කුප්පි කතා

සාමය සහ සංහිඳියාව උදෙසා අධ්‍යාපනයේ කාර්යභාරය

මේ කුඩා දිවයිනට ඉසිලිය නොහැකි තරම් රුධිරයක් අපි අපේ ජීවිත කාලය තුළ දැක ඇත්තෙමු. දශක තුනක පමණ කාලයක පැවති යුද්ධය, 1971 සහ 88 තරුණ කැරළි දෙකත්, පශ්චාත් යුධ සමයේදී මුස්ලිම් සහ ක්‍රිස්තියානි ප්‍රජාවන්ට වරින් වර එල්ල වූ පහර දීම් සහ ඉතාම ආසන්න අත්දැකීම ලෙස 2019 සිදුවූ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයත් ඒ අතර ප්‍රධාන වෙයි. 

නවකවදයේ උග්‍ර පැතිරීම: මධ්‍යයන්ගේ සිට අන්තයන් දක්වා

තම නවකවද අත්දැකීමේ ලිංගික හිංසන පිළිබඳ ප්‍රසිද්ධියේ විස්තර කළ සිසුවෙකුට සැඟවුණු අභිප්‍රායන් ඇති බවට චෝදනා එල්ල විය. තමන් දුටු නවක වද සිද්ධීන් පිළිබඳ අදහස් දැක්වූ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකාවක් නවකවදය සිදුකරන්නන්ගෙන් පමණක් නොව කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන්ද හිරිහැරයට ලක්විය. නවකවදය නැවැත්වීමට වෙහෙස වූ පීඨ සාමාජිකයෙකු, සිසුන් අතර භේද ඇති කළා යැයි අපකීර්තියට පත්විය. නවකවදය හඳුනා ගැනීමට කොතරම් පෙළඹවීමක් තිබුණද, නවක වදයට දක්වන ප්‍රතිරෝධයට ලැබෙන ප්‍රතිචාර හරහා පෙනී යන්නේ මෙම ගැටලුවේ ඇති සංකීර්ණතා සහ විසඳුම් සෙවීමේ දුෂ්කරතාය.

අධ්‍යාපන අරමුදල් පිළිබඳ මිථ්‍යා

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය යල් පැන ගිය දෙයක් යැයි බොහෝ විට හෙළා දකිනු ලබයි. එහෙත් නිදහස් අධ්‍යාපනය සඳහා වන ඉල්ලුම පහව ගොස් නැත. කලා විෂයන් වැනි “සේවා නියුක්තියට සුදුසුකම් අඩු” යැයි සැලකෙන විෂය ධාරාවල පවා ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ යමින් පවතී. මෙම වැඩිවන ඉල්ලුමට රජය ප්‍රතිචාර දක්වා තිබෙන්නේ රජයේ විශ්වවිද්‍යාල තුළ වැඩි සිසුන් ප්‍රමාණයකට ඉඩ ලබා දීමට ප්‍රතිඥා දීමෙනි.

අධ්‍යාපන විවාදය සඳහා මඟ හෙළිකිරීම

“නිදහස් අධ්‍යාපනය යනු අහසෙහි ඇති යමක් නොවේ. මට එය ස්පර්ශ කළ හැකිය. මට එය විඳිය හැකිය.”
මා අතිමහත් විමතියට පත් කරමින් ලේඛන කුසලතා උගන්වන මූලික පන්තියක සිසුවියක් ඉහත වදන් පෙළ ලියයි. නිදහස් අධ්‍යාපනය පිළිබඳව මෙතරම් සරලව, මෙතරම් හැඟීම් අවදි කරවන සුළු ලෙස සහ මෙතරම් න්‍යායාත්මකව ඉදිරිපත් කරන ලද අදහසක් මට මින් පෙර කිසි දිනෙක හමු වී නැත.