කුප්පි කතා

ලාංකේය විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සමාජ විද්‍යාවන් හා මානව ශාස්ත්‍ර අවතක්සේරු කිරීම

2021 වර්ෂයේදී  ලාංකේය විශ්ව විද්‍යාල පද්ධතිය සමාජ විද්‍යාවන් හා මානව ශාස්ත්‍ර වල සිය 100 වැනි සංවත්සරය සනිටුහන් කළේය. මේ සඳහා විශේෂ සම්මන්ත්‍රණයක්ද සංවිධානය කෙරුණු අතර ඒ තුළින් මෙම ක්ෂේත්‍රය සෞඛ්‍යමත්ව පවතින බවට හැඟීමක්ද ලබාදෙන ලදී.

අධ්‍යාපනය සහ විචාරාත්මක චින්තනය යටත්විජිතහරණය කිරීම

යටත්විජිතකරණයට අධ්‍යාපනය දායක වූයේ යම් සේද, යටත්විජිතහරණ ව්‍යාපෘතියටද අධ්‍යාපනය එතරම්ම වැදගත් විණි. උදාහරණයක් ලෙස ඉතිහාසය විෂය පථය තුළ අප නිරන්තරයෙන් උත්සාහ කරන්නේ අතීතය පිළිබඳ නිර්මාණය කර ඇති දැනුම යටත්විජිතහරණය කර විචාරාත්මක විමර්ශනයක් තුළින් අතීතය පිළිබඳ නව දැනුමක් ඇති කිරීමට ය.

උතුරුකරයේ කුලය සහ අධ්‍යාපනය

අසමාන සම්පත් වෙන් කිරීම සහ සංවර්ධනය, සිවිල් යුද්ධය, දිග්ගැස්සුනු මිලිටරිකරණය සහ රාජ්‍යයේ වාර්ගික-ජාතිකවාදය විසින්, උතුර සහ එහි අධ්‍යයන ආයතන පරිධිය බවට පත්කර ඇතිනම්, උතුරේ කුල හා පන්ති පදනම් වූ අසමානතා මෙම පරිධිය තුළ තවත් පරිධීන් නිර්මාණය කරයි. අද ලිපිය අවධානය යොමු කරන්නේ උතුරුකරයේ කුලය මත පදනම් වූ අසමානතාවයන් විසින් නිදහස් අධ්‍යාපනය අසමාන භූමියක් බවට පත් කරන්නේ කෙසේද යන්න වෙතටයි.

උතුරුකරයේ අධ්‍යාපනය: අධ්‍යාපනයේ අන්තයන්හි සිට ප්‍රමිතිකරණය සහ ටේලර්වාදය සමඟ සටන් කිරීම

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජනගහන කේන්ද්‍රයන් වල සහ ඉන් පිටත අධ්‍යාපනයට ප්‍රවේශ වීමේ විෂමතා පවතින බව සත්‍යයකි. මධ්‍යයේ සහ පරිධියේ අධ්‍යයන ප්‍රමිතීන්ගේ විෂමතා පිළිබඳ අපි සාකච්ඡා කරන නමුත්, මධ්‍යයෙන් පිටත අධ්‍යාපනයට ප්‍රවේශය කෙබඳුදැයි සිතීමට අප අවධානය යොමු කොට ඇතිද? විෂයමාලා සංශෝධන හරහා සිදුවන ප්‍රමිතිකරණය පරිධියේ සිසුන්ගේ අධ්‍යාපන ප්‍රවේශය සහ ප්‍රමිතීන් ඉන්ද්‍රජාලික ලෙස වැඩිදියුණු කිරීමට යන්නේද?

ආධිපත්‍යයන්, හෙජමොනිකයන් සහ විවිධත්වයන්

විශ්වවිද්‍යාලය තුළ වාර්ගික හා ආගමික සුළුතර සිසුන් සහ කාර්ය මණ්ඩලය සඳහා පවතින අවකාශයන් මොනවාද? මෙම කණ්ඩායම්වල සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට තමන්ව විවෘතව හඳුනා ගැනීමට, ඔවුන්ගේ අනන්‍යතාවයන් ප්‍රකාශ කිරීමට, දෘශ්‍යමාන වීමට නිදහස සහ ආරක්ෂාව තිබේද? විශ්වවිද්‍යාල ව්‍යුහයන්, ප්‍රතිපත්ති, සංස්කෘතිය සහ ප්‍රජාව තුළ ඇති ආකල්ප විසින් එවැනි පුද්ගලයන්ට සතුරුකමකින් හෝ කොන් කිරීමකින් තොරව ජීවත් වීමට, එමෙන්ම සමාන අයිතිවාසිකම්, වරප්‍රසාද සහ අවස්ථාවන් භුක්ති විඳීමට හැකි බව සහතික කරන්නේද?

