අරමුදල් සම්පාදනය සහ සමාන සාධාරණත්වය (equity) පිළිබඳ මූලධර්මය: උසස් අධ්‍යාපනය සඳහා වියදම් කළ යුත්තේ කවුද?
අධ්‍යාපනය, විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය පිළිබඳ ලංකාවේ අද වනවිට පවතින විවාදය ඉතා ව්‍යාකූල එකකි. එක් පසෙකින් ඉදිරිපත්ව ඇති තර්කයක් වන්නේ උසස් අධ්‍යාපනය සඳහා අයදුම් කරන සියල්ලන්ට පහසුකම් සැපයීමේ හැකියාව රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට නොමැති හෙයින් පෞද්ගලික අංශය විසින් එම අවස්ථා පුළුල් කළයුතු බවය. තවත් පසෙකින්, රාජ්‍ය විශ්ව විද්‍යාල වලින් බිහිවන උපාධිධාරීන් සේවා නියුක්තියට නුසුදුසු බැවින් (unemployable) ඔවුන් ලබන අධ්‍යාපනයෙහි ප්‍රවේශයන් සහ විෂය නිර්දේශ වෙනස් කළයුතු බවටද අදහසක් තිබේ. විශේෂයෙන්ම කලා උපාධිධාරීන් අරබයා මේ දෙවැනි තර්කය වඩාත් අදාළ බවට පිළිගැනීමක් ඇත.









