කුප්පි කතා

#ගෝටාගෝහෝම් සිට #ක්‍රමයපෙරලමු දක්වා

පසුගිය කාලයේ පටන්ගත් අරගලයේ අන්තර්ගත විවිධාකාර වූ ඉල්ලීම් #ගෝටාගෝහෝම් වදන හරහා ප්‍රකාශ වේ. #ක්‍රමයපෙරලමු, නැත්න​ම් රටේ පවතින ජරාජීර්ණ වූ, යල් පැනගිය ව්‍යූහ වෙනස් කිරීමේ අවශ්‍යතාව, ඉන් මූලික එකකි. එහෙත් නව අග්‍රාමාත්‍යවරයා පත්වීමෙන් පසු, ගිය මාසයේ ඇතිවූ භාවාත්මක පසු ප්‍රථිපල හා සිත් වේදනා තුලින් අපට යම් දෙයක් පෙනෙනවා නම්, ඒ ලංකාවේ සමාජීය-දේශපාලන ව්‍යූහ තුල දීර්ඝ කාලීන වෙනසක් ඇති කිරීම දැනට පවතින ආර්ථික අර්බුදවල​ට විසඳුම් සොයනවාටත් වඩා අසීරු, කාලය වැය වන කර්තව්‍යවක් බවයි.

විශ්ව විද්‍යාලය සහ වර්තමාන අර්බුදය

ජනපතිට බලය අතහැරීමට කරන බලකිරීම එන්න එන්නටම තියුණු වන මොහොතක මසිතෙහි පැනයක් නැඟේ: කොතරම් බලසම්පන්න වුවත්, මෙවැනි ආකාරයේ සමාජ-ආර්ථික අර්බුදයකට රටක් ඇද දැමීම ආණ්ඩුවකට තනිව කළ හැකිද? මෙවැනි ප්‍රපාතයකට රට ඇද වැටෙන තුරු ආණ්ඩුකරණය තුළ හා ඉන් පරිබාහිර අනෙකුත් ආයතන, පුද්ගලයින්, යාන්ත්‍රණ කුමක් කළේද?

වත්මන් අර්බුදයට යෝග්‍ය ආකාරයේ අධ්‍යාපනයක් …

එදත් අදත් අප අයත් වූ අධ්‍යාපන ක්‍රමය පරිවර්තනීය එකක් නොවේ. කොවිඩ්19 කාල සීමාවේ අගුලු දැමීමට විසඳුම වූයේ මාර්ගගත ක්‍රමයට මාරුවීමයි. එහිදී ප්‍රවේශවීමේ ගැටළු, මූල්‍ය හා මානසික සෞඛ්‍ය අරගල හේතුවෙන් අපගේ පන්ති කාමරවලින් අතුරුදහන් වූ සිසුන් පිළිබඳ වැඩි කතිකාවක් නොවීය. අප වටා තිබූ වියවුල කෙසේ වෙතත්, අපි එකම අන්තර්ගතය දිගටම ඉගැන්වීමු.

#GoHomeGota, අරගලය සහ ආඛ්‍යානය

#GoHomeGota ලංකාවේ පශ්චාත් යටත්විජිත ඉතිහාසයේ සන්ධිස්ථානයක් බවට පත්වී ඇත. රජ පෙලපත්වාදී, ඥාති සංග්‍රහයෙන් භරිත රෙජිමයක් බලයෙන් පහ කිරීම සඳහා වීදිබට මහජනතාවට උපහාරයක් ලෙසිනි මවිසින් එය මෙතන යොදාගන්නේ. නමුත් රාජපක්ෂ පොදු සතුරාට එරෙහිව සියලු පුරවැසියන් එකතු වී ඇති මෙවැනි අවස්ථාවක අරගලය තුල භාවිතා වන ආඛ්‍යාන පිළිබඳ විමසිලිමත් වීමද වටී.

කලා පීඨ වල දිශානතිය – ප්රතිපිළිතුරක්

මීට මසකට පමණ පෙර මෙම තීරුවට ලිපියක් ලියමින් මා කියා සිටියේ වත්මන් තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලීන් තුළ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා විෂයන් සඳහා ඇත්තේ ඉතා අඩු ඉඩක් බවයි. රුහුණු විශ්ව විද්යාලයේ උපකුලපතිවරයකුව සිටි මහාචාර්ය සුසිරිත් මෙන්ඩිස් ඊට පිළිතුරක් වශයෙන් ලියූ ලිපියකට අනුව මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා විෂයන් වලින් ලබාදෙන දැනුම වැදගත් වුවත්, මෙම ක්ෂේත්‍ර වලින් සාර්ථක වෘත්තිකයන් බිහි කිරීමට ලංකාවේ විශ්ව විද්‍යාල අසමත් වී ඇත.

සමාජ විද්‍යා අධ්‍යාපනය ‘තුළ’ අර්බුදයක්ද නැතහොත් අර්බුදය සමාජ විද්‍යා අධ්‍යාපනයද?

