කුප්පි කතා

රාජ්‍ය විශ්ව විද්‍යාල අංග විකල කරන අයවැයක් 

1930 ගණන් වලින් පසු මතුවූ දරුණුම ආර්ථික අර්බුදයට ලංකාව මේ වනවිට මුහුණ දෙමින් සිටියි. ආර්ථික ස්ථායිකරණය සඳහා මේ මොහොතේ රජය ගන්නා පියවර තුළින් රටේ දේශපාලන-ආර්ථික තත්වය දැඩි ලෙස වෙනස් විය හැකිය. සිදුවෙමින් පවතින මෙම වෙනස්කම් මධ්‍යයේ අධ්‍යාපන පද්ධතිය, වඩා නිශ්චිතව විශ්ව විද්‍යාල පද්ධතිය, තදබල පීඩනයකට මුහුණ දෙමින් තිබේ. 

මේ වසරේ අයවැය කතාව තුළින් අනාගත පරම්පරා වල විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ඇති ප්‍රවේශයට එල්ල කරන තර්ජනය පිළිබඳ විශ්ලේෂණය කිරීම මෙම ලිපිය ලිවීමේ අරමුණයි. රාජ්‍ය විශ්ව විද්‍යාල සඳහා ඇති අරමුදල් කප්පාදු කිරීමේ පිළිවෙත දිගටම ගෙනයන බවක් අයවැය කතාව තුළ පෙනෙන්නට තිබේ. විශ්ව විද්‍යාල වල ආණ්ඩුකරන ක්‍රියාවලිය තනිකරම වෙනස් කිරීම, පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන රජයේ විශ්ව විද්‍යාල හා සම තත්වයේ ලා සැළකීම, හා ඒවාට උසස් අධ්‍යාපනය තුළ ඇති භූමිකාව පුළුල් කිරීම මෙමඟින් අරමුණු කරයි.

ජනකාන්ත ගුරුවරයා පිළිබඳ ආවර්ජනා කිහිපයක්

ජනකාන්ත බව යනු පියරේ බොදියු ‘හැබිටස්’ (habitus) ලෙස හැඳින්වූ සංකල්පය වියහැකිය – එනම් මෙලොව අපේ පැවැත්ම සලකුණු කරන, තදින් මුල්බැසගත් චර්යා සහ විධි සමූහයක්.

මීට දශකයකට පමණ පෙර ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය වෙත මා එළඹෙන විට, උසස් අධ්‍යාපන ගුරු පුහුණු වැඩසටහන් හඳුන්වා දුන්නා පමණි. අද වනවිට ඉතා සාමාන්‍යකරණය වී ඇති මෙම වැඩසටහන් තනිකරම අනවශ්‍ය බව මම අදහස් නොකරමි. ‘උපන් ගුරුවරු’ සිටින්නේ අප අතරින් අල්පයකි; එසේම ආචාර්ය හෝ වෙනයම් පශ්චාත් උපාධියක් තිබූ පමණින් යමකු ගුරුවරයකු නොවේ. එබැවින් මෙම වැඩසටහන් වල යම් අර්ථයක් තිබිය හැකි වුවද, ඒවා මඟින් බොහෝවිට කෙරෙන්නේ උසස් අධ්‍යාපන ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියට සමජාතීකරණය කරවන සුළු, නිලබලවාදී තර්කනයක් හඳුන්වා දීමය. මේ මොහොතේ උසස් අධ්‍යාපනයෙහි දිශානතිය තීරණය කරන, එකිනෙක හා බැඳුනු කතිකාවන් ගණනාවකින් පන්නරය ලබන, ඉතා සටකපට තර්කනයක් ඇති බව මම විශ්වාස කරමි. එම එක් කතිකාවක් නම් උසස් අධ්‍යාපනය වෘත්තීයකරණය (professionalise) කළයුතු බවට වන විශ්වාසයයි. අභාවප්‍රාප්ත මහාචාර්ය ඈශ්ලි හල්පේ වැන්නෙකුට නම් මෙම සංකල්පය ඉතා නුහුරු එකක් වනු ඇත. මහාචාර්ය හල්පේගේ නම මෙතැන සඳහන් කරන්නේ පරමාදර්ශී විශ්ව විද්‍යාල අවකාශයක් ලෙස පේරාදෙණිය පිළිබඳ රොමෑන්තික කියවීමක් කිරීමට නොවේ; විශ්ව විද්‍යාලය සම්බන්ධ වෙනමම ආකාරයක කල්පනයක් පිළිබඳ සවිඥානික වීමටය.