අධ්‍යාපනය යටත්විජිතහරණය කිරීම – විචාරාත්මක සිතුවිලි කිහිපයක්

පශ්චාත් යටත්විජිත සමාජ සඳහා අධ්‍යාපනය, යටත්විජිතහරණයේ ප්‍රධාන අංශයකි. මෙය අහම්බයක් නොවන්නේ අධ්‍යාපනය යටත් විජිතකරණයේ ප්‍රධාන මෙවලමක් වූ නිසාය. කෙසේ වෙතත්, අධ්‍යාපනය නැවත ප්‍රතිනිර්මාණය කිරීමේ ප්‍රමුඛතාවය ලෙස අප එහි පුළුල් අර්ථයෙන් යටත්විජිතහරණය හඹා යන අතරම, එම  අදහස බුද්ධිමය වශයෙන් දුර්වල කරන ප්‍රාදේශික ස්වදේශිකවාදයෙහි ග්‍රහණයට නතු වීම  පිළිබඳව ද ප්‍රවේශම් විය යුතු වේ.

අධ්‍යාපනය සමහරුන්ට පමණි, නමුත් අනෙක් අයට නොවේ: ඉගෙනුම් සහාය, ආබාධිතභාවය සහ නිදහස් අධ්‍යාපනය

රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වූ විශේෂ ඉගෙනුම් අවශ්‍යතා සහිත ඉහළ දක්‍ෂතා ඇති ශිෂ්‍යයෙකු වූ ලකී, තමා නින්දාවට, ශාරීරික දඬුවම්වලට, සහ මාස තුනක පන්ති තහනමකට මුහුණ දී, අවසානයේ නිවසින් පැන ගොස් රැඳවුම් මධ්‍යස්ථානයක නතර වූ අයුරු සිහිපත් කළේ එසේය.

ලිංගික හිරිහැර සහ ලිංගික හිංසනය (වරදවා) හඳුනා ගැනීම: විශ්ව විද්‍යාල අවකාශයන් ප්‍රජාතාන්ත්‍රීකරණය

අප අතර ප්‍රචණ්ඩත්වය හා සබැඳි ප්‍රධාන අංශයක් වන්නා වූ, නමුත් කතාබහට ලක් නොවන එකක් ලෙස ලිංගික හිරිහැර සහ ලිංගික ප්‍රචණ්ඩත්වය හඳුනා ගත හැක. අප වාසය කරන පුරුෂ මූලික ව්‍යුහයන් තුළ, ස්ත්‍රීය සහ ස්ත්‍රීත්වය සාපේක්ෂව යටහත් තැනක තබා ඇත.

ශාස්ත්‍ර පීඨ වලින් සුපිරි ගණ​යේ පර්යේෂණ බිහි කිරීමට නම්…

නව පර්යේෂණ ශාස්ත්‍ර පීඨවලින් බිහිනොවන බවට චෝදනාව රාජ්‍ය විශ්ව විද්‍යාලවලට එරෙහි​ව, විශේෂයෙන්ම මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා ක්ෂේත්‍ර වලට එරෙහිව, වසර ගණනාවක් තිස්සේ නැගෙන්නකි. ඒවායින් බිහිවන පර්යේෂණ ප්‍රමාණය, ඒවායේ ප්‍රමිතිය, වෙනත් පීඨවලට සාපේක්ෂව මෙම පීඨවල විද්වතුන්ගේ ඵලදායිතාවය යන විවිධ ප්‍රශ්න නිතරම අපට අසන්නට ලැබේ.

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපනයේ ආකෘතිකරණය

හසිනි ලේකම්වසම් ලංකාවේ උසස් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කළ යුතු බවට විවාදයක් නැතත්, ‘ආකෘතිකරණය’ – නොඑසේ නම් පාඩම දැඩි ආකෘතියකට සිර කිරීම තුළින් ගුරුවරුන්ගේ කාර්ය සාධනය මැනීම – ඔස්සේ එය සිදුකළ හැකිද යන්න ගැටළුවකි. මෑතකදී හඳුන්වා දෙන්නට යෝජනා වූ එවැනි ආකෘති පත්‍ර කිහිපයකින් අපේක්ෂා කෙරුණේ සමාසිකයේ උගන්වන සියළු පාඩම් සඳහා ඉතා විස්තරාත්මක පාඩම් සැලැස්මක් ඉදිරිපත් කිරීමය. එහිදී …

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපනයේ ආකෘතිකරණය Read More »