2023 ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව: විෂමතාව විසින් උසස් අධ්‍යාපනය අරක් ගැනීම?
ගෝලීය විෂමතාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. 2024 ජනවාරියේ OXFAM ආයතනය විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව ලොව සුපිරි ධනවතුන් 1% සන්තකයේ එහි වත්කම් වලින් 43% ක් පවතී. වසංගත සමය තුළ ලොව ඉහළම ධනවතුන් පස්දෙනාගේ ධනය දෙගුණයක් වී ඇත්තේ බිලියන පහක ජනතාව තව තවත් දරිද්‍ර වූ සන්දර්භයක් තුළය. ශ්‍රමිකයන්ගේ එන්න එන්නටම අඩුවන වේතන, දැවැන්ත සමාගම් වලට නිතර ලැබෙන බදු සහන හා ඔවුන් විසින් සිදුකරන බදු ගෙවීම් පැහැර හැරීම් මෙන්ම, පොදු සේවා පෞද්ගලීකරණය නිසා මෙවැනි සමාගම් අත තව තවත් ධනය හා බලය සංකේන්ද්‍රණය වන බවත්, එතුළින් ඔවුන් ප්‍රතිපත්ති ක්‍රියාවලිය තුළ තව තවත් බලසම්පන්න වන බවත් OXFAM ආයතනය සිය වාර්තාව තුළින් පෙන්වා දේ.
2023 ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව: විෂමතාව විසින් උසස් අධ්‍යාපනය අරක් ගැනීම? Read More »