අරමුදල් සම්පාදනය සහ සමාන සාධාරණත්වය (equity) පිළිබඳ මූලධර්මය: උසස් අධ්‍යාපනය සඳහා වියදම් කළ යුත්තේ කවුද?

අධ්‍යාපනය, විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය පිළිබඳ ලංකාවේ අද වනවිට පවතින විවාදය ඉතා ව්‍යාකූල එකකි. එක් පසෙකින් ඉදිරිපත්ව ඇති තර්කයක් වන්නේ උසස් අධ්‍යාපනය සඳහා අයදුම් කරන සියල්ලන්ට පහසුකම් සැපයීමේ හැකියාව රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට නොමැති හෙයින් පෞද්ගලික අංශය විසින් එම අවස්ථා පුළුල් කළයුතු බවය. තවත් පසෙකින්, රාජ්‍ය විශ්ව විද්‍යාල වලින් බිහිවන උපාධිධාරීන් සේවා නියුක්තියට නුසුදුසු බැවින් (unemployable) ඔවුන් ලබන අධ්‍යාපනයෙහි ප්‍රවේශයන් සහ විෂය නිර්දේශ වෙනස් කළයුතු බවටද අදහසක් තිබේ. විශේෂයෙන්ම කලා උපාධිධාරීන් අරබයා මේ දෙවැනි තර්කය වඩාත් අදාළ බවට පිළිගැනීමක් ඇත.

ආබාධිත සිසුන්ද? ආබාධිත විශ්ව විද්‍යාලද?

නිසි වාතාශ්‍රය නොමැති, විදුලි පංකා රහිත, අතුපතු නොගෑ එම කොරිඩෝව දවනසුළු යාපන උෂ්ණත්වය තුළ අපායක් මෙනි. සරසවියේ ශාස්ත්‍ර පීඨය තුළ ඇති නව විභාග ශාලාවට බාහිරින් දිවෙන කොරිඩෝවෙහි ආබාධිත සිසුන් සිය විභාගයට පිළිතුරු  ලියනු මට පෙනේ. මෙහි ඇති අවකාශමය බෙදීම වසර හතරක් මුළුල්ලේ මට මානසිකව පීඩා කළේය. විදුලි පංකා වල සැප පහසුව මධ්‍යයේ ශාරීරික ආබාධ නොමැති සිසුන් සිය විභාගයට පෙනී සිටි අතර, දෘෂ්‍යාබාධ සහිත සිසුන්ට ලබාදී තිබුනේ මෙම කොරිඩෝවයි. බ්‍රේල් පහසුකම් නොමැති නිසා විභාග අධීක්ෂකවරුන් විසින් ඔවුන්ගේ ප්‍රශ්න පත්‍ර හඬ නඟා කියවනු ලැබේ. එම ක්‍රියාවලිය මඟින් අනිත් සිසුන්ට බාධාවක් නොවනු පිණිසය ඔවුන්ව මෙසේ කොරිඩෝවට දමා ඇත්තේ. මෙහි යම් අතිමූලික ගැටළුවක් තිබේ. මෙම සිසුන්ට වෙනම පන්ති කාමරයක් ලබාදිය නොහැක්කේ ඇයි? මෙම සිසුන් – මෙන්ම වෙනත් ආබාධ සහිත සිසුන් – සරසවි අවකාශ වලින් බහිෂ්කරණය කොට ඇත්තේ ඇයි?   

ජාතික දන්ත වෛද්‍ය අධ්‍යාපනයේ අභියෝග වලට මුහුණ දීම 

නිදහස් අධ්‍යාපනයේ මූලිකම ප්‍රතිපත්තියක් නම් උසස් අධ්‍යාපන අවස්ථා හිමිකර දීමය. 2020 වසරේදී එවක ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත රාජ්‍ය විශ්ව විද්‍යාල වලට අමතර සිසුන් 12,000 ක් ඇතුළත් කරගන්නා ලෙස උපදෙස් දෙන්නේ ඒ අනුවය. නමුත් මෙසේ වැඩිකරන ලද සිසුන් ප්‍රමාණය අවශෝෂණය කරගැනීම සඳහා අවශ්‍ය අමතර සම්පත් රාජ්‍ය විශ්ව විද්‍යාල වෙත ලබා නොදුණි.