මෙම ආඛ්‍යානය සමාජ විද්‍යාව ඉගැන්වීමේ සහ ඉගෙනීමේ ප්‍රතිඵල නිර්වචනය කිරීම සහ විශ්ලේෂණය කිරීම වටා ඇති ක්‍රමවේද වල අවිනිශ්චිතබව පිළිබඳ සංකේතයකි. අධ්‍යාපනය පිළිබඳ මහාචාර්යවරයෙකු වන ජෝර්ජ් ස්ටීවන්සන් බ්‍රවුන් ප්‍රකාශ කර ඇත්තේ සමාජ විද්‍යාවේ පරමාර්ථ වන්නේ “ඔවුන් ජීවත් වන ප්‍රජාවට බලපාන සෑම දෙයක් පිළිබඳවම ක්‍රියාකාරී උනන්දුවක් සිසුන් තුළ වර්ධනය කිරීම, මහජන ප්‍රශ්න පිළිබඳව පැහැදිලි චින්තනයක් ඇති කිරීමට ඔවුන් පුහුණු කිරීම සහ ඔවුන්ගේ පරිසරය පිළිබඳ පූර්ණ අධ්‍යයනයකින් අනාගත තත්වයන් සූක්ෂම ලෙස තක්සේරු කිරීමට සහ යහපත් නිගමනවලට එළඹීම වෙනුවෙන් හොඳ විනිශ්චයක් ඇති කිරීම සඳහා ඔවුන්ව සන්නද්ධ කිරීමයි”.

ප්‍රතිඵල-පාදක අධ්‍යාපනයෙන් ‘කාරණයේ හදවත’ට එළඹිය හැකිද?

මෙම ලිපියෙන් අරමුණු කරන්නේ මගේ ශාස්ත්‍රීය පුහුණුව සහ පුද්ගලික අත්දැකීම් ආවර්ජනය කරමින්, ලෝක බැංකුවේ අරමුදල් සහිත ව්‍යාපෘතියක කොටසක් ලෙස දැනට ක්‍රියාත්මක වෙමින් පවතින, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් ප්‍රකාශයට පත් කරන ලද, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල උපාධි අධ්‍යයන වැඩසටහන් සමාලෝචනය සඳහා සකස් කරන ලද අත්පොත්වල “ප්‍රතිඵල-පාදක අධ්‍යාපනය” (OBE) අර්ථ නිරූපණය කර ඇති අයුරු සහ එයට ලබා දී ඇති අවධාරණය ප්‍රශ්න කිරීමයි.

ලාංකේය විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සමාජ විද්‍යාවන් හා මානව ශාස්ත්‍ර අවතක්සේරු කිරීම

2021 වර්ෂයේදී  ලාංකේය විශ්ව විද්‍යාල පද්ධතිය සමාජ විද්‍යාවන් හා මානව ශාස්ත්‍ර වල සිය 100 වැනි සංවත්සරය සනිටුහන් කළේය. මේ සඳහා විශේෂ සම්මන්ත්‍රණයක්ද සංවිධානය කෙරුණු අතර ඒ තුළින් මෙම ක්ෂේත්‍රය සෞඛ්‍යමත්ව පවතින බවට හැඟීමක්ද ලබාදෙන ලදී.

අධ්‍යාපනය සහ විචාරාත්මක චින්තනය යටත්විජිතහරණය කිරීම

යටත්විජිතකරණයට අධ්‍යාපනය දායක වූයේ යම් සේද, යටත්විජිතහරණ ව්‍යාපෘතියටද අධ්‍යාපනය එතරම්ම වැදගත් විණි. උදාහරණයක් ලෙස ඉතිහාසය විෂය පථය තුළ අප නිරන්තරයෙන් උත්සාහ කරන්නේ අතීතය පිළිබඳ නිර්මාණය කර ඇති දැනුම යටත්විජිතහරණය කර විචාරාත්මක විමර්ශනයක් තුළින් අතීතය පිළිබඳ නව දැනුමක් ඇති කිරීමට ය.

උතුරුකරයේ කුලය සහ අධ්‍යාපනය

අසමාන සම්පත් වෙන් කිරීම සහ සංවර්ධනය, සිවිල් යුද්ධය, දිග්ගැස්සුනු මිලිටරිකරණය සහ රාජ්‍යයේ වාර්ගික-ජාතිකවාදය විසින්, උතුර සහ එහි අධ්‍යයන ආයතන පරිධිය බවට පත්කර ඇතිනම්, උතුරේ කුල හා පන්ති පදනම් වූ අසමානතා මෙම පරිධිය තුළ තවත් පරිධීන් නිර්මාණය කරයි. අද ලිපිය අවධානය යොමු කරන්නේ උතුරුකරයේ කුලය මත පදනම් වූ අසමානතාවයන් විසින් නිදහස් අධ්‍යාපනය අසමාන භූමියක් බවට පත් කරන්නේ කෙසේද යන්න වෙතටයි.