රාජ්‍ය විශ්ව විද්‍යාල අංග විකල කරන අයවැයක්
1930 ගණන් වලින් පසු මතුවූ දරුණුම ආර්ථික අර්බුදයට ලංකාව මේ වනවිට මුහුණ දෙමින් සිටියි. ආර්ථික ස්ථායිකරණය සඳහා මේ මොහොතේ රජය ගන්නා පියවර තුළින් රටේ දේශපාලන-ආර්ථික තත්වය දැඩි ලෙස වෙනස් විය හැකිය. සිදුවෙමින් පවතින මෙම වෙනස්කම් මධ්‍යයේ අධ්‍යාපන පද්ධතිය, වඩා නිශ්චිතව විශ්ව විද්‍යාල පද්ධතිය, තදබල පීඩනයකට මුහුණ දෙමින් තිබේ.
මේ වසරේ අයවැය කතාව තුළින් අනාගත පරම්පරා වල විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ඇති ප්‍රවේශයට එල්ල කරන තර්ජනය පිළිබඳ විශ්ලේෂණය කිරීම මෙම ලිපිය ලිවීමේ අරමුණයි. රාජ්‍ය විශ්ව විද්‍යාල සඳහා ඇති අරමුදල් කප්පාදු කිරීමේ පිළිවෙත දිගටම ගෙනයන බවක් අයවැය කතාව තුළ පෙනෙන්නට තිබේ. විශ්ව විද්‍යාල වල ආණ්ඩුකරන ක්‍රියාවලිය තනිකරම වෙනස් කිරීම, පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන රජයේ විශ්ව විද්‍යාල හා සම තත්වයේ ලා සැළකීම, හා ඒවාට උසස් අධ්‍යාපනය තුළ ඇති භූමිකාව පුළුල් කිරීම මෙමඟින් අරමුණු කරයි.
රාජ්‍ය විශ්ව විද්‍යාල අංග විකල කරන අයවැයක් Read More »