පෞද්ගලීකරණය තුළින් උසස් අධ්‍යාපනයේ වගවීම සහතික කිරීම  

දේශපාලන සහ ආර්ථික ව්‍යාකූලත්වයෙන් පිරි අවස්ථාවක උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනස්කම් සිදුවෙමින් තිබේ. ආපදා ධනවාදය (disaster capitalism) පිළිබඳ නයෝමි ක්ලයින්ගේ අදහසට අනුව මෙවැනි තත්වයන් වල හදිසියේ හඳුන්වා දෙන වෙනස්කම් පිළිබඳව අප කල්පනාකාරී විය යුතු වන්නේ ඒවායෙහි අනියම් අරමුණු පැවතිය හැකි බැවිනි. අප සිටිනා තත්වය තුළ මේ කාරණා පිළිබඳ ප්‍රවේශමෙන් සිතා බැලීමට අවශ්‍ය කාලය සහ නිදහස නොමැති වුවත්, මෙම වෙනස්කම් ඔස්සේ නිදහස් අධ්‍යාපනයට ආපසු හැරවිය නොහැකි ආකාරයේ හානියක් සිදුවීමට පෙර වහා ක්‍රියාත්මක වීම යුතුකමක් බව සිහිපත් කළ යුතුය.  

වෙනත් දෝෂ වසා ගැනීම සඳහා මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා බිල්ලට දීම?

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග COPE කමිටුව හමුවේ කළ ප්‍රකාශයක් මේ දිනවල සමාජ මාධ්‍ය පුරා සැරිසරයි. ඉන් කියවෙන්නේ ශාස්ත්‍ර පීඨ වලින් පිටවන උපාධිධාරීන් 70% ක් තරම් ප්‍රමාණයකට රැකියා අවස්ථා නොමැති බවත්, සමස්ත රජයේ විශ්ව විද්‍යාල පද්ධතිය කෙරෙහි මේ වනවිට එල්ල වන විවේචනයට වගකිව යුත්තේ කලා උපාධිධාරීන්ගේ ඌන සේවා නියුක්තිය (under-employability) බවත්ය.  

උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතික්ෂේප කරන්න 

අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් මෑතදී පල කරන ලද වාර්තාවක් තුළ සාමාන්‍ය සහ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් එහි ප්‍රතිසංස්කරණ වැඩසටහන දක්වා තිබේ. ආචාර්ය විජේදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් හෙබි, සාමාජිකයින් 10 කට අධික සංඛ්‍යාවකින් යුතු මෙම කමිටුවේ උසස් අධ්‍යාපනය හා මොනයම්ම හෝ සම්බන්ධයක් පවතින සාමාජිකයින් සිටියේ දෙදෙනෙක් පමණි: එනම් හරිනි අමරසූරිය සහ චරිත හේරත් යන ආචාර්යවරුන්ය. පල කරන ලද වාර්තාවට සිය විරුද්ධත්වය ප්‍රකාශ කරමින් ආචාර්ය අමරසූරිය අපමතික වාර්තාවක් පල කොට ඇති බවද මෙහිදී සිහිතබා ගත යුතුය. 

අර්බුද සමයන් තුළ ශාස්ත්‍රාලිකයන් මහජනතාව හා සම්බන්ධ වීමේ වැදගත්කම 

මීට සති කිහිපයකට ඉහතදී එක්සත් රාජධානියේ හල් විශ්ව විද්‍යාලයේ පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ධරණීය සංවර්ධන අරමුණු පිළිබඳ සම්මන්ත්‍රණයකට මම සහභාගී වූයෙමි. සම්මන්ත්‍රණයේ තේමාව වූයේ ‘ධරණීය සංවර්ධනය සඳහා සාධාරණ සංක්‍රාන්තියක්’ යන්නයි. එහි බොහෝ සැසිවාර ස්වභාවික විද්‍යාඥයින්ගෙන් පිරී තිබුණු අතර, පුනර්ජනනීය බලශක්තිය සඳහා නව තාක්ෂණය භාවිතා කරන අන්දම පිළිබඳ සිය සොයාගැනීම් ඔවුහු ආඩම්බරයෙන් ඉදිරිපත් කළහ. 

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල: නිදහස් අධ්‍යාපනයට එල්ල වන මීළඟ පහර?

පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වල ඉගෙන ගැනීම සඳහා රුපියල් මිලියන 1.1 ක පොලී රහිත ණය ලබාදීමේ වැඩපිළිවෙලක් හඳුන්වා දීමට නියමිතය. රාජ්‍ය හා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වල ප්‍රමිතිය තහවුරු කිරීම සඳහා තත්ත්ව සහතිකකරණ කවුන්සිලයක් (Quality Assurance Council) පිහිටුවීමට  විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යෝජනා කොට තිබේ.