ නැගූහ. දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සහ ආර්ථික වගවීම සඳහා වූ ජනතා ඉල්ලීමට අවනත වෙනවා වෙනුවට ආණ්ඩුව ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ මර්දනයෙනි.

රාජ්‍ය මර්දනයට එරෙහිව නැගී සිටිමු: ජනතාව වෙත කැඳවීමක් Read More »

බුද්ධි ගලනය සහ සෞඛ්‍ය අධ්‍යාපනයෙහි අනාගතය 

සෞඛ්‍ය ක්ෂේත්‍රය අර්බුදයක වැටී තිබේ. වෛද්‍යවරු සහ අනෙකුත් සෞඛ්‍ය නිලධාරීන් මහා පරිමාණයෙන් රට හැර දමා යති. ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි ජාත්‍යන්තර සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීම පිළිබඳ රීති සංග්‍රහය (2010) මඟින් දියුණු වන ලෝකයේ රටවල සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීම අධෛර්‍යමත් කරන අතරම (පිටුව 7), දියුණු වන රටවලින් ඉල්ලා සිටින්නේ සිය රට තුළ සෞඛ්‍ය නිලධාරීන්ගේ භූගෝලීය බෙදී යාමෙහි විෂමතා අවම කර, අඩු පහසුකම් සහිත ප්‍රදේශ වල හැකි තරම් ඔවුන් රඳවා ගන්නා ලෙසයි (පිටුව 8).

බුද්ධි ගලනය සහ සෞඛ්‍ය අධ්‍යාපනයෙහි අනාගතය  Read More »

අපේ සුබසිද්ධියේ බර: අපවාද ආඛ්‍යාන තුළ පන්තිය හඳුනා ගැනීම 

අද වනවිට කුමන අන්දමේ විරෝධතා ව්‍යාපාරයකට වුවද ආණ්ඩුව ප්‍රතිචාර දක්වන්නේ මර්දනය, එහි නායකයින් හට විවිධ ව්‍යාපාර හරහා සංවිධිත ප්‍රහාර එල්ල කිරීම, සහ වෙනත් අනේක විධ ක්‍රම වලින් බිය වැද්දීම ඔස්සේ අධෛර්යමත් කිරීමෙනි. මේ අතර ශක්තිමත්ම අවිය මානසික අවියකි

අපේ සුබසිද්ධියේ බර: අපවාද ආඛ්‍යාන තුළ පන්තිය හඳුනා ගැනීම  Read More »

“අපේක්ෂාව අත්‍යවශ්‍යය; නමුත් එය පමණක් ප්‍රමාණවත් නොවේ”: විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ ස්ත්‍රීවාදය ඉගෙනීම

ශ්‍රී ලංකාවේ වර්තමාන විශ්ව විද්‍යාල අධ්‍යාපන ආයතන ව්‍යුහය සහ ක්‍රමය යටත් විජිතවාදීන් විසින් ලංකාවට හඳුන්වා දෙනු ලැබුවේ 1921 දී ලංකා විශ්වවිද්‍යාල පිහිටුවීමත් සමඟ වන අතර, එය අවසානයේ විද්වත් සහ පර්යේෂණ ප්‍රජාවට විශ්වීය දැනුම ගවේෂණය කළ හැකි පොදු විශ්වවිද්‍යාල පද්ධතියක් දක්වා වර්ධනය විය. 1947 දී පළමු විශ්වවිද්‍යාලය වන ලංකා විශ්වවිද්‍යාලය පිහිටුවන ලදී.

“අපේක්ෂාව අත්‍යවශ්‍යය; නමුත් එය පමණක් ප්‍රමාණවත් නොවේ”: විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ ස්ත්‍රීවාදය ඉගෙනීම Read More »

මර්දනය, ප්‍රතිරෝධය සහ විශ්ව විද්‍යාලය

උසස් අධ්‍යාපනය සහ දැනුම් සම්පාදනය සිදුකෙරෙන විවෘත අවකාශයන් වශයෙන් විශ්ව විද්‍යාල නිදහසේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ බලකොටු සේ සැළකේ. එහෙත් යථාර්ථය නම් විශ්ව විද්‍යාල යනු ගුරුවරුන් සහ සිසුන් යන දෙකොට්ඨාශය විසින්ම පවත්වාගෙන යනු ලබන තද ධූරාවලිගත පද්ධතීන් සහිත තැන් බවය.

මර්දනය, ප්‍රතිරෝධය සහ විශ්ව විද්‍යාලය Read More »

ප්‍රතිවිරෝධයෙන් විකල්පයකට? අරගලයෙහි ශක්තිය සහ දිශානතිය පිළිබඳ සිතිවිලි කිහිපයක් 

මෙම ලිපිය ලියන මොහොත වන විට අප ‘අරගලය’ යැයි හඳුනා ගන්නා ව්‍යාපාරය මර්දනය කිරීමට ලිබරල් සහ ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියාගන්නා නායකයෙකුගේ ආශිර්වාදය ලැබී තිබේ. ලිපියෙහි අරමුණ වන්නේ වත්මන් සංක්‍රාන්ති සමය පිළිබඳ සිතුවිලි කිහිපයක් ඉදිරිපත් කිරීමත්, ඒ මත පදනම්ව අනාගතය සඳහා ප්‍රයෝජනවත් වියහැකි අදහස් කිහිපයක් බෙදාහදා ගැනීමත්ය. 

ප්‍රතිවිරෝධයෙන් විකල්පයකට? අරගලයෙහි ශක්තිය සහ දිශානතිය පිළිබඳ සිතිවිලි කිහිපයක්  Read More »

පරතරය ගැන අවධානයෙන් (mind the gap): SGBV ප්‍රතිපත්තිය සහ යථාර්ථය

Mind the Gap යන වාක්‍ය ඛණ්ඩය මුලින් දුම්රිය ස්ථානවල භාවිතා කරන ලද්දේ දුම්රිය මගීන්ට දුම්රිය දොර සහ පදික වේදිකාව අතර ඇති ඉඩ පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙස අනතුරු ඇඟවීමටය. මෙමඟින් හිඩැස් පිළිබඳ අවධානය යොමු කර මගීන් එයට වැටීමෙන් වැළකී සිටීමට පියවර ගැනීම අරමුණු කරයි.

පරතරය ගැන අවධානයෙන් (mind the gap): SGBV ප්‍රතිපත්තිය සහ යථාර්ථය Read More »