කුප්පි කතා

අධ්‍යාපන අරමුදල් පිළිබඳ මිථ්‍යා

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය යල් පැන ගිය දෙයක් යැයි බොහෝ විට හෙළා දකිනු ලබයි. එහෙත් නිදහස් අධ්‍යාපනය සඳහා වන ඉල්ලුම පහව ගොස් නැත. කලා විෂයන් වැනි “සේවා නියුක්තියට සුදුසුකම් අඩු” යැයි සැලකෙන විෂය ධාරාවල පවා ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ යමින් පවතී. මෙම වැඩිවන ඉල්ලුමට රජය ප්‍රතිචාර දක්වා තිබෙන්නේ රජයේ විශ්වවිද්‍යාල තුළ වැඩි සිසුන් ප්‍රමාණයකට ඉඩ ලබා දීමට ප්‍රතිඥා දීමෙනි.

අධ්‍යාපන විවාදය සඳහා මඟ හෙළිකිරීම

“නිදහස් අධ්‍යාපනය යනු අහසෙහි ඇති යමක් නොවේ. මට එය ස්පර්ශ කළ හැකිය. මට එය විඳිය හැකිය.”
මා අතිමහත් විමතියට පත් කරමින් ලේඛන කුසලතා උගන්වන මූලික පන්තියක සිසුවියක් ඉහත වදන් පෙළ ලියයි. නිදහස් අධ්‍යාපනය පිළිබඳව මෙතරම් සරලව, මෙතරම් හැඟීම් අවදි කරවන සුළු ලෙස සහ මෙතරම් න්‍යායාත්මකව ඉදිරිපත් කරන ලද අදහසක් මට මින් පෙර කිසි දිනෙක හමු වී නැත.